Tuesday 31 December 2013

නව වසරේ ජය ඉතිරේ

                                      


     අන්තර් ජාතික සිනමා උළෙලකදී බෞද්ධ චිත්‍ර පටයකට පළමු වරට ලොව හොදම සිනමා පටයට හිමි සම්මනය ලැබීමත් එය මෙරටදී නිපදවීමත් නිසා මෙරට සිනමා වoශ කතාව 2014 වසරේ සිට නව ගමන් මගකට පිවිසේ.  
         ශ්‍රී සිද්ධාර්ථ ගෞතම  චිත්‍රපටයට දිල්ලි සිනමා උළෙලේ දී ලැබූ ලොව හොදම සිනමා පටයට  හිමි සම්මානය අද ලක්බිමට රැගෙන එන ලදි.

            සම්පූර්ණ තොතුරු බලා පොරොත්තු වන්න
                                                      @  කුමාරසිරි ප්‍රසාද්    

2014  සුභ නව වසරක් වෙවා !

Monday 30 December 2013

කෙන්යාවෙන් මතට සෙත




                



   කෙන්යාවේ සිට ඊයේ ගමන් මලු දෙකක සගවා   ගෙන     ආ  පැළෑටි සාම්පල හදුනා ගැනීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යැවූ බව රේගු නිළධාරියෙක් පැවසීය. කාත් පැළෑටි ලෙස සැක කරන මෙම පැළ තොගයේ බර කිලෝ 50 ක් පමණ වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණ වාර්තාවක් ලැබෙන තුරු රේගු පරීක්ෂණ අත් හිටුවා ඇත. මීට අමතරව මෙම පැළෑටි සාම්පල තොගයක් කටුනායක ශාක නිරෝධායතනය වෙතද යැවූබව රේගුව කියයි. 

කොළොඹ කොච්චිකඩේ ප්‍රදේශයේ පදින්චි වයස අවුරුදු 21 ක් තරුණයෙක් මෙම පැළෑටි තොගය රැගෙන ආ බව රේගුව කියයි. කැනඩාවට අපණයනය  කිරීමට තම පියාගෙ අනුදැනුම මත මෙම පැළ රැගෙන ආ බව ඔහු පවසා ඇත. කාත් ශාක  යුරෝපය තුල තහනම් විශේෂයකි. අප්‍රිකානු රටවලට ආවේණික මත්  ශාකයකි. 
     
                                                    @ කුමාරසිරි ප්‍රසාද්
 
      

Friday 27 December 2013

කලාපෙ පඩිත් වැඩි කරන්න


                   ආයෝජන මණ්ඩලය යටතේ වෙළද කලාප තුල හා ඉන් පිටත ආයතන වල සේවකයින්ටත් 2014 වසර ට වැටුප් වැඩිවීමක් ඉල්ලා සේවකයෝ SMS    අරගලයක නිරතවේ ජනපති අයවැයෙන් වැඩිකල රුපියල් 1200 ඇතුලුව රුපියල් 1500 ක් වටුප් වැඩිවීමක් ඉල්ලා BOI වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ ජoගම දුරකථනයට මෙම SMS යවති 
                                                    @ කුමාරසිරි ප්‍රසාද්


 

SMS   යවන ලෙස ඉල්ලා කටුනායක කලාපයේ සේවකයින්ට පත්‍රිකා බෙදන අයුරු


Tuesday 24 December 2013

රට සල්ලි හොරට ගහන අලුත් කලාවක්


විදේශීය මුදල් නෝට්ටු ඡායා සහිත සුදු පැහැති කොල තොගයක් රැගෙන මෙරටට පැමිණි අප්‍රිකානු ජාතිකයෝ දෙදෙනෙක්  ගුවන් තොටුපොළ රේගුවට කොටුවිය.මෙම කොල මෙරටදී රසායනික ක්‍රමයක් මගින් ව්‍යාජ මුදල් බවට පත් කරන බවට රේගුව අනාවරණය කරගෙන ඇත.ගමන් මලු වල තිබූ ආගමික පොත් අතර චෙක් පොත් ආකාරයට අසුරා තිබූ සුදු පැහැති කොල තොගය රේගු නිළධාරීන්ගෙ පරීක්ෂාවට ලක්වීමේදී සැකකරුවන් කොටසක් ඉරා දැමූ බව  රේගුව කියයි.රේගු නිළධාරීන් අතට පත්වූ කොල තොගයේ ස්විස් ෆ්‍රෑන්ක් 50 කොල 12 ක්, ඇමෙරිකන් ඩොලර් 20 හා 50 කොල 40 බැගින් තිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා නීති අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.ව්‍යාජ විදේශීය මුදල් නෝට්ටු තොගයේ වයිනාකම රුපියල් හාර ලක්ෂ දහසය දහසක් පමණවේ. 
නියෝජ්ය රේගු අධිකාරීවරුන් වන උදය ගාමිණී, සී එම් ඒ විජේසේකර, ඩී ඩී එස් සී මයිකල් යන නිලධාරීහු මෙම වැටලීම කර ඇත. නියෝජ්ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ඩී සිරිබද්ධන හා ජේ ආර් චන්ද්‍රරත්න මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරි විමර්ශණ සිදුවේ. වැඩිදුර පරීක්ෂණ සදහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන බව රේගු මධ්‍ය ප්‍රකාශකවරයා  පැවසීය.
                                          
