Sunday 31 August 2014

ලොක්කගෙන් ගුටි කෑ එකෙක් රෝහලේ


 ගුවන් තොටුපොළ හා සේවා සමාගමේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාගෙන් පහර කෑමට ලක්වූ   ආරක්ෂක නිලධාරියෙකු රාගම රෝහලට ඉකුත් 28 දින ඇතුලත් කර ඇත. කණ්ඩායම් භාර ආරක්ෂක ප්‍රධානී මාෂල් සම්පත් විතාන  මෙසේ රෝහල් ගතව සිටියි. මාෂල් සම්පත් විතාන මහතාගේ නිල කාර්යාලයට  පැමිණි ගුවන් තොටුපොළ ආරක්ෂක ප්‍රධානියාගෙන් යම් රාජකාරී කටයුත්තක් පිළිබදව විමසූ අවස්ථාවේ ඔහුගේ  බෙල්ලෙන් අල්ලා හිසට පහරදී ඇති බව නිදහස් සේවක සoගමයේ සභාපති එම්. ඩබ්. බී මුහන්දිරම් පැවසීය. පහර කෑමට ලක්වූ නිලධාරියා හෘද රෝගියෙකි.



@ කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Friday 29 August 2014

දස ලක්ෂය වන සoචාරකයා



2014 වසරේ මෙරටට පැමිණි දස ලක්ෂය වන සoචාරකයා ඊයේ 28 සවස දිවයිනට පැමිණියේය. දස ලක්ෂය වන සoචාරක යුවල ලෙස බ්‍රිතාන්‍ය ජාතික ජොසුවා ග්ලැඩ්ස්ටේන් හා සොපී නාදන් ශ්‍රී ලoකා සoචාරක ප්‍රවර්ධන කාර්යoශයේ කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර් මහතා ඇතුළු සoචාරක ක්ෂේත්‍රයේ පිරිසක් විසින් ගුවන් තොටුපොළේදී පිළිගන්නා ලදී.

                                                                                 ඡායාරූපය - කුමාරසිරි ප්‍රසද්- ගුවන් තොටුපොළ

Wednesday 27 August 2014

වාරියපොළ නoගී උසාවියට

 තිලිණි අමල්කා (21)නම්වූ තරුණියගෙන් වාරියපොළ නගරයේ දී කම්මුල් පහර කෑ රැකියාව ලෙස පොල් කඩන්නකු හා  එක්දරු පියකු වන සෙල්වා (32) වාරියපොළ රෝහලේ සිට කුරුණෑගල රෝහලට වැඩිදුර ප්‍රතිකාර සදහා එවා ඇත.ඔහුගේ කන් නෑසෙන බව රෝහල් ආරoචි වලි පැවසේ.
 හෝමාගම පෞද්ගලික සමාගමක සේවය කරන  තිලිණි අමල්කා වෛද්‍යවරයකුට යොමු කැර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාරියපොළ පොලිසිය පවසයි.

                                                               @ කුමාරසිරි ප්‍රසාද්

Wednesday 20 August 2014

රජය එක ගමකට එක වැඩක් වැනි සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරමින් සිටය දී විපක්ෂය එක ගමකට එක බොරුවක් බැගින් කියමින් ජනතාව මුලා කරනවා. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි

රජය එක ගමකට එක වැඩක් වැනි සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරමින් සිටය දී විපක්ෂය එක ගමකට එක බොරුවක් බැගින් කියමින් ජනතාව මුලා කරමින් සිටින බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ ඉමදුව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ එක ගමකට එක් වැඩක් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරමින් සහ තවත් ව්‍යාපෘති කිහිපයක් විවෘර්ත කරමින් පැවති රැස්වීමට පසුගිය 15 දින සහභාගී වෙමිනි. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු නියෝජ්‍ය කතානායක වරයා,
රජයේ වැඩ පිළිවෙල ගැන විවේචනය කරන්න බැරි නිසා දැන් මොවුන් කරන්නේ මොකක් හරි බොරුවක් හැමදාම කියමින් සිටින එක. බොහෝ වෙලාවට ඒ කියන බොරු එක ගමකට හෝ එක සතියකට විතරයි. ඊට පස්සේ ඒ කියන දේ ගැන කතාවක් වත් නෑ. ඌව පළාත් සභා මැතිවරණය ආරම්භ කරේම එජාපය පරාජය වෙලා. මැතිවරණ කොමසාරිස් වරයා විසින් නීති ප්‍රකාරව සිදු කරපු ආසන වෙනස් කිරීම සදහා නඩු දැම්මා ඒක පැරදිලා තමයි මේ සටන ආරම්භ කරන්නෙම. ගියවර දකුණු පළාත් සභාව අවස්ථාවේ ගාල්ලෙන් ආසන දෙකක් අඩුවුනා. 2001 විතර මොනරාගලින් ඔය ආසන දෙක අඩුවෙලා බදුල්ලට ගිය ඒ අවස්ථාවල මේ විපක්ෂයේ අය කතා නෑ. ඔවුන් දන්නවා නීතිය මොකක් ද කියලා. දැන් මේ විවේචන නැති වුනාම මොනවා හරි කියලා මාධ්‍යය ඉදිරියේ ප්‍රචාරයක් ගන්න ඕන වුනාම මේ වගේ එක ගමට එක සතියට බොරු කියනවා.
ඊට පස්සේ දැන් කියනවා ඌවේ දුප්පත් කම ගැන 2005 දී ඌව පළාතේ දුප්පත් කම තිබුනේ 33% ක් පසුගිය කාලයේ ඒක 14% ට පමණ අඩුකරන්න අපිට හැකිවුනා. මහ බැංකු වාර්තා සාදන අවස්ථාවේ ඇති වු නියඟය වැනි කාරණා නිසා එහි පොඩි වැඩි වීමක් ඇති වුනා. නමුත් එය මාස දෙක තුනකට පමණක් සීමා වු දෙයක්. ඒක ඌවේ මිනිස්සු දන්නවා. මේ කොළඹ ඉන්න විපක්ෂයේ උදවිය හිතන්නේ එහේ වගේ කාළගුණික හේතු නිසා අදායම විචල්‍ය වෙන්නේ නෑ කියලා. නමුත් මොණරාගල , බදුල්ල වැනි ප්‍ර දේශ වල කාලගුණ විපර්යාස නිසා ආදායම විචල්‍ය වෙනවා. ඒ දේවල් තාවකාලික දේවල්.
අද ඌව පළාතේ 90% වැඩි ප්‍රමාණයක් සදහා විදුලිය ලබා දී තිබෙනවා. වර්තාමාන රජය තරම් ගොවීන් ගේ ප්‍රශ්න දෙස ගොවීන්ගේ පැත්තෙන් බලපු රජයක් ඉතිහාසය තුලම නෑ. ඒක ඌවේ ජනතාව මෙන්ම මේ රටේ ගොවි ජනතාව හොදින් දන්නවා.
බලයේ සිටිය දී ධවල පත්‍රිකාව වැනි අධ්‍යාපනයේ අවමඟුල් චක්‍ර ලේක ගෙනවිත් ගොවි ජනතාවගේ දු පුතුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් නැති කිරීම සදහා පිඹුරු පත් සැකසු එජාපය අද කියන කතා වලින් හොදින්ම තේරෙනවා මේ කියන්නේ බොරු බව.
අද ජනතාව බොහෝ විට ඉල්ලීම් කරන්නේ තමන්ගේ පාර හදලා දෙන්න වැනි ඉල්ලීම්. නමුත් මේ විපක්ෂය කරන්නේම පාරවල් හදන එකට විවේචන. මොක ද ඔවුන් දන්නවා  මාර්ග සෑදීම වැනි යටිතල පහසුකම් දියුණු කිරීම තුලින් දේශපාලනය ගැන ඇල්මක් දක්වන නොදක්වන සෑම කෙනාටම මේ තුලින් සහන සැලසෙන බව. ඒ නිසා ඔවුන් නිරන්තරයෙන්ම රජයට සහය දක්වන නිසා මේ යටිතල පහසුකම් සංවර්ධනය ගැන අද කිඹුල් කදුලු හෙලනවා. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ නම් කොහොමත් කැමති නෑ ගමේ දරුවා ඉගෙනගන්නවා නම්, ගමේ පාර හැදෙනවා නම්, මොක ද එතකොට ගමේ ප්‍රශ්න අඩුවෙනවා. එවිට ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා සදහා ජනතාව සහභාගී වෙන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්න තියෙන ජනතාවක් තියාගෙන සිටීම. එම නිසා තමයි ඔවුන් සෑම විටම ඕනෑම හොද සංවර්ධන වැඩක් සදහා මොකක් හෝ බොරුවක් කියලා ඒක නවත්වන්න හදන්නේ. ඔවුන් නිතරම කලේ දුප්පත් ජනතාවට හතුරුකම් මිසක් පොහොසත් ජනතාවට හතුරු කමක් නොවේ. ඒ කාලේ පුච්චපු තරමක් පිච්චුවේ සාමාන්‍ය මිනිස්සු යන බස්රඨ පමණයි. එක ප්‍රා ඩෝ එකක් වත් මේ පුච්චපු වාහන අතර නෑ.
පසුගිය කාලය තුල ද්විතීක පාසල් වලට මේ ආකාරයේ එක ගමකට එක බොරුවක් වෙන්න කියලා මිනිස්සු උසි ගන්වලා පාරට ගෙනාවා. නමුත් රජය ජනතාවගේ පැත්තේ සිට රජය ඒ දේ කරා. අද එහෙම උසි ගන්වපු මිනිස්සුගේ දරුවන් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර වලින් ඉගෙන ගන්නවා. ඒ පහසුකම් ලබනවා. කිසිලෙසකින් වත් ජාතික හා ජනප්‍රිය පාසල් වලට එන්න බැරි වු පොෂිත පාසල් වල ඉන්න දරුවන් අද සියළු පහසුකම් සහිත පාසල් වලට 6 වසරේ ඉදලා එනවා. අද ඒ ජනතාව තේරුම් ගෙන තිබෙනවා මේ අයගේ මේ බොරු පිළිබදව. දැන් මේ ජනතාව එදා උසිගන්වපු අය ඒ පිළිබදව කිසිම දෙයක් කියන්නේ නෑ.

