Saturday 9 November 2013

එක්සත් ජාතික පක්ශයේ නායකත්ව මණ්ඩලයට බොයිලර් කුකුලෙකුගේ ආයු කාලයවත් නෑ. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා


එක්සත් ජාතික පක්ශයේ නායකත්ව මණ්ඩලයට බොයිලර් කුකුලෙකුගේ ආයු කාලයවත් නෑ. යැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ හබරාදුව ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ දිවි නැගුම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සදහා ස්වයං රැකියා ආරම්භ කිරීම සදහා උපකරණ හා ප්රතිලාභ ලබා උත්සවයකට සහභාගී වෙමිනි. ඒ මහතා මෙසේ ද පැවසීය,
එල්ටීටී හිටපු දෙවැනියත් අපේ රජයේ ඉන්නවා.ජේවීපී එකේ දෙවැනියත් අපේ රජයේ ඉන්නවා. හෙල උරුමයත් ඉන්නවා , මුස්ලිම් කොන්රස් එකත් ඉන්නවා. ජනධිපතිතුමා දන්නවා රෑට නෝනත් එක්ක කතා කරන එකත් ඡන්දේ දවසට ඡන්ද  පෙට්ටියත් එක්ක කතා කරන එකත් තේරුම් ගෙන අපේ පක්ශය සහ රට ශක්තිමත් කරනවා. එහෙම කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා කැපුවත් කොල කියන පාක්ශිකයෝ ටිකත් එලවලා දානවා. දවසින් දවස පක්ශය ශක්තිමත් කරන්න යෝජනා ගේනවා හැබැයි ඒවා බ්‍රොයිලර් කුකුල් පැටව් වගේ. අවසානයේ කොහොම හරි එතුමාගේ යෝජනා ටික සම්මත වෙලා එතුමා ශක්තිමත් වෙනවා. එක්සත් ජාතික පක්ශයේ නායකත්ව මණ්ඩලයට බොයිලර් කුකුලෙකුගේ ආයු කාලයවත් නෑ.
අද හැමෝගෙම කටේ තියෙන්නේ චෝගම් ඉස්සර රනිල් මහත්තයා මිනිස්සුන්ගේ කටට දැම්මා චුයින්ගම්. ඒ වුයින්ගම් වගේම එතුමත් දියවෙලා යනවා.
අපි අදටත් පිටරටකට ගිහාම නායකයින් අහන්නේ සිරිමාවෝ බණ්ඩාර නායක මහත්මියගේ රටෙන් නේද කියලා. එහෙම වුනේ නොබැදි ජාතීන්ගේ සමුඵව නිසා. ඉදිරියට පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුඵව තිබුනාම ඒක ඉදිරි පරපුරට අභිමානයක් වෙනවා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය සමුඵවටත් ආඩම්බරයක් අවරුදු 45 පමණ ඡන්දෙන් ආපු නායකයෙක් තමන්ගේ නායකයා වීම ගැන.
ලංකාවේ අද පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ සහ ප්‍රාෙද්ශිය සභාවේ හැර අනික් සියඵ තැනම ප්‍රධාන පුටු වල ඉන්නේ කාන්තාවන් දැන් වන විට ගුවන් නියමුවන් ද කාන්තාවන් සිටිනවා. මේක හොද ප්‍රවනතාවයක්. මේ විධියට ඉදිරියට ගිහාම තව දශකයක් දෙකක් විතර යන කොට රටේ ඇති කරන්න වෙයි පිරිමින්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සදහා පිරිමින් සදහා අමාත්‍යංශයක් සහ පිරිමි කාර්යංශය කියලා එකක් හදන්න සිදුවේවි. ඒවගේම කාන්තාවන් අම්මා කියන මිල කල නොහැකි කාර්ය භාරය ඉටු කරන අතරේ මේ වෘර්තිකයන් වීම අපි අගය කල යුතුයි. මම නිළධාරීන්ගේ හොද කියනවා වගේම නරක කියන්නත් පැකිලෙන්නේ නෑ. එහෙම නැතිව මේ වැඩ කරන්න බෑ. දේශපාලඥයින් අන්දන්න හදන නිළධාරීනුත් අද ඉන්නවා. වැඩක් කිව්වාම හරි සර් හා සර් හොදයි කියලා කියනවා. පස්සේ වැඩේ කෙරෙන්නේ නෑ. අපිත් එක්ක ඒ වැඩ කරන්න බැරි වුනා ඒක නිසා තමයි මේ රජය මේ තරම් ශක්තිමත්.
මේ හබරාදුව පාර හදන්න  කියලා මම හැමදාම කියනවා. නමුත් රජයේ හැම නිලධාරියාම එක වගේ නෑ. සමහර රාජ්‍ය නිළදාරීන් නිදි. සමහර අය නිදිපෙති ගහලා නිදි. මේ අය එක්ක මේ ගමන යනකොට බැනුම් අහන්න වෙන්නේ අපිට.
 මෙහිදි අඩු ආදායම්ලාභි පවුල් 63 ක් සදහා කිකිළි පැටවුන් ලබා දීම හා උමිබලකඩ නිශ්පාදනය කරන පවුල් කිහිපයක් සදහා සදහා අවශ් උපකරණ කටිටල ලබා දීම හා ස්වයං රැකියා අධාර ලබා දීමද සිදුවිය

උපාධිධාරි අභ්යාසලාභින් රාජ් සේවය සදහා බදවා ගැනීමේ වැඩසටහන යටතේ ස්ථිර පත්වීම් ලැබු උපාධිධාරින් 43 සදහා ස්ථිර පත්වීමි ලබා දීමද මෙහිදි සිදුවිය.

පළාත් සභා මන්ති ජේ කේඩී ජයව්ත්රම ජී සී පියසිරි මැතිතුමන්ලා ඇතුඵ විශාල පිරිසක් මේ සදහා සහභාගි විය
@ ලන්කින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...