                                                         
@ කුමාරසිරි ප්‍රසාද්

රුසියානු AK 47 ගිනි අවියේ නිමවුම්කරු මියයයි


ලොව පුරා රාජ්‍ය හමුදා හා ගරිල්ලා සාමාජිකයින්ගේත් ජනප්‍රියම ගිනි අවිය වූ  AK47 නිපදවූ මිකායිල් ක්ලස්නිකෝව් මියයයි. මියෙන විට ඔහුගේ වයස අවුරුදු 94 කි.මෙම  AK47 ලොව පුරා මිලියන 100 කට වඩා පැතිරී ඇත. රුසියාවට අමතරව රටවල් 30 ක පමණ මෙම ගිනි අවිය නිපදවා ඇත.
සයිබීරියාවේ උපත ලද මිකායිල් ක්ලස්නිකෝව් දුම්රිය ලිපිකරුවෙකු ලෙස රැකියාව ඇරබීය. 1938 දී හේ සෝවියට් රතු හමුදාවට සොල්දාදුවෙකු ලෙස බැදිණි. එවකට ජර්මානු නාසි හමුදාවට එරෙහිව රුසියානු රතු හමුදා සටන් කලහ. 1941 දී නාසි ස්වයන්ක්‍රීය ගිනි අවියකින් තැබූ වෙඩි වැදී ඔහු රෝහල් ගතවිය. රුසියානු හමුදාවටත් ස්වයන්ක්‍රීය ගිනි අවියක් අවැසි බව ඔහුගේ සිතේ නලියන්නට වූයේ ගිලන්ව සිටියදීය. 
ගොවිතැනට  අවැසි යන්ත්‍ර සූත්‍ර නිපදවන්නට බලාපොරොත්තුවූ  තමා ලෝකයේ ජනප්‍රියම ගිනි අවියක නිමවුම් කරු බවට ජර්මන් නාසීන් නිසා හැකිවූ බව ඔහු පසු කාලයකදී කීය. ජීවිතයේ අසූවිය දක්වා ඔහු  AK47 ගිනි අවිය පලමුව නිපදවූ රුසියාවේ ඉමාෂ් සමාගමේ ප්‍රධාන අවි සැලසුම් කරුවා ලෙස සේවය කළේය.
දිවි නසන ගිනි අවියක නිමවුම් කරුවා වුවත් පොත් 6 ක් ලියා පල කරමින් හේ ගත් කතුවරයෙකු ද විය.      
තරුණ පිරිසට ජීවිතය දිනන්නට කියාදෙන මෙම පොත් මගින් ඔවුන් ගිනි අවි අතට නොගන්නා පිරිසක් කිරීම ඔහුගේ පැතුමවිය.
                                                                                              
                                                                           @ කුමාරසිරි ප්‍රසාද්  

පැලා සේවකයෝ අතරමo


         නිවසට ලිපියක් යවා සේවකයින් 178 දෙනෙකු සේවයෙන් පහකල කටුනායක පැලා පාලනාධිකාරිය හා කම්කරු සමිති නියෝජිතයින් අතර සාකච්ඡා බිද වැටීම නිසා සේවකයින් අතරමන් වී ඇත.සපත්තු නිපදවන කම්හලක් වන පැලා සේවකයින් ට ඇගලුම් නිපදවන ආයතන වල සේවය කිරීමට නිපුණතාව නොමැතිවීම නිසා කඩිනමින් වෙනත් රැකියා වලට යොමුවීමේ හැකියාවක් නැති බව සේවක්යෙක් කීය.
නිපුණ සේවකයින් ඉවත් කර අනියම් කොන්ත්‍රාත් සේවකයින් මගින් නිෂ්පාදන කටයුතු කිරීම නිසා සපත්තු පලුදුවී ඇතැයි පැවසේ. අනියම් හා කොන්ත්‍රාත් සේවකයින් මගින් ආයෝජන මණ්ඩල අනුමත ආයතන පවත්වාගෙන යාම නීති විරෝධීබව කම්කරු සමිති නියෝජිතයෙක් පැවසීය.

                                                                  @  කුමාරසිරි ප්‍රසාද්

Sunday 22 December 2013

පිලිපීනයේ විපතට පත්වූවන්ට පිහිටවී


                      2013 නොවැම්බර් මුල පිලිපීනයේ හයියාන් චණ්ඩමාරුතයෙන් පීඩාවට පත් ටැක්ලොබෑන් දූපතේ ජනතාවට වෛද්‍ය හා මානුෂික ආධාර සපුරාලීමට ගිය ශ්‍රී ලoකා කණ්ඩායම ඉකුත්දා දිවයිනට පැමිණියේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍ය අමාත්‍යoශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය පී ජී මහීපාල මහත්වරුන්ගේ අනුග්‍රහයෙන් මෙම කණ්ඩායම පිලිපීනයට යවන ලදී.වෛද්‍යවරු 11 දෙනෙක් හා හෙද නිළධාරීනීන් 12 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුලත්විය.
                 