@ ලංකින්ද නානායක්කාර

අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඵලදායීතා තරඟයේ ලංකාවෙන්ම පස්වන ස්ථානය ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට



@ ලංකින්ද නානායක්කාර

අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඵලදායීතා තරඟයේ ලංකාවෙන්ම පස්වන ස්ථානය දිනාගැනීමට ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් වී ඇත.
ඵලදායීතා ශිල්ප ක්‍රම හා මෙවලම් භාවිතය තුලින් මහජනතාවට ඵලදායී සේවාවක් ඉෂ්ඨ කිරීම සදහා රාජ්‍ය සේවකයින් පෙල ගැස්සීමේ අරමුණින් ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් මෙම තරඟාවලිය වසරක් පාසා පවත්වනු ලබයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඛාන්ඩ ගත කිරීමක් ද සිදු කරනු ලබයි.
අදාල ජයග්‍රහණය පිළිබදව අදහස් දක්වමින් ඉමදුව ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මෙනවිය පැවසුවේ, නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින්  මහජනතාවගේ ප්‍රශ්න සදහා ඉක්මන් විසදුම් ලබා දීම ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අරමුණ බවත්, ඉදිරියටත් ජනතාව සදහා ඵලදායී කාර්යක්ෂම සේවාවක් ලබා දීම තමා ඇතුළු තම කාර්ය මණ්ඩලයේ අරමුණ බවත්ය.
මෙම ඵලදායීතා තරඟයේ ලංකාවෙන්ම පලමු ස්ථානය බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් දිනා ගෙන ඇත.



Monday 18 August 2014

පලස්තීන ජනතාව වෙනුවෙන්



          ජාත්‍යන්තර ප්‍රවාහන සම්මේලනයේ දකුණු ආසියානු කලාපීය විධායක සභික ධූරයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලoකා නිදහස් සේවක සoගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවෙන්ද්‍ර මහතා පෙරේදා 17 දිවයිනට පැමිණියේය.ගුවන් තොටුපොළ නිදහස් සේවක සoගමය ශ්‍රී ලoකන් මිහින් ලoකා  ඇතුළු  නිදහස් සේවක සoගම් වල නියෝජිතයෝ ඔහු පිළිගැනීමට ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.
හතලිස් ලක්ෂයක් පමණ සිටින මෙම සම්මේලනයේ මෙම තනතුර ලැබීම රටට ලැබුණු ගෞරවයක් ලෙසයි මම දකින්නේ ආසියානු කලාපයේ විශේෂයෙන් ඉන්දියාවේ පූර්ණ සහය මෙම තනතුර ලබාගන්න අපට ලැබුණා 
අන්තර් ජාතික ප්‍රවාහන  ක්ෂේත්‍රයේ දියුණුවට ගැටළු විසදා ගැනීමට බොහෝ තීන්දු තීරණ මෙහිදී ගැනුනා 
ඒ වගේම කියන්න ඕන පලස්තීන මිනිස් සoහාරය ට එරෙහිව පැහැදිලි දේශපාලන තීන්දුවක් ගත්තා පලස්තීනයේ කුඩා ළමයි පන්සීයකට වැඩිය නිදාගෙන සිටිත්දීම ඊස්‍රායල ප්‍රහාර වලි මියගොස් තියනවා ඒවා යුධ අපරාද නොවේ ආත්ම ආරක්ෂාවට කලා කියලා තමා ඔවුන් කියන්නේ යැයි ලෙස්ලි දේවෙන්ද්‍ර මහතා ගුවන් තොටුපොළේදී කීය.
ලoකාවේ වැඩ කරන ජනතාව එක් දිනක් හෝ පාරට බැහැලා පලස්තීන ජනතාව වෙනුවෙන් හඬ නැගිය යුතු බවද ඔහු පැවසීය.
ලෝකයේ වැඩ කරන කාන්තාවන්ට මග තොටදී වැඩබිමේදී  සිදුවන හිoසන  වලට එරෙහිව ජාත්‍යන්තර බලවේගයක් ගොඩනැගීම කෙරෙහිද සමුළුවේදී තීන්දු ගත්බව ලෙස්ලි දේවෙන්ද්‍ර මහතා  වැඩිදුරටත් පැවසීය.
ලoකාවේ රාජ්‍ය අoශයේ හා පෞද්ගලික අoශය තුල පිලිලයක් වී ඇති කොන්ත්‍රාත් සේවය පිළිබදව ජාත්‍යන්තර අවධානය යොමුකිරීමට සමුළුව අමතා කල කතාවෙදී තමන්ට හැකිවූ බවත් කිසිදු වරප්‍රසාදයක් නොමැතිව අඩු පඩියකට වැඩකරන  ලාoකික සේවකයින් පිළිබදව මෙහිදී සභාව දැනුවත් කල බවත්  ඔහු  පැවසීය.
ගුවන් නාවුක මාර්ග දුම්රිය ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ  නියෝජිතයින් ගේ සහභාගීත්වයෙන් බල්ගේරියාවේ සොෆියා නගරයේදී ජාත්‍යන්තර ප්‍රවාහන සම්මේලනයේ 43 වන සමුළුව පැවත්විණි.

