Thursday 24 July 2014

දකුණු පළාතේ පාසල් වල ප්‍රතිඵල අඩු වීමට සමහර විදුහල්පතිවරුන් ද මුලික හේතුවක්. සමහර විදුහල්පතිවරුන්ගේ ශ්‍රේණිය පලමු ශ්‍රේණිය වුනාට ප්‍රතිඵල බිංදුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී (එජනිස) මොහාන් පී ද සිල්වා

දකුණු පළාතේ පාසල් වල ප්‍රතිඵල අඩු වීමට සමහර විදුහල්පතිවරුන් ද මුලික හේතුවක් බවත් සමහර විදුහල්පතිවරුන්ගේ ශ්‍රේණිය පලමු ශ්‍රේණිය වුනාට ප්‍රතිඵල බිංදුව බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජනිස) මොහාන් පී ද සිල්වා මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම සදහා සහභාගී වෙමිණි. එම ස්වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපති දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය, සමහර වැඩ බලන විදුහල්පතිවරු ඉන්නවා පාසල් ඉතාම හොද තත්වයෙන් ගෙනියන. ඒ අයට ශ්‍රේණි නෑ. නමුත් පාසල ඉතා හොදින් පවත්වාගෙන යනවා. ඒ අයට සාධාරණයක් විය යුතුයි. නැත්නම් ඒ අය හැමදාම එතනමයි.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා,
එවැනි තත්වයක් තිබෙනවා. හොදින් පාසල් පවත්වාගෙන යන ශ්‍රේණි නැති වැඩ බලන විදුහල්පතිවරු කීප දෙනෙක්ම සිටිනවා. මම නම් කියන්නේ නෑ. නම නොකියවෙන අයට වෙන ආසාධාරණයක් නිසා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා,
එසේ හොදින් වැඩකරගෙන යන විදුහල්පතිවරුන් ස්ථිර කරන්න ක්‍රමයක් නැද්ද.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා,
ඒක මධ්‍යම රජය හා කරන්න ඕන වැඩක් නමුත් දකුණු පළාත් තුල අපි ඒ සදහා අපි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා.
දකුණු පළාත් අධ්‍යාපන සැලසුම් අධ්‍යක්ෂිකා නාලිකා දොඩම්පේගම මහත්මිය.
දකුණු පළාතේ අධ්‍යාපන ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී 2012 වරෂයට සාපේක්ෂව 2013 වරෂයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ පසුබෑමක් දක්නට තිබෙනවා. 2012 වර්ෂයට සාපේක්ෂව 2013 වර්ෂයේ  සා.