Wednesday 10 February 2016

ගාල්ල මහින්ද ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමට ආදි සිසුන් පෙරමුණ ගනී.

@ ලංකින්ද නානායක්කාර 

ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීම සදහා සංවිධානය කර තිබු සෞඛ්‍ය කදවුරක් පසුගිය 07 දින එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ක්‍රීඩා කරණ දරුවන්ගේ නතර සිදුවන අබාධයන්ට අවම කිරීමේ අරමුණික් මහින්ද විද්‍යාලයීය 2002 ආදි ශිෂ්‍ය සංගමය මඟින් මෙම කදවුර සංවිධානය කර තිබුණි. විද්‍යාලයීය විවිධ ක්‍රීඩා අංග සිදුකරණ විශාල ක්‍රීඩකයින් ප්‍රමාණයක් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර මෙහි දී වෛද්‍යවරුන් විසින් අබාධ තත්වයන් ඇති වීමට හේතුව, අබාධ තත්වයන් මඟහරවා ගන්නා ආකාරය හා අබාධ යන්ට ප්‍රතිකාර කිරීම ද සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් , විද්‍යාලයීය විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා ආදි සිසුන්, ක්‍රීඩකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.



ජනපති විවෘර්ත කර ඉමදුව පොළෙහි කුණු කුණු වෙලා

ටී. විතානවසම්

පසුගිය නොවැම්බර් 21 දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘර්ත කරනු ලැබු සියළු පහසුකම් සහිත ඉමදුව මහජන පොළෙහි, කුණු ඉමදුව ප්‍රා දේශීය සභාව මඟින් ඉවත් නොකිරීම නිසා ප්‍ර දේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතන බව වෙලදසැල් හිමියන් පවසයි. පසුගිය 09 අඟහරුවාදා පොළ අවසන් වීමෙන් පසු 11 වන බ්‍රහස්පතින්දා උදෑසන වනවිටත් ඉවත් කර නොතිඹීම නිසා මෙසේ ඉමදුව නගරය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිරී ගොස් ඇති බවත් මත්ස්‍ය වෙලදුන් ඉතිරි මත්ස්‍ය කොටස් එම ස්ථානයේ ම දමා ගොස් ඇති නිසාත් මෙම තත්වය වඩාත් උග්‍ර වී ඇති බවද , දැනුම්දිය යුතු සියළු පාර්ශව වලට මේ වන විට දැනුම් දුන්න ද වගකිව යුත්තන්ගෙන් මේ වන තෙක් කිසිදු පියවරක් ලැබී නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් පවසයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉමදුව ප්‍රා දේශීය සභාවේ ලේකම් එස්.සී. මුදලිගේ මහත්මියගෙන් විමසීමේ දී ඇය මෙසේ පැවසීය,
මේ කුණු දාන්න තැනක් මට නෑ. කලින් කුණු දාපු තැන ඉමදුව සම්බන්ධීකරණ කමිටුවේ තීරණයක් අනුව වලක් කැපුවා කියා මට පොලිසි යන්නත් වුනා. කොහේහරි ගිහින්දාලා ගිනි තියන්න හැදුවොත් ග්‍රාමනිළධාරීන් එයට විරුද්ධ වෙනවා. දැන් කරන්න තියෙන්නේ පොල ටෙන්ඩරය දෙද්දී ඒ ගන්න කෙනාටම කුණු ගෙනියන්න කියන්න වෙන එකයි.

මහජන පොළෙහි කුණු තැනින් තැන දමා ඇති අයුරු

මත්ස්‍ය වෙලදුන් මත්ස්‍ය කොටස් දමා ගොස් ඇති අයුරු.



මත්ස්‍ය කෙටස් නිසා නව මත්ස්‍ය වෙලද සැලේ කාණු පද්දතිය පණුවන්ගෙන් පිරී ඇති අයුරු.

Thursday 4 February 2016

68 වන නිදහස් සැමරුමට ගාල්ල බන්ධනාගාරයේ 20 කට නිදහස

@ ලංකින්ද නානායක්කාර

68 වන නිදහස් සමරුව වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුළු සුළු වැරදි යටතේ සිරගතව සිටි රැදවියන් 20 දෙනෙකු රජය විසින් නිදහස ලබා දෙන ලදී. එම රැදවියන් අතර පිරිමි රැදවියන් 19 දෙනෙකු සහ එක් කාන්තා රැදවියක් නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටත්ව යන ලදී. ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව රැදවියන් ගාල්ල බන්ධනාගාරයෙන් පිටත්ව යන අයුරු ඡායාරූපයෙහි දැක්වේ.


