Thursday 29 May 2014

අමිහිරි කාලය අවසන්


ගුවන් තොටුපොළ සේවකයින් මුහුණදුන් අමිහිරි කාලය  අවසන් වූ බව ශ්‍රී ලoකා නිදහස් සේවක සoගමයේ ගුවන් තොටුපොළ ශාඛාවේ නව සබාපති ලෙස පත්වූ එම්. ඩබ්. බී මුහන්දිරම්  කීය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ පසුගිය 27 දින  කටුනායක,  මත්තල, රත්මලාන ගුවන් තොටුපොළ වලදී හා නුවර එළිය හා කතරගම මධ්‍යස්ථාන වලදී මෙම නිලවරණය පැවත්විණි. ලේකම් ලෙස දිනේශ් රන්දික පෙරෙරා හා භාණ්ඩාගාරික ලෙස ටී. අයි. පීරිස් පත්ව ඇත.
වැඩි ඡන්ද 582 කින්  මුහන්දිරම් ඇතුළු කණ්ඩායම තෝරාපත් කර ගැනීමත් ගුවන් තොටුපොළ සභාපතිවරයාට පක්ෂපාති හිටපු සභාපති පරාජයවීමත්  මගින් ගුවන් තොටුපොළ සමාගමේ පරිපාලකයින්ගේ ඉකුත් කාලයේ  ක්‍රියා කලාපය සේවක අප්‍රසාදයට ලක්ව ඇති තරම පැහැදිලිව දක්නට ලැබෙන බව ගුවන් තොටුපොළ සේවකයෙක් පැවසීය.
ශ්‍රී ලoකා නිදහස් සේවක සoගමය ගුවන් තොටුපොළ කම්කරුවන්ට තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න ඉතා විශාල සේවයක් අතීතයේදී කල සoගමයක් එම සේවය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැපවන බව එහි ගුවන් තොටුපොළ ශාඛාවේ නව සබාපති එම්. ඩබ්. බී. මුහන්දිරම්  පැවසීය.

                                                                                                   @   කුමාරසිරි ප්‍රසාද්

Tuesday 20 May 2014

රත්මලාන ට කම්කරු කාර්යාලයක්




රත්මලාන කාර්මික පුරවරයේ කම්කරු කාර්යාලයක් නොමැතිවීම නිසා ඒ ආශ්‍රිත ලක්ෂයකට අධික සේවක පිරිසකට බොහෝ අපහසුතා වන බව නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සoගමය කියයි. රත්මලාන ට කම්කරු කාර්යාලයක් ඉල්ලා එම සoගමයේ මූලිකත්වයෙන් කම්කරු ඇමතිවරයාට ඉදිරිපත් කිරීමට සේවක සoදේශයක් අත්සන් කල බව කටුනායක සoවිධායක අසේල ධර්මප්‍රිය කීය.

Thursday 15 May 2014

නොරටෙල් සේවකයෝ වර්ජනයක



         සේවා ආයතනයෙන් පිටතදී වූ පෞද්ගලික ආරවුලක් හේතු කරගෙන සේවකයින් පස් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමත් පරිපාලනයට හිතවත් එක් සේවකයෙකු ට කිසිම ක්‍රියාමාගයක් නොගැනීමත් ආයතනයට අදාල නොවන සේවක පෞද්ගලික ගැටළු වලට ආයතන ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව කටුනායක නොරටෙල් සේවකයෝ විරෝධතාවක නිරතවූහ. 



            අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹමින් ආරම්භ කළ මෙම විරෝධතාව කටුනායක නිදහස් වෙළඳ කලාප දොරටුවක් ඉදිරිපිටදී පැවත්විණි.
පසුගිය අප්‍රේල් 02 දින සේවකයින් පිරිසක් සහභාගීවූ සාදයකදී බීමතින් ඇතිකරගෙන ඇති මෙම ආරවුල සමථයකට පත්කිරීමට මිනුවන්ගොඩ පොලීසිය සමථ මණ්ඩලයට බාරදී ඇති බව සේවකයෙක් පැවසීය.

