Tuesday 8 March 2016

කොළඹ කටුනායක ප්‍රධාන මාර්ගය වසා උද්ගෝෂණයක



       සීදුව දව් සමිර විදුහලේ විදුහල්පතිවරයා මාරුකර යවා ඇතැයි කියමින් එම විදුහලේ සිසු සිසුවියන්ගේ මව්වරු පිරිසක් ඊයේ කොළඹ කටුනායක ප්‍රධාන මාර්ගය වසා උද්ගෝෂණයක නිරතවූහ.එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු හතර දෙනෙක් පොලිස් අත් අඩoගුවට ගත් බව පොලීසිය කියයි.

        ලෝක කාන්තා දිනයේ අපි පාරේ යනුවෙන් පවසමින් සීදුව සිට  පෙළපාලියකින්  කටුනායක දක්වා පැමිණි ඔවුහු කටුනායක පිහිටි මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය වට කළහ.
පොලිසිය මැදිහත්ව නියෝජිතයින් හතර දෙනෙක් මීගමුව කලාප අධ්යාපන අධ්‍යක්ෂකවරයා සමග සාකච්ඡාවකට යොමු කල බව පොලීසිය කියයි.

           විනය හේතුන් මත  විදුහල් පතිවරයා පළාත් අධ්යාපනදෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට තීරණය කර ඇති බවත් පරීක්ෂණ වලින් පසුවඔහු නිවරදි කරු බව තීරණය වුවහොත් නැවත විදුහල්පති ලෙස පත්කරන බවට අධ්යාපන අධ්යක්ෂකවරයා ප්‍රකාශ කල බව එම සාකච්ඡාවට සහබාගීවූ ආනන්ද රෝස මහතා  පැවසීය. 
සීදුව දව් සමිර විදුහලේ විනය සකස් කරමින් විදුහල ප්‍රදේශයේ පිළිගැනීමට පත් විදුහලක් බවට පත් කිරීමට විදුහල් පතිවරයා විශාල සේවයක් කල බව උද්ගෝශණයට සහභාගීවූ මවක් පැවසුවාය.මෙම ක්‍රියාදාමය පිටුපස ප්‍රදේශයේ දේශපාලන කාන්තාවක් සිටින බවට සඳහන් පුවරු කාන්තාවෝ ප්‍රදර්ශණය කළහ.

          මාස කීපයකට පෙර  නියෝජ්‍ය ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහභාගීවූ උත්සව අවස්ථාවකදී කටුනායක සීදුව නගර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු විදුහල පිළිබඳව කල ප්‍රකාශයකට එරෙහිව විදුහල්පතිවරයා අදහස් දැක්වූ අතර එම අවස්ථාවේදී දැඩි උණුසුම් තත්වයක් විදුහලතුල ඇතිවූ බව සිසුවියකගේ මවක් පැවසුවාය. එම සිදුවීම පදනම් කර ගනිමින් විදුහල්පතිවරයාට එරෙහිව ප්‍රදේශයේ දේශපාලන හස්තය ක්‍රියාත්මක වන බව දෙමව්පියෝ කියති.
                                         කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ


Wednesday 10 February 2016

ගාල්ල මහින්ද ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමට ආදි සිසුන් පෙරමුණ ගනී.

@ ලංකින්ද නානායක්කාර 

ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීම සදහා සංවිධානය කර තිබු සෞඛ්‍ය කදවුරක් පසුගිය 07 දින එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ක්‍රීඩා කරණ දරුවන්ගේ නතර සිදුවන අබාධයන්ට අවම කිරීමේ අරමුණික් මහින්ද විද්‍යාලයීය 2002 ආදි ශිෂ්‍ය සංගමය මඟින් මෙම කදවුර සංවිධානය කර තිබුණි. විද්‍යාලයීය විවිධ ක්‍රීඩා අංග සිදුකරණ විශාල ක්‍රීඩකයින් ප්‍රමාණයක් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර මෙහි දී වෛද්‍යවරුන් විසින් අබාධ තත්වයන් ඇති වීමට හේතුව, අබාධ තත්වයන් මඟහරවා ගන්නා ආකාරය හා අබාධ යන්ට ප්‍රතිකාර කිරීම ද සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් , විද්‍යාලයීය විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා ආදි සිසුන්, ක්‍රීඩකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.