                                                                                                                 @ කුමාරසිරි ප්‍රසාද්

Saturday 21 December 2013

ගුවන් තොටේ මාධ්‍යට වැට

                                      කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරුවන්ට ගුවන්තොටුපොළට ඇතුලුවීම එම සමාගම තහනම් කර ඇත. ගුවන් තොටුපොළට පැමිණෙන සෑම අවස්තාවකදීම ආයතනයෙන් ලිපියක් රැගෙන ආ යුතු බව රාජකාරී කළමනාකරුවෝ පවසති. මේ පිළිබදව විමසූ මාධ්‍ය ආයතනයක නිලධාරියෙකුට රාජකාරි කළමනකරුවෙකු පවසා ඇත්තේ වාර්තාකරුවන් තීරු බදු සාප්පුවලින් මත්පැන් බෝතල් රැගෙන යන නිසා මෙම තහනම කර ඇති බවයි. ගුවන් තොටුපොලේ තීරු බදු සාප්පුවල දිනකට කරනු ලබන රුපියල් කෝටි ගණන් වටිනා වoචා පිළිබදව ඉකුත්දා ජාතික පුවත් පතක පලවූ පුවතක් නිසා උරණවූ පාලකයෝ මෙම තහනම පනවා ඇති බව  වාර්තාකරුවෙක් කීය. 
                                              @   කුමාරසිරි ප්‍රසාද්

Thursday 19 December 2013

පකිස්ථාන කථානායක එයි



   පකිස්ථාන කථානායක ගරු සර්ඩාර් අයාස් සඩික් මහතා ඇතුලු පකිස්තාන නියොජිත පිරිසක් තෙදින සoචාරයකට  දිවයිනට පැමිණියහ. කථානායක ගරු චමල් රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනයෙන් පැමිණි මෙම දූත පිරිස නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා විසින් ගුවන් තොටුපොළෙදී පිළිගන්නා ලදී. මෙම දූත පිරිස හෙට  පාර්ලිමේන්ත්තුව ට පැමිණ කථානායක චමල් රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි. 
                                                                      @  කුමාරසිරි ප්‍රසාද්



Wednesday 18 December 2013

සුදු වෑන් නැතිවිට සුදු කොඩි



ස්ථිර සේවකයින් 178 ක් අත්තනෝමතික ලෙස ඉවත් කල කටුනායක පැලා ආයතනයේ වෘත්තීය සමිති ලේකම්ගේ නිවස ඉදිරිපිට කිසියම් පිරිසක් රාත්‍රී කාලයේ සුදු කොඩි දමා තිබේ. ඔහු මේ පිළිබදව කටුනායක පොලීසියට පැමිණිලි කර ඇත. නිහාල් ට නිවන් සැප  ලැබේවා යැයි ලියා තිබූ සුදු කොඩියක් ද ඒ අතර වූ බව ඔහු කීය.

                                                           @ කුමාරසිරි ප්‍රසාද්


Monday 16 December 2013

ප්‍රාදේශීය වාර්තාකරුවොත් වඳවෙන ලකුණු

         ප්‍රාදේශීය වාර්තාකරුවන්  අඩුවීමේ ප්‍රවනතාවක් වර්තමානයේ උද්ගත වෙමින් පවති. ප්‍රාදේශීය මට්ටමින් මාධ්‍ය රජෙකු ලෙස කටයුතු කල වාර්තාකරුවන්ගේ සේවය අද අවතක්සෙරුවට ලක්ව ඇත. තාක්ෂණයේ දියුනුවත් සමග තොරතුරු ගලායාම වේගවත්ව සිදුවීම හා තොරතුරු ලබාගැනීමට මූලාශ්‍ර බහුලවීම මෙයට ප්‍රධාන හේතුලෙස  දක්නට ලැබේ.
වාර්තාකරු ලබාදෙන තොරතුරු වෙනත් මාර්ග ඔස්සේ මාධ්‍ය ආයතන වලට ලබාගත හැකිවීම නිසා වර්තමාන ප්‍රාදේශීය වාර්තාකරුවාගේ භූමිකාව සීමාවී ඇත. තොරතුරු වාර්තා කිරීම සදහා මාධ්‍ය ආයතන වල නිලලත් මාධ්‍යවේදීයෙකු අදාළ තැනට ගොස් වාර්තාකලයුතු බවට වූ සම්මතය වර්තමානයේ බිද වැටී ඇත. 
මෙම නූතන මාධ්‍ය භාවිතාව තුල වන පෙරලිය පිළිබදව අනාවැකි කියන්නට  නියම කාලය නොවේ. නව දැනුම හා නිර්මාණශීලී නිර්මාණ වලින් සන්නද්ධ නොවන ප්‍රාදේශීය වාර්තාකරුවන් වඳවන ලකුණු නම් වර්තමානයේ පැහැදිලි ලෙසම දක්නට තිබේ.
               මෙම ගැටලුව මෙරටට පමණක් නොව ඇමෙරිකාවට ද බලපා ඇති බව ඉකුත්දා වාර්තාවිය. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පුවත් වාර්තා කල එරට ධවල මන්දිර වාර්තාකරුවන්ට ජනාධිපති මාධ්‍ය අoශයේ ඡායාරූප පමණක් පලකරන ලෙස කල දැන්වීමට දැනටමත් එරට බොහෝ වාර්තාකරුවෝ විරෝධය පළකර ඇත.මෙරට රූපවාහිනී සේවාවක් මහ ඉහලින්  මෙම පුවත වාර්තාකරන ලදී. ඒ ඇමෙරිකානු ජනපතිගේ මාධ්‍ය නිදහස ගැන කියමිනි.
       අපේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඡායරූප පමණක් පලකරන ලෙස ඉකුත් කාලයේ මෙරට සමහර ආයතන වලටද උපදෙස් ලබාදී තිබිණි.සැබෑ තත්වය නම් අපේ රටේ කලින් කල දෙය ඇමෙරිකාවේ පසුව කිරීමයි.
    වාර්තාකරුවන් ගුවන් තොටුපොළින් පලවා හැරීම ට එම සමාගම වසර ගණනාවක් පුරා උත්සාහ කරමින් සිටී. ඒ සඳහා ගොඩනගන ලද මාධ්‍ය ඒකකයක් ද ඇත. වාර්තාකරුවන්ගේ  ගුවන් තොටුපොළට නිදහසේ ඇතුලුවීමේ අවසරපත් අවලoගු කරන ලද්දේ එවකට එහි සභාපතිවරයා වූ මෙරට ජාතික පුවත්පත් ආයතනයක හිමිකරුවෙකි. ගුවන් තොටුපොළේ වර්තමාන සභාපතිවරයාද ජාතික පුවත්පත් ආයතනයක හිමිකරුවෙකි. ගුවන් තොටුපොළ වාර්තාකරුවන් ට වන අපහසුව ගැන සාකච්ඡාවක් ලබා නොදීමට තරම් ඔහු නිහතමානී වී ඇත.  
         වර්තමානයේ බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලද මාධ්‍ය ඒකක තිබීම වාර්තාකරුවන්ගේ සේවය සීමාවීමට හේතුවී ඇත. නව තාක්ෂණය ජනතාව අතරද ප්‍රචලිතව පවතින නිසා ඔවුන්ටද අතරමැදියෙකු නොමැතිව වාර්තාකල හැක. මේ සියලු කරුණු සලකා බලන විට වාර්තාකරුවන් යනු සමාජයෙන් වඳවී යන ජන කණ්ඩායමකි.
                                            @  කුමාරසිරි ප්‍රසාද්