පෙළ විභාගයෙන් සිසුන් සමත් වීම 0.98% අඩු වී ඇත. නමුත් මාතර දිස්ත්‍රික්යේ සමත්වීම 2.72% ක හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එය 1.22 ක වර්ධනයක් පෙන්නනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කලාපය හැර අනිත් කලාප වල 2012ට සාපේක්ෂව 2013 වර්ෂයේ ප්‍රතිඵල වල අඩුවක් තිබෙනවා. අනිත් අඩුවීම සිදුව තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට කලාපය තුලයි. මාතර දිස්ත්‍රික්කයේ සියලූම අධ්‍යාපන කලාපවලින් පසුගිය වසරට සාපේක්ෂ වර්ධනයක් පෙන්වා තිබෙනවා.
කෙසේ නමුත්  දකුණු පළාතේ සමස්ත ප්‍රතිඵල අනුව 2012 වර්ෂයට සාපේකෂව 2013 වරෂයේ සාමාන්‍ය පෙළ සමත්වීමේ වර්ධනය 0.75 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එම වර්ධනය සමස්ත ලංකා මට්ටමේ දී 1.93% ලෙස සටහන් වනවා. දිස්ත්‍රික්ක තුනටම අපි එකම ආකාරයේ වැඩ සටහන් ක්‍රියාත්මක කලා.
දකුණු පළාත් සභා මන්ත්‍රී (එජාප) විජේපාල හෙට්ටිආරච්ච් මහතා,
ප්‍රතිඵල අඩුවෙන්න ගුරු වරු අඩු වීමම නොවෙයි බලපාන්නේ. මම දන්න පාසලක ගණිතයට ගුරුවරු 4 ක් ඉන්නවා. නමුත් ප්‍රතිඵල හොද නෑ.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා,
සාමාන්‍ය පෙල විභාගයට ආසන්න කාලයේ දී මට මේ සදහා මැදිහත් වෙන්න නොහැකි වුනා ඡුන්දය නිසා.  නැතිනම් මම ඇමතිවරයා වුනත් නිළධාරීන්ගේ මට්ටමට ඇවිත් මේ ගැන සොයා බලනවා. ඔය ප්‍රතිඵල අඩු පාසල් වලට මම පෞද්ගලිකව යනවා, ඒ අයට කතා කරනවා. දැන් දකුණු පළාත තුල ගුරු හිඟය අවම කරලා තිබෙනවා. සමහර තැන්වල හදිසියේ නිවාඩු ගියපු එකක් හැර. එකතැනක ගුරුවරු වැඩි වුනහමත් සමහර වෙලාවට ප්‍රශ්න ඇති වෙනවා. ඒ සොයා බලන්නම්. එවගේ සිදුවීම් බොහෝ විට වෙන්නේ ගාල්ල අවටයි. වැඩිපුරම ගුරුවරුන් බිහිවෙන්නේ ගාල්ල නගරය ආශ්‍රිතව ඉතින් ඔවුන් අවම දුෂ්කර කාලය වන අවුරුදු 5 සම්පුර්ණ කර නගරය ආසන්න පාසලකට එනවා. එතන දී ගුරුවරු වැඩිවීමක් සමහර පාසල් වල ඇති.
සමහරු කියයි නිළධාරීන් වගේ ඇමතිට වැඩ කරන්න  අවශ්‍ය නෑ කියලා. ඒවාට නිළධාරීන් ඉන්නවා කියලා. නමුත් මම ඒ දේ කරනවා. අධිකරණයකින් මට එපා කිව්වොතින් ඇරෙන්න ඒ වැඬේ නවත්වන්න කාටවත් බෑ.

