Tuesday 28 October 2014

ඉමදුව ප්‍රාදේශීය සභාව යුරෝපා කොටි තහනමට එරෙහි වෙයි.

යුරෝපා සංගමය මඟින් අධිකරණ තීන්දුවක් ලෙස කොටි තහනම ඉවත් කිරීමට විරුද්දව යෝජනාවක් 28 දින පැවති ඉමදුව ප්‍රාදේශීය සභාව මඟින් සම්මත කරන ලදී.
මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් අදහස් දැක් වු ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපති උදාන කුසුම්සිරි මහතා මෙසේ පැවසීය,
අද රට තුල ව්‍යාකූල තත්වයක් ඇති කිරීම අරමුණු කරගෙන සිදු කරණ ලද ක්‍රියාදාමයක් මෙය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපි මේ සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කල යුතුයි. එසේ ප්‍රකාශ කර සභාව ලෙස අපේ විරුද්ධත්වය මේ සදහා පල කල යුතුයි. එසේම ලංකාවේ සියළු පළාත් පාලන ආයතන වලට ද මේ සදහා එකතු වන ලෙස මම ආරාධනා කරනවා.
එසේ සිදු කර මේ සදහා විශාල ජන මතයක් සාදා රටක් ලෙස අපි මෙයට මුහුණ දිය යුතුයි. පසුගිය කාලවල අප ජීවත් වු අයුරු කාට හෝ අමතක නම් මේ වන විට ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන රටවල තත්වය ගැන සොයා බලන ලෙස ද ඒ මහතා මෙහි දී පැවසීය.
මෙම යෝජනාව ඉමදුව ප්‍රා දේශීය සභා මන්ත්‍රී රත්නසිරි කොරලගේ මහතා විසින් ස්ථිර කරන ලද අතර ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනා මෙයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
විපක්ෂ නායක සහ එජප මන්ත්‍රී තිලක් අමරදිවාරකර මහතා මෙම යෝජනාවට විපක්ෂව කටයුතු කරනමින් මෙසේ පැවසීය,
ශ්‍රී ලංකා රජය ලෙස මෙයට මැදිහත් වු ආකාරය ගැන අපේ විරුද්ධත්වයක් තියෙනවා.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු උප සභාපති උදාන කුසුම්සිරි මහතා ප්‍රකාශ කර සිටියේ එජාපය කිසිම අවස්ථාවක රටේ පැත්තේ සිටි පක්ෂයක් නොවන නිසා මෙම තීරණය ගැන ද අමුතුවෙන් පුදුමයට පත්විය යුතු නැති බවත් මේ කොටි තහනම ඉවත් කිරීම පසුපස එජාපය සිටිනවා යන්නට මෙය හොද උදාහරණයක් බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Monday 20 October 2014

දිවි නැඟුම හයවන අදියර රටපුරා ඇරඹේ

@ ලංකින්ද නානායක්කාර
දිවි නැඟුම හයවන අදියර 20 දින දිවයින පුරා ග්‍රාමසේවා වසම් 14022 ක දී ආරම්භ කරන ලදී.
ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක් යන්න තේමාව කර ගනිමින් පවුල් ඒකක තුල ආර්ථිකය සහ පොෂණය වැඩි දියුණු කිරීමේ අපේක්ෂාවෙන් රය පුරා ආරම්භ වු මෙම වැඩ සටහට සමගාමීවඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල විසින් සංවිධානය කරන ලද ගාල්ල දිස්ත්‍රික්කයේ පැල බෙදා දීම සහ පැල සිටුවීම මෙන්ම ජීවනෝපාය සදහා කිකිළි පැටවුන් බෙදා දීම නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව හොරදුගොඩ දී පැවිත්විණි.
මෙම අවස්ථාව සදහා දකුණු පළාත් සභා මන්ත්‍රී ඒ.ජී.සී පියසිරි මහතා, ඉමදුව ප්‍රා දේශීය සභා සභාපති, උපසභාපති, ඉමදුව ප්‍රා දේශීය ලේක්ම් ලක්ෂ්මී කාන්තී යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.

