Thursday 26 June 2014

ඉමදුව බටේමුල්ල මහා විද්‍යාලයේ ලිංගික අල්ලස් කතාව බොරුවක් ද ?

ඉමදුව බටේමුල්ල මහා විද්‍යාලයේ ලිංගික අල්ලස් කතාව බොරුවක් බව එම විද්‍යාලයේ කළමනාකරණ කමිටුව තීරණය කරයි. ඉමදුව බටේමුල්ල මහා විද්‍යාලයේ සිසුවියක ඇතුලත් කර ගැනීමට යාමේ දී ලිංගික අල්ලසක් ලබා ගත්තා යැයි ඉමදුව ප්‍රාදේශීය සභාව තුල ප්‍රකාශ වු ප්‍රකාශය බොරුවක් මත සිදු වු කටකතාවක් පමණක් බව 27 දින රැස් වු එම විද්‍යාලයේ කළමනාකාර කමිටුව විසින් තීරණය කරන ලදී. මාධ්‍ය වල පල වු ඇතැම් කරුණු සම්බන්ධයෙන් අදාල කළමනාකරණ කමිටුව අද රැස් වු අතර එය මාධ්‍යයට ද විවෘර්ත කර තිබිණි.
එහි දී බොහෝ ගුරුවරුන් හා අංශ ප්‍රධානීන් පවසා සිටියේ අදාල කරුණ සම්බන්ධව පැති කිහිපයකින් සොයා බැලු බවත් එහෙම සිද්ධියක් සිදු වු බවට සාක්ෂි නොමැති බවත් විද්‍යාලය අපකීර්තියට ලක් කිරීම සදහා මෙය සිදු කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මෙහි දී අදහස් දැක් වු විද්‍යාලයේ විදුහල්පතිනිය එච්.වයි. සුමිත්‍රා මහත්මිය මෙසේ පැවසීය,  මේ ප්‍රාදේශීය සභාවේ ඉන්න අයට ඕන මාව මේ පාසලෙන් යවා ගන්න. ඒකට මේ එක එක දේවල් හොයලා මඩ ගහනවා. පාසලේ විනය ඉතාම හොදින් පවත්වාගෙන යනවා. මේ කොට්ටාශය තුල තියෙ හොදම ප්‍රථිපල තියෙන පාසල මේක. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවා ඇවිත් අපේ ප්‍රථිපල ගැන ඇගයීමක් කරලා ගියා.
ප්‍රාදේශීය සභාව වගේ වැදගත් තැනක මෙවැනි පැමිණිල්ලක් වත් නැති කට කතාවක් ප්‍රකාශ කිරීම ගැන කණගාටු වෙනවා. ඔය සිද්දියට සම්බන්ද යැයි කියන දරුවගේ තාත්තාගෙනුමත් මම මේ පිළිබදව අහුවා. ඔහු පැවසුවේ මට අවශ්‍ය දරුවාව පාසලට දාගන්න විතරයි කියලා. ඔය කියන දේවල් ඔහු පැවසුවේ නෑ. අද පාසලේ ළමයි නිළ ඇදුම පවා ඉතා හොදින් ඇදගෙන විනයවත්ව එනවා. මේ ගැන තියෙන ඉරිසියාවට තමයි මෙහෙම දෙයක් කලේ. මට තව අවුරුදු දෙකක් සේවය කරන්න තියෙනවා. මම ඒ සේවය අවස්න් කරන්නේ නැතිව යන්නේ නෑ. අපි රාජ්‍ය සේවකයෝ අපිටත් ආත්ම ගෞරවයක් තියෙනවා. මම රාජ්‍ය සේවා කොමිසමෙන් නිර්දේශ වෙලා ආපු විදුහල්පතිනියක්. මෙහෙම ප්‍රා දේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ නිකුත් කිරීමේ දී ඒ ගැන සොයා බලා ප්‍රකාශ නිකුත් කිරන්නේ නම් හොදයි.
ඒ අනුව විද්‍යාලයේ කළමනාකරණ කමිටුව තීරණය කලේ අදාල ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බවත් එවැනි දෙයක් පාසල තුල සිදු නොවී ඇති බවත්ය. ඒ අනුව මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රා දේශීය සභාවට හා ඉමදුව සම්බන්ධීකරණ කමිටුවට ලිපියක් මඟින් දැනුම් දෙන බවයි.
@ ලංකින්ද නානායක්කාර 


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...