ඉමදුව ඇසල කළාපයේ ප්‍රථම ස්ථාන බටේමුල්ල ජාතික පාසලට සහ අඟුළුගහ විද්‍යාලයට

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යලාය මඟින් සංවිධානය කරණු ලැබු ඉමදුව ඇසල කලාප රචනා තරඟයේ ශ්‍රේෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය බටේමුල්ල ජාතික පාසලේ ගිහානි අප්සරා දැරිය විසින් දිනා ගත් අතර මෙහි කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය අඟුළුගහ විද්‍යාලයේ කේ.වයි. ටානියා මධුවන්ති ශිෂ්‍යාව දිනා ගන්නා ලදී.
ඔවුන් සදහා වන සහතික පත්‍ර සහ තාග්‍ය පිරිනැමීම පසුගිය 21 දින නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා විසින් සිදුකරන ලදී.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ අදාල දැරියන් සදහා නියෝජ්‍ය කතානායක වරයා අතින් තාග්‍ය පිරිනමන අවස්ථාවයි. දකුණු පළාත් සභා මන්ත්‍රී ඒ.ජී.සී. පියසිරි ,ඉමදුව ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මහත්මිය, ඉමදුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති උදාන කුසුම්සිරි යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

දකුණු පළාතේ ව්‍යාපාර කටයුතු සදහා නෙදර්ලන්තයෙන් උපකාර

නෙදර්ලන්තයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සයිමන් ස්මිට් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ ව්‍යාපාරික කණ්ඩායමක් සමඟින් නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපති ලුවිස් පියට් මහතා හා   දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මැතිණිය අතර දකුණු පළාතේ ව්‍යාපාරික කටයුතු පිළිබදව සාකච්ඡාවක් පසුගිය 17 දින ගාල්ල ආණුඩුකාර  නිල නිවසේ පැවැත්විනි.
ජායාරූපවලින් දැක්වෙන්නේ නෙදර්ලන්ත විදේශ වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සයිමන් ස්මිට් මහතා ඇතුළු දූත පිරිස සමග දකුණු පළාත් ආණ්ඩුකාරතුමිය සමූහ ජායාරූපයකට පෙනී සිටි සහ නෙදර්ලන්ත විදේශ වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සයිමන් ස්මිට් මහතා හා දකුණු පළාත් ආණ්ඩුකාරතුමිය අතර සමරු තිළිණයන් හුවමාරුකරගත් අවස්ථාවයි.

ඉමදුවේ පාසල් වලට ඉමදුව ප්‍රාදේශීය සභාපතිගෙන් තර්ජනයක්

ඉමදුව ඇසල කලාපය සදහා ඉමදුව ප‍්‍රාදේශීය සභාවට සහයෝගය නොදුන් කිසිදු පාසලක් සදහා ඉදිරියේ දී කිසිදු සහයක් සභාව ලෙස ලබා නොදෙන බව ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ 24 දින පැවති ඉමදුව ප‍්‍රාදේශීය සභා මාසික රැස්වීමේ දීය, ඉමදුව ප‍්‍රාදේශීය සභාව සභාපති ඒ.වී. සරත් කුමාර මහතා ගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා, ඇසල කලාපයක් වැනි පොදු වැඩක් කරන අවස්ථාවේ  තිබුන රැස්වීමේ දී සමහර විදුහල්පතිවරු පිටිපස්සට වෙලා කතාවෙලා තියෙනවා මේවා දේශපාලන වැඩ මේවට සහයෝගය දෙන්න බෑ කියලා. ඒ අය දන්නේ නෑ අපේ එක්කෙනෙකුත් එකන හිටියා කියලා. බොහෝ විදුහල්පතිවරු මේ සදහා උපරිම සහය දෙද් දී සමහරු සහය දුන්නේ නෑ.  අපි කරේ නගරයේ ආගමික පුනරුදය වැඩිවන හොද වැඩක්. හැමෝම ඒ ගැන හොද කිව්වා. ඉතිහාසයේ කවදාවත් නැති පිරිසක් මේ සදහා සහභාගී වුනා.
ඔය සහයෝගය නොදුන්න විදුහල්පතිවරුන් දැනගත යුතුයි. පිට්ටනිය සුද්ද කරන්න, අරක කරන්න, මේක කරන්න අපෙන් සහයෝගය ඉල්ලන් එනකොට ඒකට බලාගන්නම්. ඒ කිසිදු විදුහල්පතිවරයෙකුට සභාව ලෙස අපෙන් කිසිම සහයක් නෑ.
ඒ වගේම උදව් දුන්න සියලූ රාජ්‍ය ආයතන ඇතුළු පාසල් වලට අපෙත් සහයෝගය නිරන්තරයෙන් හිමි වෙනවා. ඒ සහභාගී වුන සියළු දරුවන්ට සහතික හා තෑගි දෙන්නත් කටයුතු කරා.
@ ලංකින්ද නානායක්කාර

සෑම දරුවෙකුම මේ ලෝකයට බිහිවන්නේ බොහෝ හැකියාවන් සහ කුසලතාවයන් සහිතවයි. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි

සෑම දරුවෙකුම මේ ලෝකයට බිහිවන්නේ බොහෝ හැකියාවන් සහ කුසලතාවයන් සහිතවයි. එම කුසලතාවයන් ඔප මට්ටම් කර සමාජයට වැඩදායී පුද්ගලයින් ලෙස එම දරුවන් රටට ලබා දීම සදහා මෙම රජය කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ නැණ ගුණ තිලිණ ප්‍රජා සත්කාරක වැඩ සටහන යටතේ දෙමාපිය අහිමි දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමේ අවස්ථාවට අහංගම ධාර්මික විද්‍යාලයේ දී සහභාගී වෙමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය,
රජයක් ලෙස අපේ වුමනාව නැති බැරි ,ඇති හැකි, කොළඹ සහ ගමේ සිටින සියළු දරුවන් අනාගතයේ දී හොද වෘත්තිකයන් කරන්නයි. හොද රසවින්දනයක් ඇති අනුන්ට කරදරයක් නැතිව යමක් හිතලා කරන්න පුළුවන් දරු පරපුරක් මේ රටට අවශ්‍යයි. එවැනි දරුවන් නිර්මාණය කර ගැනීමට, දරුවන් නිර්මාණ කරණයට යොමු කිරීම ද වැදගත් වෙනවා. කළාත්මක නිර්මාණ බිහිවන්නේ හදවතේ සිතුවිලි හොද විධියට ගැලපුනහොත් පමණයි. ඒ සදහා අවශ්‍ය භෞතික සම්පත් රජය විසින් පාසල් සදහා නොඅඩුව ලබා දෙනවා. හබරාදුව ආසනය තුලත් අංක එක දරුවන් ලෙස සලකා අපි කටයුතු කරනවා. එම නිසාම හබරාදුව ආසනයේ පාසල් 56 ම සංවර්ධනය සදහා මුදල් යොදවා තිබෙනවා.
මීට වසර කිහිපයකට පෙර තිබු රටේ නොවෙයි අද අපි ජීවත් වන්නේ. එදා අනාගතයක් නැතිව ජීවත් වු ජාතියක් වු අපි අද වර්තමානයක් මෙන්ම අනාගතයක් හිමි ජාතියක් බවට පත් වී සිටිනවා. මීට වසර15 පමණ පෙර මෙතන හිටපු දරුවන් උත්සාහ කරේ රට රැකගන්න හමුදාවට යන්න. එහෙම නැත්නම් මොන උප්පරවට්ටියක් දාලා හරි රටින් පැනගන්න. නමුත් මේ රජය එම තත්වයන් වෙනස් කරා. දැන් දරුවන් උත්සාහ කරන්නේ මේ රට තුල වෘත්තිකයෙකු වීමටයි.  දැන් තිබෙන්නේ වේගයෙන් ඉදිරියට යන රටක්. ඒ රටේ ශක්තිමත් පුරවැසියෙකු කිරීම සදහා අවශ්‍ය අධ්‍යාපනයේ දායාදය රජයක් ලෙස මේ දරුවන්ට අද ලබා දී තිබෙනවා.
අද රට තුල සිටින දරුවන්ගෙන් සියයට අසු පහක්ම පරිගණක සාක්ෂරතාවය තියෙන දරුවන්. ලෝකය ඉදිරියට යන විට අපිට ලිං මැඩියන් සේ සිටීමේ හැකියාවක් නෑ. අපේ දරුවනුත් ලෝකයේ සොයා ගැනීම් කරමින් ඉදිරියට යා යුතුයි. ඒ සදහා රජය ලෙස වගකීම අපි ඉටු කිරීමට සුදානම් බව ද ඒ මහතා පැවසීය. මෙම අවස්ථාව සදහා හබරාදුව ප්‍රා දේහීය සභාවේ සභාපතිවරයා , මන්ත්‍රීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

@  ලංකින්ද නානායක්කාර

Tuesday 22 July 2014

නිමල් විජේසිංහට ඉමදුවත් විරුද්ධ වෙයි.

@ ලංකින්ද නානායක්කාර

කුරුනෑගල රිදියගම ග්‍රාම නිළධාරී වරයාට පාර්ලිමේනතු මන්ත්‍රී නිමල් විජේසිංහ මහතා විසින් එල්ල කලා යැයි කියන මැර ප්‍රහාරයට එරෙහිව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිළධාරීන්ගේ සංගමයේ ඉමදුව ශාඛාව විසින් සංවිධානය කරන ලද නිහඩ උද්ඝෝෂණයක් ඊයේ 23 දින පැය 2 ක පමණ කාලයක් ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලය ඉදිරිපි දී පැවැත්විනි.
මේ සදහා ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල බල සීමාව තුල ග්‍රාම නිළධාරී වරුන් එක්ව සිටියහ.