Sunday 15 December 2013

වයස 68 දක්වා දිරිය කතුන්ට රජයෙන් පොළී රහිත ණය


        කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා එකමුතුව හා ජයසුදර්ශී කාන්තා එකමුතුව  සoවිධානය කල ස්වයo රැකියා නිෂ්පාදන පොළක් කටුනායක නගරයේ දී පැවතිවිණි. පාර්ලිමේන්තු මන්ත්‍රිණී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කාන්තාවන් දිරිමත් කිරීම සඳහා එතැනට පැමිණියාය.වයස අවුරුදු 68 ක් දක්වා කාන්තාවන්ට පොළී රහිත ස්වයo රැකියා ණය යෝජනා ක්‍රමය තමන්ගේ ඉදිරි ගමනට බෙහෙවින් ඉවහල් වන බව කාන්තාවෝ කීහ.මෙවර අය වැය යෝජනාවක් ලෙස රජය මෙම ණය ක්‍රමය හඳුන්වා දෙන ලදි.

                                                                                                                             


                                     
                                                                                                                        @  කුමාරසිරි ප්‍රසාද්



               රද්දොලුගම ප්‍රියන්ගනී මැණිකේ මහත්මිය රජයේ නව ණය යෝජනා ක්‍රමය අගයමින්




Saturday 14 December 2013

බිබිල සහ මොණරාගල දුෂ්කර පාසැල්වල ලමුන්ට ආධාර පිණිස උතුරු එංගලන්තයේ පාසැල් ලමුන්ගෙන් ක්‍රීඩා සහ අධ්‍යාපනික භාණඩ සල්පිලක්

ලංකාවේ දුෂ්කර පළාත් වල පාසැල් වලට අතහිත දීම සඳහා උතුරු එංගලන්තයේ නෝර්තම්බර්ලන්ඩ් පළාතේ ශ්‍රි ලංකාවට හිතැති පිරිසක් මගින් පිහිටුවාගෙන ඇති 'Sri Lanka Schools Project' නමැති පුණ්‍යායතනයේ (Charity) අරමුදල් එකතු කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් 7) දින නෝර්තම්බර්ලන්ඩ් හි මෝර්පත් (Morpeth, Northumberland) නගරයේදී පැවැත්විනි. මෙදින කුඩා දරුවන්ගේ සෙල්ලම්බඩු සහ  අධ්‍යාපනික උපකරණ සල්පිලක් පැවැත්විනි. මෙම සල්පිලෙහි විකිණීම සඳහා භාණ්ඩ බොහොමයක් පරිත්‍යාග කරනු ලැබූයේ ප්‍රදේශයේ පාසැල්වල ඉගෙනුම ලබන දරු දැරියන් විසිනි. මෙදින මෝර්පත් සහ අවට වාසීන් විශාල පිරිසක්  සල්පිලට පැමිණියහ.