ජනපති විවෘර්ත කර ඉමදුව පොළෙහි කුණු කුණු වෙලා

ටී. විතානවසම්

පසුගිය නොවැම්බර් 21 දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘර්ත කරනු ලැබු සියළු පහසුකම් සහිත ඉමදුව මහජන පොළෙහි, කුණු ඉමදුව ප්‍රා දේශීය සභාව මඟින් ඉවත් නොකිරීම නිසා ප්‍ර දේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතන බව වෙලදසැල් හිමියන් පවසයි. පසුගිය 09 අඟහරුවාදා පොළ අවසන් වීමෙන් පසු 11 වන බ්‍රහස්පතින්දා උදෑසන වනවිටත් ඉවත් කර නොතිඹීම නිසා මෙසේ ඉමදුව නගරය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිරී ගොස් ඇති බවත් මත්ස්‍ය වෙලදුන් ඉතිරි මත්ස්‍ය කොටස් එම ස්ථානයේ ම දමා ගොස් ඇති නිසාත් මෙම තත්වය වඩාත් උග්‍ර වී ඇති බවද , දැනුම්දිය යුතු සියළු පාර්ශව වලට මේ වන විට දැනුම් දුන්න ද වගකිව යුත්තන්ගෙන් මේ වන තෙක් කිසිදු පියවරක් ලැබී නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් පවසයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉමදුව ප්‍රා දේශීය සභාවේ ලේකම් එස්.සී. මුදලිගේ මහත්මියගෙන් විමසීමේ දී ඇය මෙසේ පැවසීය,
මේ කුණු දාන්න තැනක් මට නෑ. කලින් කුණු දාපු තැන ඉමදුව සම්බන්ධීකරණ කමිටුවේ තීරණයක් අනුව වලක් කැපුවා කියා මට පොලිසි යන්නත් වුනා. කොහේහරි ගිහින්දාලා ගිනි තියන්න හැදුවොත් ග්‍රාමනිළධාරීන් එයට විරුද්ධ වෙනවා. දැන් කරන්න තියෙන්නේ පොල ටෙන්ඩරය දෙද්දී ඒ ගන්න කෙනාටම කුණු ගෙනියන්න කියන්න වෙන එකයි.

මහජන පොළෙහි කුණු තැනින් තැන දමා ඇති අයුරු

මත්ස්‍ය වෙලදුන් මත්ස්‍ය කොටස් දමා ගොස් ඇති අයුරු.



මත්ස්‍ය කෙටස් නිසා නව මත්ස්‍ය වෙලද සැලේ කාණු පද්දතිය පණුවන්ගෙන් පිරී ඇති අයුරු.

Thursday 4 February 2016

68 වන නිදහස් සැමරුමට ගාල්ල බන්ධනාගාරයේ 20 කට නිදහස

@ ලංකින්ද නානායක්කාර

68 වන නිදහස් සමරුව වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුළු සුළු වැරදි යටතේ සිරගතව සිටි රැදවියන් 20 දෙනෙකු රජය විසින් නිදහස ලබා දෙන ලදී. එම රැදවියන් අතර පිරිමි රැදවියන් 19 දෙනෙකු සහ එක් කාන්තා රැදවියක් නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටත්ව යන ලදී. ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව රැදවියන් ගාල්ල බන්ධනාගාරයෙන් පිටත්ව යන අයුරු ඡායාරූපයෙහි දැක්වේ.


ටිපර් රථය අඩි 45 ක ප්‍රපාතයේ

@ ටී. විතානවසම්

ඉමදුව කනංකේ කුඩකේ ප්‍ර දේශයේ ඉදිවන නව නිවසක් කරා වැලි සහ සිමින්ති රැගෙන එමින් තිබු ටිපර් රථයක් 04 දින උදෑසන 10.30 පමණ එම නිවස ආසන්නයේ අඩි 45 පමණ ප්‍රපාතයකට පෙරලී ඇත. ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කුඩකේ පීල්ල ආසන්නයේ සිදු වු මෙම අනතුරින් තුවාල ලැබු ටිපර් රථයේ රියදුරු ගාල්ල ඉමදුව රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත. අදාල ටිපර් රථය පසුපසට එමින් නිවසේ මාර්ගය ඇතුල් කර අවස්ථාවේ එම මාර්ගයේ කොටස් කැඩී වැලි හා සිමින්ති සමඟින් ම ටිපර් රථය වට 04 ක පමණ ප්‍රමාණයක් පෙරලීමෙන් අනතුරුව මෙසේ තේ වත්තකට වැටී තිබේ. කෙසේ නමුත් අවට තිබු කිසිදු නිවසකට මෙම අනතුරින් හානියක් සිදු වී නොමැති අතර සිද්දිය සම්බන්ධයෙන් කනංකේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායාරූපවලින් දැක්වෙන්නේ ටිපර් රථය පෙරලී ඇති ආකාරයයි.



Related Posts Plugin for WordPress, Blogger...