Monday 18 November 2013

ගාල්ල මහින්ද විද්‍යාලයට නව ක්‍රිකට් පුහුණු කරුවෙක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් අරඔට නවමු ආකාරයේ දක්ෂයින් හදුන්වාදුන් ගාල්ල මහින්ද විද්‍යාලයට නව ක්‍රිකට් පුහුණු කරුවෙකුගේ සේවය ලබා ගෙන ඇතැයි වාර්තා වේ.
වාර්තා වන අන්දමට ඔහු ආදි මහින්දියෙකු වන හිටපු දක්ෂ ක්‍රීඩකයකු සහ මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති ධනුෂ්ක දෙනගම මහතා බව පැවසසේ.
ධනුෂ්ක දෙනගම මහතා මේ වන විට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 13 පහල හා 15 පහල පුහුණු කරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ කාල සීමාව තුල රිච්මන්ඩ් විද්‍යාලය පස් වතාවක් අවසාන මහා තරග සදහා සුදුසුකම් ලබා ඇත.
කෙසේ නමුත් ධනුෂ්ක දෙනගම මහතාට මහින්දයට පැමිණෙන බොහෝ දෙමාපියන් ගුරුවරුන් ඇතුඵ කිහිප දෙනෙකු කාලයක සිට ඉල්ලීම් කර ඇතැයි වාර්තා වෙයි.
මේ පිළිබදව ධනුෂ්ක දෙනගම මහතාගෙන් අප කල විමසුමක දී ඔහු කියා සිටියේ, එහෙම අරාධනාවක් ලැබිලා තියෙනවා.  ආදි මහින්දීයෙකු වන හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක උපුල් චන්දන මහතා සමග මම දැනට සාකච්චා කොට තිබෙනවා. මම යෝජනා කිහිපයක් කරලා තියෙනවා. ඒ යෝජනා ගැන සැහීමකට පත් වේ නම් පුහුණු කරු තනතුර භාරගෙන කටයුතු කිරීමට කැමතියි. යෝජනා මුදල් ගැන නම් නෙවෙයි.
@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...