ඡායාරූපවලින් දැක්වෙන්නේ ග්‍රාමසේවා නිළධාරීන් නිහඩ උද්ඝෝෂණයේ යෙදී සිටි ආකාරයයි.

Thursday 17 July 2014

විවිධාකාරයේ ත්‍යාග ප්‍රදානයක්




රුපියල් මිලියන 18 කට වඩා වැඩි වටිනාකමින් යුතු විවිධාකාරයේ  ත්‍යාග ප්‍රදානයක්   යුද හමුදාවේ සාමාජිකයින් වෙත  ඊයේ 17දා යුද හමුදාපති දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම සත්කාරය සoවිධානය කරන ලදි. 
නව නිවාස ඔප්පු, බිම් කොටස් ඔප්පු, අඩක් නිමකල නිවාස ඉදිකිරීමට හා නිවාස  අළුත්වැඩියාවට මුදල් ප්‍රදාන, කෘතීම පාද හා අත්, රෝද පුටු  ස්වයoක්‍රීය පුටු, පරිගණක, වෛද්‍ය උපකරණ, ෂධ,  ශිෂ්‍යත්ව හා ක්‍රීඩා උපකරණ  මෙම පරිත්‍යාග වලට ඇතුලත්වේ.
 යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි දමයන්ති රත්නායක මහත්මියද මෙම අවස්ථාවට සහබාගී වූවාය.

හින්දු සාහිත්‍ය සමුළුව


බුද්ධ ශාසන  හා ආගමික කටයුතු අමාත්‍යoශයේ හින්දු ආගමික දෙපාර්තමේන්තුව සoවිධානය කරන  හින්දු සාහිත්‍ය සමුළුව ජුලි 18,19 හා 20 දිනවල බම්බලපිටිය සරස්වතී ශාලාවේදී පැවැත්වෙ. සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය හා බුද්ධ්ශාසන හා ආගමික කටයුතු ඇමති දි. මූ. ජයරත්න මහතා ප්‍රමුඛ ආරාධිතයෝ සහභාගීවේ.
මැලේසියාව ඉන්දියාව ආදී රටවල හින්දු ආගමික නායකයින් හා විද්වතුන්, මෙරට විශ්ව විද්‍යාල නියෝජිතයින්  විශාල පිරිසක් මෙම සමුළුවට සහභාගී වේ.

Wednesday 16 July 2014

බෝසතුන් උපන් බිමට ජාත්‍යන්තර ගුවන් තොටක්


කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

සිදුහත් කුමරු උපන් ලුම්බිණිය ආශ්‍රිතව අන්තර් ජාතික ගුවන් තොටුපොළක් ඉදිකිරීමට නේපාල රජය පියවර ගෙන ඇත.චීන රජයේ ආධාර මත ඉදිකෙරෙන මෙම ගුවන් තොටුපොළ ගෞතම් බුද්ධ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස නම්වේ. ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක වියදමින් ඉදිවන නව ගුවන් තොටුපොළේ  2017 ජුනි මාසයේදී වැඩ නිම කිරීමට නියමිතයි.
සෞදි අරාබියේ මක්කම පූජා නගරයට සමාන අයුරින්  ගුවන් තොටුපොළ අවට විශේෂ සoවර්ධන කලාපයක් ඇති කිරීමට නේපාල රජය බලාපොරොත්තුවේ.සoචාරක, වන්දනා හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස මෙම කලාපය  ක්‍රියාත්මක කිරීමට නේපාල රජය සැලසුම්කර ඇත.