මෙම ව්‍යාපෘතියේ මූලිකත්වයෙන් නෝර්තම්බර්ලන්ඩ්  පලාතේ පාසැල් කිහිපයක් පසුගිය අවුරුදු කීපය තුල  මොණරාගල සහ බිබිල ප්‍රදේශයේ පාසැල් 10කට පමණ මුදලින් සහ ද්‍රව්‍යමය වශයෙන් (පරිඝණක, අධ්‍යාපනික උපකරණ, සහ පොත් පත් යනාදිය ) අධාර ලබාදී ඇත. තවද, මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ පාසැල් ලමුන් ලංකාවේ ලමුන් සමග විෂයානුබද්ධ අධ්‍යාපනික තොරතුරු හුවමාරු කරගන්නා අතර, 2011 වසරේදි නෝර්තම්බර්ලන්ඩ් ඈස්ලි උසස් පාසැලේ ලමුන් අට දෙනෙක් බිබිල සහ මොණරාගල තෝරා ගත් පාසැල් කිහිපයක දින 10ක වැඩසටහනකට සහභාගි වෙන ලදී.

මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ව්‍යාපෘතියට සම්බන්ධ ප්‍රදේශයේ ලමුන්ගේ ඉමහත් කැපවීමෙන් සොයා ගන්නා අරමුදල් වලින් සහ ව්‍යාපෘතිය පවත්වාගෙන යන පුණ්‍යායතනයේ සභාපති විශ්‍රාමික විදුහල්පතිවරයකු වන ඉයන් නයිට් (Ian Knight) මහතාගේත් ඔහුගේ පවුලේ අයගේ සහ හිතමිතුරන්ගේත් දායකත්වයෙනි. 2004 සුනාමියෙන් අවතැන්වූවන් වෙනුවෙන් ආධාර උපකාර කිරීමෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මේ වන විට රුපියල් මිලියන තුනකට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහන සඳහා යොදවා ඇත. මෙම ව්‍යාපෘතියේ ලංකාවේ සම්බන්ධීකරණය කරනු ලබන්නේ අස්ගිරි විහාරවාසී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් මහනුවර ජයග්‍රහණය ශ්‍රි ලංකා සංවිධානය මගිනි.

වැඩි විස්තර මේ සබැඳියෙන් ලබාගත හැක.

සල්පිලෙහි ඡායාරූප කිහිපයක් පහත පලවේ.





Friday 13 December 2013

වසර 60 කට පසු ජෙරුසලමට විශාල හිම පතනයක්


ශිත සමය ආරම්භයත් සමගම ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරය අධික හිම පතනයකින් වැසීගියා..මේ සතිය ආරම්භයේ පටන් තරමක් සිතලක් පැවතියත් ඊයේ උදෑසන තත්වය වෙනස් වුණා.. අද උදෑසන පටන් පාසල් , ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල උනා ජෙරුසලම සහ හර්මොන් කියන ප්‍රදේශ වල..මෙය වසර 60 කට පසු ජෙරුසලම නගරයේ සිදුවූ විශාලම හිමපතනය සහ මුළු රටටම වැඩිම සීතලක් දැනුන සිසිරය බව මාධ්‍ය වාර්ථා වල කියවුණා..අද උදෑසන 30 mm දක්වා හිම පතනයක් ජෙරුසලම අවට පැවතුනා.ඒ වගේම රෝහල් රෝගීන්ගෙන් පිරීගිය බවත් සදහන් වුණා..මේ ලිපිය ලියන මොහොතෙත් ..අයිස් කැට ජනෙල් වලට වදින සද්දේ මහා ඝෝසාවක් වෙලා ඇහෙනවා ... 
මිනිස්සු සීතල එක්ක කරන යුද්දේ දකිද්දී ...ඒ වගේම ගිම්හානේදී අධික රශ්ණයත් එක්ක හැප්පෙන හැටි දකිද්දී මගේ රටට සොබාදහම කොච්චර දේ දීලා තියෙනවද කියලා හිතෙනවා..ඒත් 1947 දී තමන්ට කියලා රටකවත් නොතිබ්බ .. 1948 අපි සුද්දන්ගෙන් නිදහස ලබද්දීම අපි එක්කම එකට රටක් ලබාගත්ත යුදෙවුවෝ දැන් ඉන්න තැනයි ශ්‍රේෂ්ඨ අතීතයක් හිමි අපි දැන් ඉන්න තැනයි දැක්කම මගේ රට ගැන හරිම කනගාටුයි ...









___________අපුර්වි________

සේවකයෝ රොත්තක් දොට්ට



කටුනායක නිදහස් වෙළද කලාපයේ පිහිටි ආයතනයක සේවකයින් 170 කට වැඩි පිරිසක් එකවර රැකියාවෙන් පහකර ඇති බව සේවකයෝ පවසති. ආයතනය නිවාඩු දී සේවකයින් නැවත සේවයට පැමිණෙන විට ආයොජන මණ්ඩලයේ දොරටු දෙකක දැන්වීමක් පලකර තිබී ඇත. සේවකයින් ට ආයතනය මගින් නිවසට ලිපියක් යවා ඇති බවත් ඒ අනුව කටයුතු කරන ලෙසත් එමගින් දන්වා ඇත. සේවකයින් රැකියාවෙන් ඉවත් කර ඇති බවට එම ලිපිය මගින් දැනුම් දී ඇති බව සේවකයෝ පැවසූහ.

