Wednesday 20 November 2013

ගින්නෙන් කඩේ සුන්

හොරණ පොලිස් බල ප්‍රදේශයට අයත් පෝරුවේදණ්ඩ,බොරළුගොඩ ප්‍රදේශයේ පිහිටි සිල්ලර බඩු ක‍ඩයක් බදාදා,20 රාත්‍රියේදී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
මේ නිසා සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව කඩහිමියා පවසන අතර, වෙළදසැළ තුළ තිබූ සිල්ලර බඩු සහ දුරකතන පෙරගෙවුම් කාඩ්පත් ආදී සියල්ල සම්පූර්ණයෙන් ගින්නට හසුව පිළිස්සී විනාශ වී ගොස් තිබේ.










දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් මෙම ගිනිතැබීමට හේතුවන්නට ඇතිබවට මෙතෙක් කර ඇති පරීක්ෂණ අනුව සැකකරන අතර, මෙම ගිනි තැබීම පෙට්‍රල් යොදා සිදුකරන්නට ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
හොරණ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්ම කුමාර මහතා ඇතුළු පිරිස විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලැබේ.
@ ප්‍රියදර්ශනී කහවල

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...