Monday 14 July 2014

ඉමදුව ඇසල අසිරියට මහ සෙනගක්


ඉමදුව ඇසල කලාපය ජුලි මස 12 සිට 16 දක්වා ඉමදුව නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි. මදුව ප්‍රා දේශීය සභාව සංවිධානයෙන් ශක්තිමත් වු මෙම ඇසල කලාපය සදහා මෙතෙක් පැවති දින තුන තුල විශාල පිරිසක් පැමිණ ඇති බව ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපති උදාන කුසුම්සිරි මහතා පවසයි.
අසල කලාපය තුල මහාසාර ජාතකය පිළිඹිමු කරන තොරණයක් ද දහම් පාසල් හා පාසල් හා සිවිල් සංවිධාන මගින් ඉදිරිපත් කර ඇති කූඩු හා ඇසල සරසිලි ද අඩංගු වෙයි.


ඉමදුව ඇසල කලාපයට සමගාමීව ඉමදුව ග්‍රාම සේවා වසම් 43 නියෝජනය වන ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පුන්‍ය කටයුතු රැසක් සංවිධානය කර තිබුණි. ඒ අතර ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුල සිටින ගැබිනි මව්වරුන් සියල්ල කැදවා භාවනා වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලදී. එදිනම සියළුම ගැබිනි මාතාවන් සදහා දන්සලක් ද පවත්වනු ලැබීය. එහි දී දිවා ආහාරය සහ වියලි ආහාර මලු ගැබිනි මාතාවන්ට ලබා දීම සිදු කෙරිනි.
ඇසල පුන් පොහෝ දින (12) ඇසල කලාපය නරඹීම සදහා පැමිණෙන ජනතාව සදහා උලුදු වඩේ දන්සලක් ද පැවැත්වුනු අතර  


13 දින ඉමදුව නගර මධ්‍ය යේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක මහත්ම මහත්මීන් ගේ සහභාගීත්වයෙන් අලංකාර භක්ති ගීත සංදර්ශණයක් පැවැත්විණි. මෙම වැඩ සටහන් ඉමදුව ප්‍රා දේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මෙනවියගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.

මීට අමතරව ප්‍ර දේශයේ සියළු පෙර පාසල් ආවරණය වන පරිදි ඇසල පෙරහැරක් ද 11 දින සවස වීදි සංචාරය කරන ලදී.

ප්‍ර දේශයේ සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිරිපත් කරන ලද සංකෘතික ප්‍රසන්ගයක් 14 දින ඇසල කලාප වේදිකාවේ දිල හැරිනි. 14 දින ප්‍රධාන ආරාධාතයා ලෙස පැමිණි නියොජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා විසින් තොරන් රාජයා ආලෝක මත් කරන ලදී.





@  ලංකින්ද නානායක්කාර




Friday 11 July 2014

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගැබිනි මව්වරුන්ට දන්සලක්

@ ලංකින්ද නානායක්කාර

ඉමදුව ඇසල කලාපයට සමගාමීව ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක පිරිස විසින් සංවිධානය කරන ලද ගැබිනි මව්වරුන් සදහා වු දන්සලක් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී 11 දින පැවැත්විණි.
මෙහි දී ගැබිනි මව්වරුන් අසුවක පමණ පිරිසක් සහභාගී වු අතර ඔවුන් සදහා දහවල් ආහාරය අතුරුපස සහ වියලි ආහාර මල්ලක් පිළිගන්වනු ලැබීය. මීට අමතරව භවනා වැඩ සටහනක් ද ඉමදුව වැඩිහිටි බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබු අතර ඒ සදහා ද ගැබිනි මව්වරුන් සහභාගී විය.
මෙම වැඩසටහන ඉමදුව ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මහත්මියගේ උපදෙස් පරිදි ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි.