                                                                                                                       @  කුමාරසිරි ප්‍රසාද්








Thursday 12 December 2013

වසර අටක් රට හිස් අතින් පැමිණ රෝහලට



                                2005 වසරේ ලෙබනනයේ ගෘහ පාලිකා රැකියාවකට ගිය හෝමාගම පිටිපන දකුන පදිoචි රන්ජනී පෙරේරා දැඩි ලෙස රෝගීව හිස් අතින් ආපසු පැමිණියාය. වසර දෙකක සේවා කොන්ත්‍රාත්තුවකට එරටට ගිය ඇයව වසර අටක් නිවස තුල හිර කරගෙන සිට ඇත. කෙතරම් කාලයක් තමා එහි බවට නිනව්වක් නැතැයි ඇය ගුවන් තොටුපොළේදී කීවාය.
                             ඇය දෙපාවල වතුර එකතුවීමේ රෝගය ඇතිවී මාස දෙකක් රෝහලක ප්‍රතිකාර ලබා ඇත. ඉස්පිරිතාලේ නැවතිලා බෙහෙත් කලාට මගේ පඩිය වියදම් වුනා කියලා ගෙදර අය කීවා මට ඩොලර් 125 ක් දුන්නා තව ඩොලර් 200 ක් එවනවා කියලා මාව ආපසු එව්වා යැයි ඇය  වැඩිදුරටත් පැවසීය. ඇයට මෙරටේ කිසිවකු නැති නිසා මාසිකව වැටුප ලබාගෙන නැත. සේවය නිමකර ආපසු එනවිට සම්පූර්ණ වැටුප ලබාදෙන පොරොන්දුව මත ඇය එම නිවසේ සේවය කර ඇත.

                                                                                                                                 @  කුමාරසිරි ප්‍රසාද්
                                                                                                                         

Wednesday 11 December 2013

ක්‍රීඩාවට සෙනසුරු අපලෙද ?


                            ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙරටට නිර්දේශ ඉදිරිපත් කරන වටපිටාවක මෙරට සමහර ක්‍රිකට් ක්‍රීඩාoගණ පාඩුවට පවත්වාගෙන යන බව ක්‍රීඩා ඇමතිවරයා පිලිගනී.ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය සහිතව අන්තර් ජාතික කරාටේ තරාගාවලියකට ඩුබායි ගිය මෙරට කණ්ඩායම ආපසු මව්බිමට පැමිණි මොහොතේ පටිගත කල සoස්කරණය නොකල දර්ශණ පහත දැක්වේ.

                                                                                                                           @  කුමාරසිරි ප්‍රසාද්





















Tuesday 10 December 2013

සෙල්ලම කරාටේ කෑවේ රොටී


            එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවති ආසියානු කරාතේ තරගාවලියට සහභාගී වූ ලoකා කණ්ඩායමේ එරට සoචාරය නිසි ලෙස සැලසුම් කර නොමැති බව වාර්තාවේ. මේ බව හෙලිවූයේ එම කණ්ඩායම මෙරටට පැමිණි අවස්ථාවේ ක්‍රීඩකයන්ගේ දෙමාපියන් නිළධාරින්ට චෝදනා කිරීම නිසා ගුවන් තොටුපොළේ ඇතිවූ උණුසුම් අවස්ථාවේදීය.
            ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව මෙම තරගාවලියට සහභාගීවූ නිළධාරීහු දරුවන්ගෙන් මුදල් අයකර ගත්තත් දරුවන්ට නිසි ඉදුම් හිටුම් හා ආහාර  ලබා නොදුන් බවට චෝදනා ලැබූහ. චෝදනා ලද නිළධාරියෙකු  දරුවන්ගෙන්  එකතු කරගත් මුදලින් කොටසක් තමා ඉතිරි කරගෙන පැමිණි බවත් ක්‍රීඩා ඇමතිවරයා ඉදිරියේ දී එම මුදල් දෙමාපියන්ට ලබාදෙන බව  පැවසීය.
ලබාදුන් ආහාර නිසා කීපදෙනෙකුට වමනය සෑදුන බව  සoචාරයට සහභාගීවූ ක්‍රීඩිකාවක් කීය. දරුවන්ට ආහාර ලබාදීම සදහා තමන්ගේ තනතුර ගැන පවා නොසිතා හොදි භාජන පවා තමා ඔසවාගෙන ගිය බව එක් නිළධාරියෙක් පැවසීය. 
                   මෙය ආසියාවේ රටවල් බොහෝ ගණනක් සහභාගී වන අන්තර් ජාතික තරගාවලියක් පුහුණුකරු වුනාට මම දන්නේ නෑ ළමයි කොහේ හිටියාද කියලා යැයි  ක්‍රීඩා අමාත්‍යන්ශයේ අනුමැතිය ලැබූ ජතික පුහුණුකරු පැවසීය.
                        මේ වගේ තරග වලට සහභාගී වනවිට  සැලසුම් ගතව යන්න ඕන හෝටල් කාමර කලින් වෙන් කරවාගෙන තරගාවලිය සදහා නිල හෝටල් තිබෙනවා ඒ තැනක් වෙන් ගත්තාම ආහාර ප්‍රවාහන පහසුකම් සියලු දේ ලැබෙනවා මුදල් ඉතුරු කරගෙන ඒම නොවේ වටින්නේ  යැයි ද ඔහු පැවසීය.මෙම සoචාරය සoවිධානය මෙහෙයවූ අය වන්දනාවේ ගිහින් නවාතැන් සොයන අයුරින් ඩුබායි ගුවන් තොටුපොළට ගොස් නවාතැන් සෙවූ බව ක්‍රීඩකයෙක් පැවසීය.
                                                                                                                         @  කුමාරසිරි ප්‍රසාද්


e-journalist: නව ලෝවට සරිලන විශ්ව විද්‍යාල පද්ධතියක් අපිට නෑ ...

e-journalist: නව ලොවට සරිලන විශ්ව විද්‍යාල පද්ධතියක් අපිට නෑ ...: මහින්ද රාජපක්ෂ යුගය තුල මෙරට විශ්ව විද්‍යාල සදහා සිසුසිසුවියන් ඇතුලත් කර ගන්නා ප්‍රමාණය සියට තුන්සියකින වැඩි කිරිමෙන් ශිෂ්‍යයින් 9000...