මීට සමගාමීවම බටපොල දී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතාගෙන් ප්‍රධානත්වයෙන් දිවි නැඟුම වැඩ සටහන ආරම්භ විය, මෙහි දී අදහස් දැක් වු ප්‍රධාන අමාත්‍යවරයා,

දිවි නැඟුම යණු මිනිසුන් ඇට මස් නහර දක්වා කා වැදුණු වැඩ සටහනක් බවට දැන් පත්ව තිබෙනවා.
ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක් මෙය අද තේමාව ඒ තේමාව යථාර්ථයක් බවට පත්වෙමින් තිබෙන අවස්ථාවක අද දිවි නැගුම හයවන අදියර ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙය ආරම්භයට ප්‍රථමයෙන් කෘෂිකාර්මික නොවන ජනතාවගෙන් මේ කෘෂිකාර්මික කටයුතු ඈත් වෙමින් තිබුනා. කුඹුරු ගොවි බිමි ගොඩකර රාජ්‍ය ප්‍රතිපත්ති තිබු යුගයක් අවසන් කර මේ රජය අද තට්ටු නිවාසයක සිටින ජනතාව පවා කිසියම් කෘෂිකාර්මික වැඩකට අතගසා තිබෙන තත්වයක් දක්වා රට ගෙන ඒමට හැකිවුනා.
රටක් ස්වයං පොෂිත වීමට නිවස ස්වයං පොෂිත විය යුතුමයි. ඒ සදහා අපි මේ වැඩ සටහන ලෝකයට පවා ආදර්ශයක් දෙමින් ආරම්භ කරා. අද ඇමරිකාණු ජනාධිපති ආර්ය පවා මේ ආකාරයෙන් තම ගෙවත්තෙහි කෘෂිකාර්මික බෝග වැවීම සදහා යොමු වී ඇති බවට විදේශ මාධ්‍ය පසුගිය දා වාර්තා කලා. එහෙම බැලුවහම එහේ මේ වැඩ පටන් ගෙන තිබෙන්නෙත් අපෙන් ඉගෙන ගෙන වගේ.
එසේම අපේ රටෙත් බොහෝ විශ්‍රාමිකයින් පවා අද මේ කෘෂිකර්මාන්තයට යොමු වී තිබෙනවා. මෙය තමයි අද ඇති වී තිබෙන වෙනස. මේ වෙනස සිදු කිරීමේ දී මුලින් බොහෝ දෙනෙක් විරුද්ධ වුනා පැළ පැලවෙන්නේ නෑ කිව්වා, වැඩක් නෑ කිව්වා මේවා සල්ලි කන වැඩ කිව්වා, කඩෙන් ගෙනල්ලා කන එක මීට ලාභයි කිව්වා මෙහමෙ කියපු හැම කෙනොම අද මේ වගාවන් වලට යොමු වෙලා. රාජ්‍ය ආයතන පෞද්ගලක ආයතන පවා අද තම ගෙවත්තේ පිට රට මලපැල වෙනුවට එලවළු පැල ඉන්දන්න පුරුදු වෙලා.
වෙනදා ගෙවත්තක අලංකාරයට ඉන්දන වෙනත් මල් වර්ග වෙනුවට අද එලවළු පැල වලින් ගෙවතු අලංකරණය වී තිබෙනවා. ලෝක ආහාර අර්බුදය රටක් ලෙස ජයගැනීමට ආරම්භ කර දිවි නැඟුම අද ජනතාවගේ වැඩ සටහනක් ලෙස මිනිසුන් වැලදගෙන තිබෙනවා. මේ හේතුවෙන් අපිට ඇති වු ගංවතුර, නියඟයන් වලදී පවා එලවළු මිල තරමක පාලනයක තබා ගැනීමට අපිට හැකියාව ලැබුනා. මමත් අද උදෑසන නිවසින් එන විට දිවිනැඟුම පලමු අදියර වෙනුවෙන් ලබා දුන් පැල අද විශාල ගස් වී ඇති අයුරුත් එයින් ජනතාව ළුලදාව ලබා ගන්නා අයුරුත් දුටුවා යැයි ද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ප්‍රධාන අමාත්‍යවරයා පැල සිටුවා දිවිනැගුම හයවන අදියර ආරම්භ කර අවස්ථාව සදහා ජනතාවට පැල, හා වෙනත් ජීවනෝපාය උපකරණ ලබා දුන් අවස්ථාවයි.