                                            @  කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ






Thursday 7 August 2014

නෙළුම් මල් පූජාව



රණවිරුවන්ට උපහාර පිණිස පවත්වන  වාර්ෂික නෙළුම් මල් පූජාව  03  දා කටුනායක ශ්‍රී ශෛලබිම්භාරාම පුරාණ විහාරස්ථානයේදී  විහාරාධිපති තම්මිට සිරි අරියවoශ හිමියන්ගේ අනුශාසනා පරිදි පැවත්විණි. විහාරාධිපතිව වැඩවිසූ අපවත්වී වදාල අති පූජ්‍ය බෝලගල සිරිසුමන  නාහිමිපාණන් විසින් මෙම පූජාව වසර  දහතුනකට පෙර ආරම්හ කර ඇත.
ආයෝජන මණ්ඩලය, කලාපයේ ආයතන, ශ්‍රී ලoකන් ගුවන් සමාගම, ගුවන් තොටුපොළ බෞද්ධ සoගමය, කටුනායක සීදුව නගර සබාව , කටාන ප්‍රාදේශීය සභාව ආරක්ෂක අoශ , ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතන මෙම පින්කමට දායකවූහ.
නෙළුම් මල් පූජාව හා ධර්ම දේශණාව ගනේමුල්ල සෙත්සෙවණ සදහම් විහාරාධිපති කිවිපති, කාව්‍යශිරෝමනී, ආචාර්ය, විචිත්‍ර ධර්මදේශක අතිපූජ්‍ය සන්නස්ගම බුද්ධප්‍රිය හිමිපාණන් විසින් පවත්වන ලදි.















                                                                                                      කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Wednesday 6 August 2014

බර උසුලා




           විසිවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගිවී  රිදී පදක්කමක් අතැතිව පැමිණි බර ඉසිලීමේ ශූර සුදේශ් පීරිස් ගුවන් තොටුපොල විශේෂ අමුත්තන්ගේ පර්ජයන්තයේදී ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් පිළිගත් අයුරු.   

                 

                                                                                      ඡායාරූපය - කුමරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Friday 1 August 2014

ආසියානු මට්ටම අභිබවා


කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සත් සාමජික රග්බි තරඟාවලියේ පළහ ශූරතාව දිනූ ශ්‍රී ලOකා කණ්ඩායම පෙරේදා 30 සවස දිවයිනට පැමිණියේය. ට්‍රිනිඩැඩ් හා ටොබැගෝ කණ්ඩායම ලකුණු 43-07 ක් ලෙස පරාජයට පත් කරමින්  ශ්‍රී ලOකාව ශූරතාව දිනා ගත්තේය.

අපේ  කණ්ඩායම ආසියානු මට්ටම අභිබවා ගොස් තිබෙනවා  ඉදිරි අනාගතයේ ලෝක මට්ටමේ තරගවලදී කුසලතා දැක්විය හැකියි.  ලOකා කණ්ඩායමට විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු බඳවා ගතහොත් තවත් ඉදිරියට යා හැකි බව රග්බි සOගමයේ ලේකම් ගෲප් කැප්ටන් නලින් ද සිල්වා මහතා ගුවන් තොටුපොළෙදී  පැවසීය.


Related Posts Plugin for WordPress, Blogger...