Tuesday 19 November 2013

නින්දවුර් උද්ඝෝෂනය පිටුපස වෙනත් අරමුණු රැසක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන කියයි



අම්පාර නින්නදවුර් ප්‍රදේශයේ පැය විසිහතරක කාලයක් තුල පැවැති උද්ඝෝෂනය ගල් මුල් ප්‍රහාරයන් හමුවේ විසුරුවා හැරිමට (19) පොලිස් කැරලි මර්ධන ඒකකයට හැකිවිය.කල්මුණේ සිට අක්කරපත්තු දක්වා ගමන් ගන්නා මාර්ගය අවහිර කර කොන්ක්‍රිට් කැබලි දමා ටයර් ගිනි තබමින් ප්‍රචන්ඩ ලෙස ක්‍රියා කරනු ලැබු උද්ඝෝෂකයින් පිරිස එම ස්ථානයට ගමන් ගන්නා ආරක්ෂක අංශ නිළධාරින්ට සහ පොලිස් නිළධාරින්හට ගල් මුල් ප්‍රහාර එල්ල කරන ලදි .
පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ කිලෝමිටර් අටක් පමණ ප්‍රමාණයක් තුල මෙම ගැටුම්කාරි තත්ත්වය පැවති අතර අක්කරපත්තුව ප්‍රදේශයෙන් නින්දවුර් මාර්ගයට පොලිස් කන්ඩායමක් පැමිණි අතර කල්මුණේ කාර්තිව් මංසදියෙන්ද දෙසියක පමන පොලිස් කැරලි මර්ධන කණ්ඩායමක් පිටත් විය. පාසල් යන වයසේ පිරිමි ළමුන් ඉදිරියෙන් තබා ගනිමින් මෙම උද්ඝෝෂකයින් පොලිසියට පහර දෙන්නට විය.පොලිසිය කැරළි කරුවන් හට අනතුරක් නොවන අකාරයට කදුළු ගැස් පහර පමනක් එල්ල කරමින් ඉදිරියට ගිය අතර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා පොලිසිය වෙත අතුරු මාර්ගයන් වල සැගවෙමින් ගල් මුල්පහර එල්ල කිරිම් දිගින් දිගටම සිදු විය.

පන්සියක පමන පොලිස් නිළධාරින් පිරිසක් මෙම උද්ඝෝෂනය මැඩලිමට එක්ව සිටිහ.බැකේ යන්ත්‍රයක් ආධාරයෙන් විශාල කොන්ක්‍රිට් කොටස් ඉවත් කිරිමට පොලිසියට සිදුවිය.මෙම අවස්ථාවේදි පොලිසිය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කරනු ලැබු පුද්ගලයින් විසි එක් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් හතර දෙනෙකු පාසල් සිසුන් බවට හදුනා ගෙන තිබේ.වයස අවුරුදු දොළහහේ සිට තිහ දක්වා වු තරුණ පිරිස් මෙම උද්ඝෝසනයට එක්ව සිටිහ.
උද්ඝෝෂනය ආරම්භ කරන ලද පලමු දිනයෙදි නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පුජිත් ජයසුන්දර මහතාගෙ මුලිකත්වයෙන් අම්පාර සම්මන්තරේ පොලිස්ථානයෙදි සාකඡ්චාවක් පැවති අතර එම අවස්ථාවට නැගෙනහිර තුන්වන සේනාකයේ අනදෙන නිළධාරි හරේන් පෙරේරා මහතා අම්පාර දිස්ත්‍රික් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ටි. ඉන්ද්‍රන් මහතා අම්පාර පොලිස් අධිකාරි එම්.එච්.කේ.ඩි.මහගෙදර මහතා විශේෂකාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි රංජිත් පෙරේරා මහතා ඇතුළු නිළධාරින් ආරක්ෂක අංශ නියෝජනය කරමින්ද නින්දවුර් ගම්වාසින් වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පයිසාල් කාසිම් මහතා සහ ඉස්ලාම් පල්ලි නියෝජනය කරමින් මව්ලවි වරුන් මෙම අවස්ථාවට එක් විය.එහිදි මෙම ගැටළුවට මුලික වු විශේෂ කාර්ය බළකායේ සෙබළුන් හට යම් නිති විරෝධි කටයුත්තක සිදුව තිබෙනම් ඒ සදහා පරික්ෂනයක් පැවැත් විමට සහ ඒ වෙනුවෙන් නිතිමය විසදුමක් ලබා දිමටත් තිරණය වු අතර නින්දවුර් ගම්වාසින් මාර්ගය අවහිර කර උද්ඝෝෂනය කිරිම නවත්වා සාමකාමිව විසිර යමට සලස්වන බවට මන්ත්‍රි වරයා සහ මව්ලවි වරුන් ප්‍රකාශ කරන ලදි.මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි පයිසාල් කාසිම් මාධ්‍යට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම නින්දවුර් ගම්මානයට පොලිසිය හෝ ආරක්ෂක අංශ රාජකාරි සදහා පැමිනේනෙ නම් මහ පල්ලියෙන් අවසර ලබා ගෙන පැමිණිය යුතු බවයි.සිවිල් අදුමින් ඇරසි තම ගම්මානයට රාජකාරි සදහා පැමිණිම නැවතිය යුතු බවද ඒ මහතා පැවසිය.