.

Sunday 19 October 2014

අද තියෙන බොහෝ ගීත වලින් ලබන්න පුලුවන් වන්නේ රසවින්දනයක් නොව ෆන් එකක් පමණයි. - කථිකාචාර්ය ශ්‍රාස්ත්‍රපති නිශ්ශංක දිද්දෙණිය මහතා , ප්‍රා දේශීය සාහිත්‍ය කලා මහෝත්සය ඉමදුව

@ ලංකින්ද නානායක්කාර

ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබු ප්‍රා දේශීය සාහිත්‍ය කලා මහෝත්සය පසුගිය 18 දින දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ දී පැවැතිවිණි.
මෙහි ආරාධිත දේශකයා ලෙස කැලණිය හා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබද බාහිර කථිකාචාර්ය ශ්‍රාස්ත්‍රපති නිශ්ශංක දිද්දෙණිය මහතා සහභාගී විය.
මෙහි දී අදහස් දැක් වු නිශ්ශංක දිද්දෙණිය මහතා මෙසේ පැවසීය,
අද තියෙන බොහෝ ගීත වලින් ලබන්න පුලුවන් වන්නේ රසවින්දනයක් නොව ෆන් එකක් පමණයි. සමහර ගීත වල එක වචනයකට තව චවනයක් ගැලපෙන්නේ නෑ. බෙහෝ දරුවන් හය හත වසරේ ඉන්න විට පෙන්නන්න බැරිම ගායකයා වන්නේ අමරදේව මහත්තයායි. මටත් එහෙම තත්වයක් තැබුනා. නමුත් කාලයාගේ ඇවෑමෙන් එය නිවැරදි වෙනවා.

මෙහි දී අදහස් දැක් වු ඉමදුව ප්‍රා දේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මහත්මිය,
අද තියෙන තරඟකාරී රටාව නිසා දරුවන් පුරුදු පුහුණු වී සිටින්නේ තම විෂයානුබද්ද පොත පත පමණක් භාවිතා කිරීමට පමණයි. පුවත්පත වුනත් උදෑන රූපවාහිණියෙන් නරඹනවා ඇරෙන්න පුවත් පතක ඇති වටිනා ලිපි කියවීමට උනන්දුවක් දක්වන්නේ නෑ. මෙවැනි තත්වයක් තුල රජය විසින් මෙසේ සාහිත්‍ය මාසයක් නම් කිරීම ගොඩක් වටිනවා. අඩුම වශයෙන් එම මාසය තුලවත් මෙවැනි දේශණ හා සාහිත්‍යට අදාල දේවල් කරන්නට ලැබීම නිසා දරුවන්ගේ සාහිත්‍ය දැනුම වැඩි දියණු කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