Thursday 10 July 2014

ලංකාව තුල සිටිනා බොහෝ ව්‍යවසායකයින් විභාග පාස් වු අය නොවන නමුත් සමහර අවස්ථාවන් කළමනාකරණය කර ගැනීමේ දී ඔවුන් හට විභාග සමත් අයටත් වඩා දැනුමක් තිබෙනවා. වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න මහතා

@ ලංකින්ද නානායක්කාර

ලංකාව තුල සිටිනා බොහෝ ව්‍යවසායකයින් විභාග පාස් වු අය නොවන නමුත් සමහර අවස්ථාවන් කළමනාකරණය කර ගැනීමේ දී ඔවුන් හට විභාග සමත් අයටත් වඩා දැනුමක් ඇති බව වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ ඉමදුව දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ පැවති තාග්‍ය ප්‍රධානොත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාලී වෙමිනි. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය,මා මෙයින් අදහස් කලේ අධ්‍යාපනය ලබන්නට ම බැරි වු පමණින් සටන අත් නොහැරිය යුතු බවයි.
එක එක දරුවන් දක්ෂතා දක්වන්නට ආරම්භ කරන කාලය වෙනස්. පලමු වසරේ ඉදලා සමහරු ඉගෙනීමට දස්කම් දැක් වුවද තවත් සමහර දරුවන් උසස් පෙළ පංතියේ දී දක්ෂතා අතරට එනවා. දෙමාපියන් ලෙස අපි ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. අද දරුවෙකුටම ගමන් කල හැකි මාර්ග බොහෝමයක් විවෘර්ත වී තිබෙනවා. මීට වසර දහයකට පමණ පෙර ලංකාව නොවෙයි දැන් තිබෙන්නේ. විවෘර්ත වී ඇති මාර්ග ඔස්සේ දරුවන් ගමන් කිරීමට උත්සාහ කරනවා. දරුවන්ට හැම විටම අවස්ථාව ලබා දෙන්න ඔවුන්ගේ සුවිශේෂී හැකියාව ඇති මාර්ගයේ යාමට. තීන්දු ගැනීමේ දී ජයප්‍රිය නොවුනත් තමාට සුදුසු හොද තීන්දු ගන්න. වෙනස් විධියේ ගමනක් යන්න. එවිට ඔබ රැකියා සොයන්නෙකු නොව රැකියා ඔබව සොයන්නෙකු විය හැකියි.
මාගේ අර්ථයෙන් නම් සංවර්ධනය යණු ව අවස්ථා නිර්මාණය කර දීමයි. ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස අප එය සිදු කරනවා. එම අවස්ථා ඔබ ප්‍රයෝජනයට ගන්න. ඔබ හැමටම නායකයෙක් විය හැකියි. උත්සාහ කරන්න. උත්සාහය කිසි විටක අත්හරින් එපා.
දරුවාගේ හදවතට හා මනසට කතා කල හැක්කේ ගුරුවරයාටයි. එම නිසා නවීන තාක්ෂණයේ හොද නරක දරුවාට කියා දී අධ්‍යාත්මක සංවර්ධනයෙන් හෙබි දරු පරපුරක් හැදීමේ වගකීම ගුරුවරයා මත පැවරෙනවා. අද බොහෝ දෙනා සාමාන්‍ය පෙල විභාගයෙන් ඒ නමයක් ගන්න අය ගැන සොයා බැලුවත් ඩබ්ලිව් නවයක් ගන්නා අය ගැන සොයා බලන්නේ නෑ. නමුත් ඒ ඩබ්ලිව් නවය ගන්නා අය අතර තවත් වසර දහයකින් පමණ ලංකාවේ හොදම ව්‍යවසායකයා ඉන්න පුළුවන්. වයඹ පළාත තුල පසුගිය වසරේ ඩබ්ලිව් නවයක් ගත් ළමුන් 534 ක් වාර්තා වී තිබුනා. මම ප්‍රධාන ලේකම් වරයා ලෙස ඔවන් සියළු දෙනාටම ලිපියක් යවමින් පවසා සිටියා බලාපොරොත්තු අත් නොහරින ලෙස. එසේම ලබන සතිය තුල ඔවුන් 534 දෙනාම නගර ශාලාවට කැදවා තිබෙනවා. එහිදී විශේෂ දේශන සදහා ලංකාවේ ගිය වසරේ සාර්ථකම ව්‍යවසායකයින්ටත් මම ආරාධනා කර තිබෙනවා. එම ව්‍යවසායකයින් ලෝකය දිනු අයුරු ඔවුන්ට පැවසීමයටයි එය සිදු කරන්නේ. ඔය 534 දෙනාගෙන් අනිවාර්යයෙන්ම 10 දෙනෙකුවත් හොදම ව්‍යවසායකයින් වන බවට මට විශ්වාසයක් තිබෙනවා.
මේ එක් උදාහරණයක් පමණයි අද වන විට රට තුල ඕනෑම අයෙකුට ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා හොදම දේ තෝරා ගැනීමයි ඔබ කල යුතු වන්නේ.
මෙම අවස්ථාව සදහා ගාල්ල අධ්‍යාපන කලාප අධ්‍යක්ෂ සුසිල් ප්‍රේමනාත්, දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පති ආර්.ඩී. ප්‍රේමරත්න,ආදිශිෂ්‍ය සමිතියේ ලේකම් ගාමිණී උපුල් ශාන්ත යන මහත්වරුන් ඇතුළු දෙමාපියන් සිසු දරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාව එක්වුහ.



