Sunday 3 November 2013

ටි 56 උණ්ඩ යොදන ගල් කටස් එකක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගල් කටස් තුවක්කුවක් සහ ගංජා සමඟ දෙදෙනකු අතුඅඩංගුවට ගැනේ.
 
මීගලෑව පොලීසිය මගින් ඊයේ(3) සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසු ට්‍රේල් බයිසිකලයකින් ගමන් කරමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් ට හැකි වී තිබේ.සිද්ධියේ ප්‍රධාන සැකකරු මීට පෙර යුද හමුදාවේ සේවය කළ අයකු වන අතර කුඩා ප්‍රමාණයේ ගල් කටස් තුවක්කුව පාදයේ බැඳගෙන සඟවා ගෙන සිටියදී පොලිස් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. එමෙන්ම සැකකරුවන් ළඟ තිබී ගංජා පැකට් හතරක් ද සොයා ගැණිනි.

සිද්ධිය සම්බන්ධයෙන් දිනමිණට අදහස් දැක්වු මීගලෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.පී ගණසේකර මහතා සැකකරුවන් ළඟ තිබී සොයා ගන්නා ලද ගල් කටස් තුවක්කුව ටී. පනස්හය වර්ගයේ උණ්ඩ භාවිත කළ හැකි එකක් බවත් තමාට මරණ තර්ජන ඇති බැවින් එය සන්තකයේ තබා ගත් බව ප්‍රශ්න කිරීම්වලදී සැකකරු කී බවත් පැවසී ය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන්ගෙන් එක් අයෙක් කොන්ත්‍රාත් වැඩපොළක සේවය කරන අතර නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි අයෙකි. අනෙක් තැනත්තා මීගලෑව යාය 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

සැකකරුවන් ගල්ගමුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගලෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
@ සකුන්තලා ජයසිංහ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...