Monday 18 November 2013

නිවුන් සොයුරන් සිව්දෙනෙක්ගෙන් ලංකාවේ පලමු අයිපෑඞ් සංගීත කණ්ඩායම



ගාල්ලේ රිච්මන්ඞ් විද්යාලයේ වයස අවුරුදු 18 නිවුන් සොයුරන් සිව්දෙනෙක් ලංකාවේ පලමු අයිපෑඞ් සංගීත එලි දක්වා තිබේ. මෙය ලංකාවේ කිසිදු සංගීත භාණ්ඩයක් නොමැතිව සංගීතය සපයන්නා වු නවතම රමවේදයක් බව ඔවුන් පවසයි. මෙම කටයුත්ත නව නිපැයුම් හා සම්බන්ධව සිදු කරන කාර්යක් බව මෙම නිවුන් සහෝදරයින් පවසයි.

සත්සර තනුවේ හඩ මුසුව නින්නාදය වන ආකාරයට මෙම සංගීත හඩ සකස් කර ඇත්තේ නවීන තාක්ෂනය සංගීතය හා මුසු කරමිනි.
ගාල්ල ඉමදු පදිංච් තිලංක සංජුන, විහඟ සංජුන, හේෂාන් කෝසල දේශාන් කෝසල යන නිවුන් දරුවන් සිවුදෙනා මෙ සංගීත කණ්ඩායම නිපදවා ඇත.
ලබන 2014 වර්ෂයේ උසස් පෙල විභාගය සදහා සුදානම් වන මෙම නිවුන් සොහොයුරන් දැනට පාසලේ සහ වෙනත් උත්සව අවස්ථාවන් සදහා මේ ආකාරයට සංගීත ලබා දෙයි.
මේ පිළිබදව අප හා අදහස් දැක් වු කන්ඩායමේ නායක තිවංක සංජුන,
අපි අඵත් දෙයක් කරන්න ඔින තැනක හැම විටම හිටියා. ඒක නිසා තමයි මේ වගේ දෙයකට යොමු වුනේ. මෙය තනිකරම තාක්ෂනය යොදාගෙන සිදු කරන්නක්. මෙහි දී සිදු වන්නේ නවීන මාදිලියේ ඇපල් වැනි ජංගම දුරකතනය අයිපෑඞ් එක ලෙස භාවිතා කරනවා. සදහා අදාල සංගීතය සැපයිය යුතු භාණ්ඩය භාගත කර ගැනීමක් සිදු කර එය අපේ ඇඟිලි වලින් වාදනය කරනවා. සදහා නව සොෆ්ට් වෙයා එකක් යොදා ගන්නවා. මේ ඉතාම අමාරු කාර්යක් වුනා මොකද මෙම ජංගම දුරකතන ඉතාම මිල අධිකයි. මෙය හොදින් සිදුකල හැක්කේ ඇපල් වැනි ජංගම දුරකතනයක් තිබේ නම් පමණයි. නමුත් දැනට අපිට ඇපල් දුරකතන දෙකක් පමණයි තිබෙන්නේ. ඒක නිසා සංගීතය තුල පොඩි වෙනසක් සිදු වෙනවා. නමුත් ඒක නොදැනෙන තරම්. අපි තමයි ලංකාවේ දැනට ඉන්න මේ ආකාරයේ එකම සංගීත කණ්ඩායම. අපට මේ සදහා මුල සිටම උපකාරී වුනා අපේ විදුහල්පති .එම්.එස් ඒකනායක මහතා. සහ අපේ විදුහලේ ආදි ශිෂ් සංගමය. අයට ස්තුතියි. අපි මේ දින කිහිපයේ රූපවාහිනී හා ගුවන් විදුලි වැජසටහන් කිහිපයක දී මෙම සංගීතය ලබා දුන්නා. පසුගිය සතියේ ස්වාධීන රූපවාහිනී සේවයේ වෙනස වැඩ සටහනට සහභාගී වුනා. අපි මේ කණ්ඩායම තවත් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි බදවා ගන්නේ නිවුන් නු විතරයි. මෙම සංගීතය ගැන උනන්දු එහෙම අය ඉන්නවා නම් අපි සමඟ සම්බන්ධ වන්න කියා අපි ඉල්ලා සිටිනවා. නමුත් මේක හුදෙක් ආර්ථිකමය කාර්යක් නොවේ.
තිලංක සංජුන, විහඟ සංජුන යන දරුවන්ගේ තවත් නව නිර්මානයක් මේ දිනවල ඔවුන් රියාත්මක කරමින් සිටී. ඒසේම රදේශයේ පන්සල් කිහිපයක වෙබ් අඩවි නිර්මානය මොවුන් අතින් සිදු කර තිබේ.

තිලංක සංජුන, විහඟ සංජුන යන දරුවන්ගේ පියා මෙලොව හැරගොස් ඇති අතර ඉමදු සෞඛ් මධ්යස්ථානයේ සේවය කරන තම මව තමන්ගේ මෙම සියඵ හැකියාවන් සදහා උපරිම උත්සාහයෙන් කටයුතු කරන බව ඔවුන් පවසයි.
මොවුන්ගේ උත්සාහය සුඵ පටු නොවෙයි. තාක්ෂනය දිනෙන් දින දියුණු වන ලෝකයේ ලෝකය සමඟ ඉදිරියට යන මෙවැනි දරුවන්ට සැබවින්ම අත හිත දිය යුතුය.
නමුත් තවමත් මෙම නව නිපැයුම් කරමින් අඵත් දේ සොයන මොවුන්ට එසේ උපකාරයක් ලැබී නොමැති තරම්ය. ඔවුන්ගේ මවගේ රජයේ වැටුපෙන් අදාල සියඵ දේ ලබා ගන්නා බව ඔවුන් පවසයි. මෙවැනි දරුවන් රටට ආඩම්බරයක් වනු නොවනු මානය. මෙවැනි දරුවන් රැක බලා ගැනීම අනාගතයට මහඟු ආදර්ශයකි.  
@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...