Monday 4 November 2013

පොදු රාජ්‍ය මණ්ඩල සම්මේලනය පවත්වන්න ලැබීමත් වාසනාවක්

පොදු රජ්‍ය මණ්ඩල සමුළුව ඔස්ට්‍රේලියාවේ පවත්වා ඒ අය මේ සම්මේලනයෙන් පසුව බිලියන 10ක ආයෝජනයක් ඕස්ට්‍රේලියාවට ලබාගෙන තිබෙනවා.අපේ රටටත් මේ සම්මේලනය පැවැත්වීමෙන් එවැනි ආයෝජනයක් ලැබේවි කියා අපේක්ෂා කරණ බව දකුණු පළාත් අණ්ඩුකාරවර කුමාරි බාලසුරිය මහත්මිය පවසයි.
එතුමිය මේ බව පැවසුවේ යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශය,ජාතික තරුණ සේවා සභාව ,ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය,ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය, එක්ව සංවිධානය කරනු ලබන පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළු වැඩසටහනේ පුර්ව ප්‍රචාරක වැඩ සටහන නොවැම්බර් 01 දින ගාල්ල නගයේ දී පිළිගැනීමට එක්වෙමිනි.



යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භකොට ශ්‍රි ලංකාවේ සෑම නගරයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම පුර්ව ප්‍රචාරක වැඩසටහනේ රථ පෙළහර ගාල්ල නගරයෙන් සමාරම්භ කරමින් ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් පැවසුවේ අපේ රටට විරුද්ධව යම් යම් දේ සිදුවන අවස්ථාවේ ඊට පිළිතුරක් ලෙස මේ පොදු රාජ්‍ය මණ්ඩල සම්මේලනය පවත්වන්න ලැබීමත්,එහි සභාපතිත්වය අපේ රටට ලැබීමත් පිළිබඳව අප සංතෝස විය යුතු බවයි.අද මේ සම්මේලනය නිසා එය ඉතා සාර්ථක වී මුදල් ලබාදී ලබාගත නොහැකි ප්‍රචාරයක් අපට ලැබී ඇති බවද දකුණු පළාත් අණ්ඩුකාර වරිය පැවසීය.
මේ අවස්ථාවට දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු,ග්‍රාමීය කර්මාන්ත, ග්‍රාම සංවර්ධන  අමාත්‍ය යු.ජී.ඩී.ආරියතිලක මැතිතුමා, ගාල්ල වැඩබලන නගරාධිපති කැළුම් සෙනවිරත්න,ගාල්ල මහ දිසාපති රවීන්ද්‍ර හේවාවිතාරණ,අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම,ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී බන්දුල විජේවර්ධන,යන මහත්ම මහත්මීහූ ද එක්ව සිටිහ.
@ ලංකින්ද නානායක්කාර



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...