Tuesday 8 March 2016

කොළඹ කටුනායක ප්‍රධාන මාර්ගය වසා උද්ගෝෂණයක



       සීදුව දව් සමිර විදුහලේ විදුහල්පතිවරයා මාරුකර යවා ඇතැයි කියමින් එම විදුහලේ සිසු සිසුවියන්ගේ මව්වරු පිරිසක් ඊයේ කොළඹ කටුනායක ප්‍රධාන මාර්ගය වසා උද්ගෝෂණයක නිරතවූහ.එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු හතර දෙනෙක් පොලිස් අත් අඩoගුවට ගත් බව පොලීසිය කියයි.

        ලෝක කාන්තා දිනයේ අපි පාරේ යනුවෙන් පවසමින් සීදුව සිට  පෙළපාලියකින්  කටුනායක දක්වා පැමිණි ඔවුහු කටුනායක පිහිටි මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය වට කළහ.
පොලිසිය මැදිහත්ව නියෝජිතයින් හතර දෙනෙක් මීගමුව කලාප අධ්යාපන අධ්‍යක්ෂකවරයා සමග සාකච්ඡාවකට යොමු කල බව පොලීසිය කියයි.

           විනය හේතුන් මත  විදුහල් පතිවරයා පළාත් අධ්යාපනදෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට තීරණය කර ඇති බවත් පරීක්ෂණ වලින් පසුවඔහු නිවරදි කරු බව තීරණය වුවහොත් නැවත විදුහල්පති ලෙස පත්කරන බවට අධ්යාපන අධ්යක්ෂකවරයා ප්‍රකාශ කල බව එම සාකච්ඡාවට සහබාගීවූ ආනන්ද රෝස මහතා  පැවසීය. 
සීදුව දව් සමිර විදුහලේ විනය සකස් කරමින් විදුහල ප්‍රදේශයේ පිළිගැනීමට පත් විදුහලක් බවට පත් කිරීමට විදුහල් පතිවරයා විශාල සේවයක් කල බව උද්ගෝශණයට සහභාගීවූ මවක් පැවසුවාය.මෙම ක්‍රියාදාමය පිටුපස ප්‍රදේශයේ දේශපාලන කාන්තාවක් සිටින බවට සඳහන් පුවරු කාන්තාවෝ ප්‍රදර්ශණය කළහ.

          මාස කීපයකට පෙර  නියෝජ්‍ය ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහභාගීවූ උත්සව අවස්ථාවකදී කටුනායක සීදුව නගර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු විදුහල පිළිබඳව කල ප්‍රකාශයකට එරෙහිව විදුහල්පතිවරයා අදහස් දැක්වූ අතර එම අවස්ථාවේදී දැඩි උණුසුම් තත්වයක් විදුහලතුල ඇතිවූ බව සිසුවියකගේ මවක් පැවසුවාය. එම සිදුවීම පදනම් කර ගනිමින් විදුහල්පතිවරයාට එරෙහිව ප්‍රදේශයේ දේශපාලන හස්තය ක්‍රියාත්මක වන බව දෙමව්පියෝ කියති.
                                         කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ


1 comment:

  1. හොඳ අදහසක් මේ බ්ලොග් අඩවිය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...