මන්ත්‍රි වරයා විසින් සිදු කරන ලද  මෙම ප්‍රකාශයට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා කියා සිටියේ එම ප්‍රකාශය පදනම් විරහිත බවත් ඒ අකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරිමට මන්ත්‍රි වරයා හට කිසිදු අයිතියක් නැති බවත්ය. මෙරට පවතින නීතියට අනුව යම් අපරාධයක් පිළිබද විමර්ශනය කිරිමටත් අපරාධයක් සිදුවන ස්ථානයක් පරික්ෂා කිරිමටත් කිසිවෙකුගේ විමසිමක් අවශ්‍ය නැති බවත් යම් ස්ථිනයක් පරික්ෂා කිරිමේදි සොදිසි වරේන්තුවක් ලබා ගැනිම පමන සැහෙන බවත් මෙරට ආරක්ෂාව සම්භන්දයෙන් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති අංශ ක්‍රියාත්මක කිරිමට කිසිදු පල්ලියකින් හෝ පෞද්ගලික ආයථනයකින් විමිසිමක් සිදු කිරිමට අවශ්‍ය නැති බවය.

ඉදිරි දින කිපය තුල නින්දවුර් ප්‍රදේශයේ ඇති වු මෙම තත්ත්වය පහව යනතුරු ආරක්ෂාව සදහා පොලිස් නිළධාරින් තුන්සියක පමන පිරිසක් සේවයේ යොදවන බවත් විශේෂකාර්ය බළකායේ සෙබළුන් හය දෙනෙකු සම්භන්දයෙන් උද්ඝෝෂනය කරනවට වඩා වෙනත් අරමුණක් යම් පිරිසකට තිබෙන බවත් ඒ සම්භන්දයෙන් පුර්ණ විමර්ශනයක් කිරිමට විශේෂ පොලිස් කණ්ඩායමක යොදවා තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.
උද්ඝෝෂන කරුවන්ට හෝ පොලිස් නිළධාරින් හට කිසිදු අනතුරක් මෙම අවස්ථාවේදි සිදු නොවු අතර උද්ඝෝෂන කරුවන්ගේ ප්‍රහාර හමුවේ පොලිසිය තම රාජකාරිය මැනවින් ඉටුකරණ ලදි.

නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ටි. ඉන්ද්‍රන් මහතා සහ අම්පාර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එච්.කේ.ඩි.මහගෙදර මහත්වරුන්ගේ මෙහෙවිමෙන් පොල්ස් ස්ථානධිපති වරුන් හා නිළධාරින් විසින් මෙම උද්ඝෝෂනය විසුරුවා හරිනා ලදි.




                                                                            @දිගාමඩුල්ල සමුහ චන්දන ලියන ආරච්ච්


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...