Sunday 6 July 2014

උතුරු කොරියාවේ රට තුල යලි ගුවන් ගමන්



බොහෝ කාලයක් අක්‍රියව තිබූ උතුරු කොරියාවේ අභන්තර ගුවන් ගමන් ජුලි මැද අරඹන බව චීනයේ ස්ථානගත සoචාරක නියෝජිත ආයතනයක ලාoකික සේවකයෙක් පැවසීය. බරපතල ගුවන් යානා ඉන්ධන හිගයක් නිසා එරට අභන්තර ගුවන් ගමන් බොහෝ කාලයක් අත්හිටුවා තිබිණි. මෑතකදී චීනයෙන් ගුවන් යානා ඉන්ධන ලබා ගැනීමත් සමග නැවත ගුවන් සේවා පටන් ගැනීමට බළධාරින් පියවර ගෙන ඇත.
උතුරු කොරියාවේ සoචාරකයින් අතර වැඩිම පිරිස චීන ජාතිකයෝ වෙති. 2012 වසරේ 2 37 000 කට වැඩි චීන   පිරිසක් එරටට පැමිණ ඇත. බටහිර සoචාරක වාර්තා උතුරු කොරියානු රජය නිල වශයෙන් ප්‍රකාශයට පත්නොකරයි.
උතුරු කොරියාවේ නිල ගුවන් සේවය වන එයාර් කොර්යෝ (Air Koryo ) සියළු අභන්තර ගුවන් ගමන් මෙහෙයවයි.
                                                                                                                                                 @   කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Saturday 5 July 2014

ඉන්දීය හෙදියෝ මව් බිමට


ඉරාක රජයට එරෙහිව සටන් කරන සුන්නි සටන්

 කරුවන්ගේ ග්‍රහණයේ සිටි ඉන්දීය හෙදියයෝ 46 

දෙනා අද සවස කේරළයේ කොචි ගුවන් තොටුපොළට

 පැමිණියහ.කුර්දිස්ථානයේ එර්බිල් ගුවන් 

තොටුපොළේ සිට ඉන්දීය ගුවන් සේවයේ බෝයින්

 777 ගුවන් යානයකින්  පැමිණෛ පිරිස පිළිගැනීමට

 කේරළ ප්‍රධාන ඇමති ඕමෙන් චන්ඩි මහතා පැමිණ 

සිටියහ.ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් ගම්

 පළාත වන ටික්‍රිට් ප්‍රදේශයේ රෝහලක මෙම හෙදි 

පිරිස රදවාගෙන සිට ඇත.  

 


Friday 4 July 2014

2015 ක්‍රිකට් ලෝක කුසලානය අද ශ්‍රී ලoකාවට

කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

2015 වසරේ පවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලියේ ජයග්‍රාහී කුසලානය අද ශ්‍රී ලoකාවට රැගෙන එන ලදි.මෙම කුසලානය රටවල් 12 ක ප්‍රදර්ශණය ට රැගෙන යාමට නියමිතයි.ශ්‍රී ලoකා නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලoකා ක්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related Posts Plugin for WordPress, Blogger...