Monday 9 December 2013

ජාතික ආගමික සමගිය රටේ දියුණුවේ හොඳම බලය වේ



බුදු රුව මුද්‍රණය කල අත් වැසුමක් විකිණූ කටුනායක වෙළද සැල  ඉකුත්  (07) සවස විවාත කෙරිණි. නීතිමය කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ බොදු හිමිවරුන් කල අවවාදයට අනුව මෙම වෙළද සැල වසා තිබිණි. නොදැන සිදුවූ වරදට වෙළද සැල හිමිකරු සමාව ගැනීමට පොරොන්දුවීම නිසා නීතිමය කටයුතු අව්සන් වන තෙක් නොසිට අයිතිකරුට සමාවදීමට ප්‍රදේශයේ සoඝයාවහන්සේලා එම ස්ථානයට වැඩම කළහ.
රද්දොලුව ශ්‍රී සුබෝධාරාමය හා අභිනවාරාමය යන උභය විහාරාධිපති අමරපුර මහා නිඛායේ කාරක සoග සබික රද්දොලුවේ අමරවoශ හිමි, වලාන සිරි සුමනාරාමාධිපති අමරපුර මහා නිඛායේ අඹගහපිටිය පාර්ශවයේ අනුනායක පල්ලේවැව විජිත අනුනාහිමි, කෝවින්න ගoගාරාමාධිපති කෝවින්නේඅමරසිරි නාහිමි, මීගමුව හලාවත දෙදිශාවේ අධිකරණ සන්ග නායක උදම්මිට අශෝකාරාමාධිපති කණමුල්දෙණියේ සුගුණ්වoශ නාහිමි ප්‍රධාන මහා සන්ග රත්නය මෙම අවස්ථාවට සහභාගී වූහ.
අතීතයේ සිට සිoහල බෞද්ධයෝ කුමන ජාතියකට ආගමකට අයත් වුවත් හව්හරණ සැලසුවා නිදහසේ ජීවත්වන්නට ඉඩ සැලසුවා ඒ අන් කිසිවක් නිසා නොව බුදු දහමින් අප ලැබූ ආභාසය නිසා 
සිoහල බෞද්ධයින් මෛත්‍රියෙන් කරුණාවෙන් යුතු පිරිසක් කාගෙන්වත් වෛර පිරිමහන පිරිසක් නොවන බව රද්දොලුව නන්දාරාමාධිපති නැදගමුවේ මහනාම හිමියෝ මෙහිදී අනුශාසනා කරමින් පැවසූහ.






රද්දොලුව නන්දාරාමාධිපති නැදගමුවේ මහනාම හිමියෝ සමාව දෙමින් කළ 
 අනුශාසනාව 


                                                                                                                            @  කුමාරසිරි ප්‍රසද්

Sunday 8 December 2013

නව ලෝවට සරිලන විශ්ව විද්‍යාල පද්ධතියක් අපිට නෑ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. කියයි




මහින්ද රාජපක්ෂ යුගය තුල මෙරට විශ්ව විද්‍යාල සදහා සිසුසිසුවියන් ඇතුලත් කර ගන්නා ප්‍රමාණය සියට තුන්සියකින වැඩි කිරිමෙන් ශිෂ්‍යයින් 9000 සිට 27000 දක්වා පිරිසක් ඇතුලත් කර ගැනිමට හැකියාව ලැබි ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පෙන්වා දෙයි.
උසස් අධ්‍යපන අමත්‍ය එස්.බි. දිසානායක මහතා

දෙදහා වසරේ මුල් කාලය වන විට විශ්ව විද්‍යාල සිසුවෙකු සදහා වෙන් කරලා තිබුණේ රුපියල් හැටදහසක් හෑත්ත දහසක් පමණ මුදලක් අද ඒ තත්ත්වය වෙනස් මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ යුගය වන විට එක් සිසුවෙක්  වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් වැයකරනු ලබනවා.ලබන වසරේ උසස් අධ්‍යාපනය සදහා රුපියල් බිලියන තිස්පහක මුදලක් වෙන්කර තිබෙනවා.මේ අනුව විශ්ව විද්‍යාල සදහා නව පීඨ එක් කිරිම නේවාසිකාගාර පහසුකම් සැපයිම වැනි වැඩසටහන් රාශියක් ඉලක්ක කර තිබෙනවා.මේ නිසා අද විශ්ව විද්‍යාල සිසුසිසුවියනට විශාල වගකිමක් තියෙනවා.