වගා බිමක දිවි ගෙවන අවරගිර ගුරු තරුව


@ ලංකින්ද නානායක්කාර

"දිවි නැඟුම මිනිසුන්ගේ දිවි වෙනස් කරන වැඩ සටහනක් වේවි", මෙහෙම කිව්වේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතිවරයා දිවි නැඟුම වැඩ සටහන පටන් ගන්න අවස්ථාවේ ඒ අදින් වසර කිහිපයකට පෙර. එවදන් අද බොහෝ විට සපථ වෙලා. පොඩි පොඩි බිම් කඩක් පවා හිමි  සෑම තරාතිරමකම පුද්ගලයලයෙකු පවා මේ වැඩ සටහනට අද වන විට සම්බන්ධ වී අවසන්.
එවන් මිනිසෙකු ගැන අපුරු කතාපුවතකි මේ, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වශයෙන් තම රාජ්‍ය සේවය අවසන් කර සුනිල් ජයවර්ධන මහතා ගාල්ල ඉමදුව හොරදුගොඩ පදිංචි කරුවෙකි.
මම රාජ්‍ය සේවයට අයුබෝවන් කී කාලයේ ම තමයි දිවි නැඟුම වැසටහන ආරම්භ කරන කාලය. ඒ අවස්ථවේ ම කෘෂිකර්ම උපදේශක මහතුන් වන කුමාර කොඩිතුවක්කු සහ අරුණ පියරිසි මහත්වරුන් දිවි නැඟුම වැඩ සටහන පිළිබදව මට දීර්ෂ විස්තරයක් ලබා දුන්නා. ඒ අනුව මම මේ වැඩේට අත ගැහුවා. මෙහෙම කියන්නේ අද වගා බිමක දිවි ගෙවන අවරගිර ගුරු තරුවක් වන සුනිල් ජයවර්ධන මහතායි. තම වගාව පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වන ඒ මහතා,
ප්‍රාදේශීය ලේකම් තුමියනි, මේ වල්ලාපට්ටා

මම දැනට බඩ ඉරිඟු, මිරිස්, ඉඟුරු , අමුමිරිස් වගේම වෙනත් ආර්ථික බෝග කිහිපයක්ම වවල තියෙනවා. පසුගිය කාලය තුල අමුමිරිස් රුපියල් 900 ක මිලක් වෙන කොට මගේ ලඟ ඕනෑ තරම් අමුමිරිස් තිබුනා. බොහෝ දෙනා ඇවිල්ලා මගෙන් ඒ දවල් වල අමුමිරිස් ගත්තා.
ඒ වගේම දැන් ලංකාව තුල ඉහල මිලක් තියෙනවා කියන වල්ලාපට්ට වගාවකුත් මගේ ගෙවත්තේ වෙනම පැත්තක තියෙනවා. ඒක නම් තවම තියෙන්නේ මුලික අවධියේ. අනිත් සියළු වගාවන් අදායම් ලැබිය හැකි මට්ටමක තියෙනවා.

දැන් මට හිතෙන්නේ තවානක පැල හරියට ප්‍රාථමික අංශයේ දරුවන් වගේ. පෝර උරා ගෙන සුලඟට එහා මෙහා දඟකරණ පැල ලොකු පංති වල ළමයි වගේ. මල් පිපී ළුල දරණ නාබර ගස් අපෙන් ඈත් වෙලා සමාජ ගත වුන දරුවෝ වගේ මම මේ ගහකොළ එක්ක කතා කරනවා. මෙහෙම කියන්නේ මේ ගොවියෙකු වු ගුරු තරුවයි.


මේ සියල්ල සදහා ඉමදුව ප්‍රා දේශීය ලේකම්තුමිය ලක්ෂ්මී කාන්තී මහත්මිය ඇතුළු නිළධාරීන් ලබා දුන් සහය ඉතා වටිනවා. එසේම මෙවර දිවි නැඟුම පැල තවාන් වලින් එකක් මටත් ලැබුනා ඒ අනුව ඔක්තොබර් 20 වෙනිදා මෙවර දිවි නැඟුම ජාතික උත්සවයට සමගාමීව පැවැත්වෙන ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ප්‍රා දේශීය උත්සවය පැවැත් වෙන්නේ මගේ නිවසේ ඒ සදහා පැල බෙදා දීම සදහා මම මේ වන විට පැල හදමින් සිටිනවා.

Related Posts Plugin for WordPress, Blogger...