ටිපර් රථය අඩි 45 ක ප්‍රපාතයේ

@ ටී. විතානවසම්

ඉමදුව කනංකේ කුඩකේ ප්‍ර දේශයේ ඉදිවන නව නිවසක් කරා වැලි සහ සිමින්ති රැගෙන එමින් තිබු ටිපර් රථයක් 04 දින උදෑසන 10.30 පමණ එම නිවස ආසන්නයේ අඩි 45 පමණ ප්‍රපාතයකට පෙරලී ඇත. ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කුඩකේ පීල්ල ආසන්නයේ සිදු වු මෙම අනතුරින් තුවාල ලැබු ටිපර් රථයේ රියදුරු ගාල්ල ඉමදුව රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත. අදාල ටිපර් රථය පසුපසට එමින් නිවසේ මාර්ගය ඇතුල් කර අවස්ථාවේ එම මාර්ගයේ කොටස් කැඩී වැලි හා සිමින්ති සමඟින් ම ටිපර් රථය වට 04 ක පමණ ප්‍රමාණයක් පෙරලීමෙන් අනතුරුව මෙසේ තේ වත්තකට වැටී තිබේ. කෙසේ නමුත් අවට තිබු කිසිදු නිවසකට මෙම අනතුරින් හානියක් සිදු වී නොමැති අතර සිද්දිය සම්බන්ධයෙන් කනංකේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායාරූපවලින් දැක්වෙන්නේ ටිපර් රථය පෙරලී ඇති ආකාරයයි.



Wednesday 3 February 2016

අජිත් පෙරේරාට ගාල්ලත් විරුද්ධ වෙයි.....



ටී. විතානවසම්

පසුගිය දා පැවති බන්ඩාරගම ප්‍රා දේශීය සම්බන්ධීකරණ රැසවීමේ දී අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින්  දිවිනැඟුම සංවර්ධන නිළධාරියෙකුට තර්ජන කිරීමට විරෝධය දක්වමින් දිවිනැඟුම සංවර්ධන නිළධාරීන් 02 දින දහවල් ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත විය.
යහපාලන ආණ්ඩුවේ හරක් පැටව් එලි බැහැලා ආණ්ඩුවම වනසන්නට නිළධාරීන්ට බැන වැදිලා, ජනපතිදුනි මේ අහන්න මේ හිරිහැර නවත්වන්න, අජිත් පී ට අපි කියන්නේ තක්කඩි කම් නවත්වන්න, ඇමති අජිත්ගේ ප්‍රකාශය හෙලා දකිමු, යන සටන් පාඨ කියමින් ගාල්ල දිස්ත්‍රික්කයේ දිවිනැඟුම සංවර්ධන නිලධාරීන් මෙසේ උද්ඝෝෂණයේ නිරත විය.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂන  නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර එහි සභාපති කිත්සිරි ගමගේ යන මහත්වරුන් ඇතුළු දිවිනැඟුම සංවර්ධන නිළධාරීන් 500-600 පමණ ප්‍රමාණයක් මෙම උද්ඝෝෂණය සදහා එක්විය.
ඡායාරූපවලින් දැක්වෙන්නේ එම උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයකි.




ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයෙන් රාජ්‍ය සේවකයින්ගේ මනස සුවපත් කරන වැඩසටහනක්

@ ලංකින්ද නානායක්කාර

කාර්යක්ෂම හා ළුලදායී රාජ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් රාජ්‍ය සේවකයන් අතර අනෝන්‍ය සුහදත්වය වර්ධනය කිරීමේ සහ සේවයෙන් විඩාපත් වු මනස සන්සුන් කිරීම සදහා පවත්වනු ලැබු වැඩසටහනක් පසුගිය 29 දින ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ඉමදුව ප්‍රා දේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටනේ දී රාජ්‍ය සේවකයින්ගේ දක්ෂතා එලි දක්වමින් ගීත , කවි, හිටිවන කවි. හා නාට්‍ය වලින් මෙම වැඩ සටහන සමන්විත විය.




 රාජ්‍ය සේවකයින්ගේ ළුලදායීතාවය වැඩිකිරීම සදහා සහ විඩාපත් වු මනස සන්සුන් කිරීම සදහා පවත්වනු ලැබු වැඩ සටහනේ ඡායාරූප කිහිපයක්.

ඉමදුව ප්‍ර දේශීය ලේකම් කාර්යාල සීමාව තුල පැවති රාජ්‍ය ආයතන ක්‍රිකට් තරගාවලියේ ජය ඉමදුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල 01 කණ්ඩායමට

@ ලංකින්ද නානායක්කාර

නිරෝගීමත් රාජ්‍ය සේවයක් බිහිකිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දියත් කරණු ලැබු බෝනොවන රෝග වලක්වාගැනීමේ අරමුණ ඇතිව ප්‍රා දේශීය ලේකම් කාර්යාල සීමාව තුල සිටින සියළු රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පවත්වනු ලැබු ක්‍රිකට් තරඟාවලිය පසුගිය 30 දින දිවයින පුරා පැවැතිවිණි. එහි දී ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල සීමාව තුල රාජ්‍ය ආයතන 11 කින් කණ්ඩායම් 11 ක සහභාගීත්වයෙන් සය සාමාජික ක්‍රිකට් තරඟාවලියක් ඉමදුව ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ඉමදුව ප්‍රා දේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මෙනවියගේ හා ඉමදුව පොලිස් ස්ථානාධිපති එච්.වී.කේ. උපුල් කුමාර යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ජය ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.





තරඟාවලියේ ශූරතාවය දිනාගත් ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල කණ්ඩායම
Related Posts Plugin for WordPress, Blogger...