Sunday 17 November 2013

සචින් ට ඉන්දියාවෙන් ඉහළම ගරු නාමයක්



ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ඉන්දියාවේ සිවිල් පුරවැසියෙකුට හිමිවන ඉහළම ගෞරව නාමය වන භාරත් රත්න නාමයෙන් පිදුම් ලබයි. අගමැති මනමෝහන් සින් එරට ජනාධිපතිවරයාට කල නිර්දේශ අනුව මෙම ගෞරව නාමය ඔහුට පිරිනැමේ.
සචින් තෙන්ඩුල්කාර්  වසර 24 ක් පුරා ජාත්‍යන්තර ක්‍රිකට් තරග 664 කට සහභාගී වී ශතක සියයක් ලබා ඇත.
භාරත් රත්න ගරු නාමයෙන් පිදුම් ලබන පළමු ක්‍රීඩකයා මෙන්ම ලබාලම ඉන්දීය පුරවැසියා වීමේ ගෞරවයද සචින් තෙන්ඩුල්කාර් ලබා ඇත. ඔහුගේ වර්තමාන වයස අවුරුදු 40 කි.
තෙරේසා මව්තුමිය, ඉන්දියාවේ පළමු අගමැති ජවහල්ලාර් නේරු , හිටපු නායකයන් වන අගමැතිනි ඉන්දිරා ගාන්ධි , අගමැති රජීව් ගාන්ධි  හා දකුණු අප්‍රිකා ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා යන මහත්ම මහත්මීන් භාරත් රත්න නාමයෙන් පිදුම් ලබා ඇත.
2014 ජනවාරි 26 ට යෙදෙන ඉන්දීය ජාතික දිනයේදී රාජ්‍ය ගෞරව සහිතව භාරත් රත්න නාමය සචින් තෙන්ඩුල්කාර් වෙත පිරිනැමීමට නියමිතයි.
කුමාරසිරි ප්‍රසද්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...