Sunday 3 November 2013

ඇහැටු වැව කන් කබරයා කුමන වනයට

ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශවාසීන් බියපත් කරමින් මිනිමැරුම් කිහිපයක් සිදු කළ කන් කබරයා අල්ලාගෙන කුමන ජාතික වන්‍යෝද්‍යානයට මුදා හැරේ.

ඉකුත් දින කිහිපය තුළ ඇහැටුවැව ප්‍රදේශයේ සැරිසැරූ මෙම තනි අලියා පුද්ගල ඝාතනයක් ද සිදුකර ඇති අතර  ඉන්පසු වනජීවි නිලධාරින්ට සහ ගල්ගමුව පොලිසියට  ගම්වාසීන් විසින් පැමිණිලි කළ පසු කන් කබරයා අල්ලන විශේෂ මෙහෙයුම ආරම්භ කරන ලදී.

ඒ අනුව  වන ජීවි සෞඛ්‍ය හා කළමනාකරණ අධ්‍යක්ෂ තාරක පුසාද්, පණුඩුලගම පශුවෛද්‍ය නිලධාරි චන්දන ජයසිංහ ,ගල්ගමුව අලිපාලන ඒකකයේ අඩවි භාර නිලධාරි අයි.එම්.ජී සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු විසි දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එක්ව දැඩි පරිශ්‍රමයකින් පසු පෙරේදා( 03) මිනීමරු තනිඅලියා අල්ලා ගැනීමට සමත් විය.  තනියාගේ ග්‍රහණයට හසු වීමට ගොස් පණ බේරාගත් දෙදෙනෙක්  අඩි නවයක් පමණ උස කන්වල කබර සහිත වළිගය කොට  කන් කබරයා නිවැරැදිව හඳුනා ගැනීමත් සමඟ ප්‍රදේශවාසීන්ගේ බිය ද පහව ගියේය.  ඇහැටුවැව අලුත්වැව ප්‍රදේශයේ දී  තනි අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමෙන් පසු කුමන ජාතික වන්‍යෝද්‍යානයට මුදා හැරීම  සිදු කළ බැව් ගල්ගමුව අලිපාලන ඒකකයේ අඩවි භාර බිලධාරි අයි.එම්.ජී සෙනෙවිරත්න මහතා පැවසීය
@ සකුන්තලා ජයසිංහ

1 comment:

  1. මම හිතුවේ ගංකබරයා කියලා. අනේ ඌවත් ගිහිං දාපංකො මලේ මූදෙන් එහාපැත්තට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...