යසුෂි අකාෂි එයි



                        ශ්‍රී ලංකාවේ සාමය ගොඩ නැගීම, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ජපන් රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මෙම තනතුර බාර ගැනීමෙන් පසු 23  වන වතාවට ඊයේ (08) රාත්‍රී මෙරටට පැමිණියේය.
                  මෙම සංචාරයේදී හෙතෙම ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් සහ රජයේ වෙනත් නිලධාරීන්ද විපක්ෂ නියෝජිතයින්ද සිවිල් සමාජ සාමාජිකයින්ද හමුවීමට නියමිතය. 
                 මෙම සාකච්ඡාවලදි ශ්‍රි ලංකාවේ තිරසාර සාමය උදෙසා ජාතික සමගි සන්ධානය වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ඇතැයි ජපාන රජය පවසයි. ඔහු 08 වැනි දා සිට 13 වැනි දා දක්වා මෙරට රැදී සිටිනු ඇත.

                                                                 @  කුමාරසිරි ප්‍රසාද්

Saturday 7 December 2013

සුවිසැරිය: ලාංකිය ඉතිහාසය නිදන් කර ඇති බුද්දම

සුවිසැරිය: ලාංකිය ඉතිහාසය නිදන් කර ඇති බුද්දම: බුද්දම විහාරාධිපති             පානම යායේ රතනසාර හිමි අතිතයේ මෙරට ජනතාව තුල තිබු වටිනාකම පිළිබද අප දක්වන සැලකිල්ල ඉතාමත් අල්පය.වෙ...

නොදැනවූ වරදට සමාව



        බුදුරුව සහිත අත් පළදනාවක් නිසා කටුනායක ඇතිව තිබූ නොසන්සුන්තාව අද (07) සවස අවසන්විය. කඩහිමියාගේ නොදැන වූ වරදට ඔහු සමාව ගැනීම   ප්‍රදේශයේ නායක හිමිවරු ඉදිරියේ අද සිදුවිය. e - journalist  හෙලිකල පරිදි එම කඩය විවෘත කිර්‍රිමට රටේ නීතිය අනුව කල හැකි බව සඟරුවනද පිලිගනිමින් ඔහුට සමාවදී එම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට  අවසර ලබාදුන්හ. 
                                                                                                                                  @   කුමාරසිරි ප්‍රසාද් 

Friday 6 December 2013

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් හය දෙනෙකු නව නිපැයුම් තරඟයට ඉදිරිපත් කර දුම්රිය ආරක්ෂිත ගේට්ටුව සමස්ත ලංකා දෙවන ස්ථානය දිනා ගනී.



ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් හය දෙනෙකු විසින් නව නිපැයුම් පාසල් සිසුන්ගේ තරඟාවලියට ඉදිරිපත් කර තිබු දුම්රියක් ධාවනය වන විට දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කරන වාහනයක් ආරක්ෂිතව ස්වයංකරීයව නතර වීමේ උපකරණයට සමස්ත ලංකා දෙවන ස්ථානය හිමි වී ඇති අතර එම උපකරණය දකුණු පළාත් ප්‍රථම ස්ථානයයි.



මෙම උපකරණය පසුගිය දා බණ්ඩාරනායක සම්මන්තරණ ශාලාවේ පැවැත් වු නව නිපැයුම් රදර්ශනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම ජයගරහනය හිමි විය.
ගාල්ල මහින්ද විද්යාලයේ නවවැනි ශ්රේණියේ ඉගෙනුම ලබන තේනුක සත්සර විකරමසිංහ, යසිරු ඕෂධ විකරමසිංහ, අංජන සංඛේත්, රමේෂ් මහීෂ, තීක්ෂණ සන්දීප,ළහිරු කාවින්ද, යන සිසුන් මෙම උපකරණය නිර්මාණය කර තිබුණි.
ඔවුන් පවසන පරිදි මෙම උපකරණය මඟින් දුම්රිය හරස් මාර්ගයකට මීටර් 150 දුරින් දුම්රියක් ධාවනය වෙමින් පවතන විට අදාල වාහනය දුම්රිය හරස් මාර්ගයට පිවිසීමට ඉඩ නොතබා ස්වයංකරීයව දුම්රිය ධාවනය වන තුරු වාහනය  නවතා තබනවා. ඔවුන් පවසන පරිදි දුම්රිය ආරක්ෂිත ගේට්ටු නැතත් දුම්රිය අනතුරු මෙමඟින් වලක්වා ගත හැකියි.
මෙම උපකරණය සෑදීම සදහා ඔවුන්ට මාස 6 පමණ කාලයක් වැය වී ඇති අතර අදාල උපකරණය වාහනයක තැම්පත් කොට වාහනයේ බැටරිය හා සම්බන්ධ කිරීමෙන් අනතුරුව සකරීය කර ගත හැක.
තමන් මේ ලද ජයගරහනය සමස්ත මිහිදුවේම ජයගරහනයක් බවත් ,මෙම උපකරණය සෑදීමේ දී අප නිරතුරුවම ධෛර්යමත් කර වත්මන් මිහිදුවේ විදුහල්පති වසන්ත සිරිවර්ධන මහතා සහ විෂය භාර ආචාර්ය වරුන් වන යු.ජී. දයාරත්න හා එම්..සී. තරංගා යන ගුරු මව් පියවරුන් , දෙමාපියන් හා මිහිදුවේ මිතුරන් නිරතුරුවම සහය දුන් බව තේනුක සත්සර සිසුවා අප සමඟ පැවසීය
@ ලංකින්ද නානායක්කාර
Related Posts Plugin for WordPress, Blogger...