Tuesday 5 November 2013

කැසිනෝ ව්‍යාපාරය සඳහා අනුමැතිය දුන්නාට කමක් නැහැ. දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න

කැසිනෝ ව්‍යාපාරය සඳහා අනුමැතිය දුන්නාට කමක් නැහැ. යටත් විජිත යුගයෙ දි විදේශිය ජාතිකයන් අපේ රටේ ධනය කොල්ල කෑවා. මේ නිසා අපි උන්ගේ ධනය නිත්‍යානුකුලව ලබා ගැනිම යටතේ සුද්දන් ගෙන්නවා කැසිනෝ ගස්සවා සුද්දන් සුද්ධ කිරීමේ කටයුත්ත අප කළයුතුව තිබෙනවා. සුද්දගේ මුදල් පසුම්බිය සුද්ධ කරන්නා වු කැසිනෝ  ක‍්‍රීඩාවට අවසර දීය යුතු යැයි ද සන්ධාන දකුණු පළාත් සභා මන්ත‍්‍රී අජිත් ප‍්‍රසන්න මහතා පැවසිය.
ඒ මහතා එසේ පැවැසුවේ ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත රණවිරු සංසදයේ රැස්වීමකට එක්වෙමිණි.
වැඩිදුරටත් අදහස ප‍්‍රකාශ කළ දකුණු පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රී අජිත් ප‍්‍රසන්න මහතා මෙසේද පැවැසිය.
සන්ධානයේ මේ අජිත් ප‍්‍රසන්නට බාර් නැහැ, පාරේ දුවන බස් නැහැ. මම මන්ත‍්‍රී කම ගත්තේ අහිංසක විදියට රණවිරු පවුල්වල මානපවලින් තමයි මම මානප ලබාගත්තේ, ඇමතිට කඬේ ගිහිල්ල මන්ත‍්‍රින්ට ගොට්ට අල්ලලා පාප්ප ගාලා නොවෙයි. පෝස්ටර් ගහලා නොමෙයි මම අවේ.රණවිරු දෙමා පියන්ගේ මනාප වලින්.
මම කිසිදෙයකට බය නැතිව රණවිරුවන් වෙනුවෙන් පෙනිසිටිනවා. මම කිසුදු බලවේගයකට බිය නැහැ.රට සංවර්ධ ද පහසුකම් ලබා දිය යුතුයි. එම නිසා තීරු බදු රහිත වාහන බලපත‍්‍ර අබධිත රණවිරුවන්ට දිය යුතුයයි අණඩුවෙන් මා ඉල්ලා සිටිනවා.
පහසුකම් ලබා දිය යුත්තේ රට නිදහස් කල රණවිරුවන්ට මිස අන් කවරේකුටවත් නෙවෙයි. ඉන්පසුවයි වෙනත් සමජ කොටස් වලට එකි පහසුකම් ලබා දියයුත්තේ .
රණවිරුවන්ගේ විශ‍්‍රාම වැටුප දෙගුණයක් කරණ ලෙස මම මෙවර අයවැයෙන් ඉල්ලා සිටිනවා.යුද්ධය අවසන්වි වසර  හතරක් ගතවුවද රණවිරුවන් සහා අබාධිත රණවිරුවන්ට ලබා දිය යුතු තැන ලබා දි ඇද්ද යන්න දෙවරක් කල්පනා කළයුතුව තිබෙනවා. රණවිරු දරුවන් පාසලට ගැනිමේදි පවා ප‍්‍රශ්ණයක් වි තිබෙනවා. ප‍්‍රාදේශිය මන්ත‍්‍රීවරුන්ට ඇති තත්ත්වය දරුවන් ඇතුලත් කිරිමේ දි රණවිරුවන්ට සමහර අවස්ථාවලදි අඩු වි තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්විය යුතුයි. එහි දි රටට කීර්තීයක් ප්‍රාග්ධනයක් අයෝජිකයින් එනවා. ලංකාව අද තියෙන තත්වය ආයෝජකයින් රාජ්‍ය නායකයින් දකිනවා. එවිට තමයි ඔවුන් එන්නේ. කැසිනෝ ව්‍යාපාරය සඳහා අනුමැතිය දුන්නාට කමක් නැහැ. යටත් විජිත යුගයෙ දි විදේශිය ජාතිකයේ අපේ රටේ ධනය කොල්ල කෑවා. මේ නිසා අපි උන්ගේ ධනය නිත්‍යානුකුලව ලබා ගැනිම යටතේ සුද්දන් ගෙන්නවා කැසිනෝ ගස්සවා සුද්දන් සුද්ධ කිරීමේ කටයුත්ත අප කළයුතුව තිබෙනවා. සුද්දගේ මුදල් පසුම්බිය සුද්ධ කරන්නා වු කැසිනෝ  ක‍්‍රීඩාවට අවසර දීය යුතුයි. මොකද අපි මුදල් යහමින් තියෙන සුද්දන් ලංකාවට ගෙන්වා ගත යුතුයි. ඒ ආපු අය කැසිනෝ ගහලා විතරක් යන්නේ නෑ.රටේ ඇවිදිනවා. එතකොට ඒ අයගේ මුදල් අපේ රටේ වියදම් කරනවා. යැයි ද සන්ධාන දකුණු පළාත් සභා මන්ත‍්‍රී අජිත් ප‍්‍රසන්න මහතා පැවසිය.
රණවිරු සංසදයේ සභාපතිති පත්මා වැන්දෑව මහත්මිය,අතුළු කිහිප දෙනෙකු කතා කළහ.
@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...