                                                                                                @ කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ





Monday 12 May 2014

ඉමදුව දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ වාර්ශික වෙසක් මහා පෙරහර මෙවරත් සාර්ථකව

ඉමදුව දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ පැවැති වෙසක් මහා පෙරහර වාර්ෂිකව මෙවරද පැවැත් විණි. උඩරට පහතර නැටුම් වැයුම් ගායන වාදන රංගන වෙසක් බැති ගීතද මගින් පෙරහර අලංකාර වු තිබිණි. නිලමේ අලි , වඩිග පටුන, ආදි  රංගන රැසක් ද දැකිය හැකි වුහ.
විද්‍යාලයේ විදුහල්පති ආර්.ඞී ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි ගුරු මණ්ඩලය මහ සිසු දරුවන් මෙම වෙසක් පෙරහැර සංවිධානය කර තිබුණි.
@ලංකින්ද නානායක්කාර

බටේමුල්ල ජාතික පාසලේ වෙසක් පෙරහර ඉමදුව නගරයට

වෙසක් පොහොය නිමිත්තෙන් ඉමදුව බටේමුල්ල ජාතික පාසලේ සිසුන් අද  13 දින පෙරහර ඉමදුව නරගරය ඇතුළු අවට ප්‍රදේශ වල සැරිසරනු ලැබුවා.
අලංකාර නර්තන අංගවලින් සමන්විත වු මෙම පෙරහැර සදහා බටේමුල්ල ජාතික පාසලේ සියලු වයස් කාන්ඩ වල දරුවන් එක්ව සිටියා.
ඡායාරූපවලින් දැක්වෙන්නේ පෙරහැරේ අවස්ථා කිහිපයකි.
@ ලංකින්ද නානායක්කාර


Thursday 8 May 2014

කටුනායක මොකද වුනේ

කටුනායක නගරය උණුසුම් කල අවිනීතිය රජ කල හෝරාවේ සoස්කරණය නොකළ දර්ශණ පහත දැක්වේ.

උසාවි නියෝහයට අනුකූල කඩ දෙක ඉවත් කල අයුරු.



උසාවි නියෝගය ක්‍රියාත්මක කර ටික වෙලාවකට පසු බැකෝ යන්ත්‍ර හතක් පිටුපසින් පැමිණ එක්වරම අනෙක් කඩ පේළිය කඩා දැමීමෙන් පසු විරෝධය


රජයේ නිළධාරීන් පැමිණ උසාවි නියෝග ඇතැයි පැවසූ අයුරු.


පසුව එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරියෙක් උසාවි නියෝගය පරීක්ෂා කිරීමට ඉල්ලූවිට රජයේ නිළධාරීන් පැන දිවූ බව කඩ හිමියෝ පවසති.




උසාවි නියෝගයක් දඩමීමා කරගෙන


 

    උසාවි නියෝගයක් දඩමීමා කරගෙන  වෙනත් ව්‍යාපාර ස්ථාන සහිත ගොඩනැගිල්ලක් කඩා දැමීමට එරෙහිව පෙරේදා 06 සවස එම කඩ හිමියෝ විරෝධතාවක නිරතවූහ. එම ව්‍යාපාර ඉවත් කිරීමට එරෙහිව නියෝගයක් පවා තිබියදී අසල සoචාරක හෝටලයක හිමිකරුවෙකු රජයේ නිළධාරීනට අල්ලස් ලබාදී මෙම අපරාධය කර ඇති බව කඩ හිමියෝ පවසති ගුව්න් තොටුපොළේ සිට ජලය බැස යන කානුවක් ඉදිකිරීමට      ඉඩ ලබා ගැනීම ට කටුනායක ඇවරිවත්ත නගරයේ ව්‍යාපාරික ස්ථාන දෙකක් ඉවත් කිරීමට ලබාගත් උසාවි නියෝගයක් වoචනික ලෙස යොදා ගනිමින්  වෙනත් ව්‍යාපාර ස්ථාන සහිත ගොඩනැගිල්ලක් මෙසේ කඩා දමා ඇත. 
                                                                                                                              ප්‍රසාද් - ගුවන් තොටුපොළ


Tuesday 6 May 2014

මහා මණ්ඩල සභාපති



ක්සත් ජාතීන්ගේ සoවිධානයේ මහා මණ්ඩල සභාපති    ජෝන් අචේ මහතා 2014 ලෝක තරුණ සමුළුවට සහබාගී වීමට ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේය.යෞවන කටයුතු හා නිපුණතා සoවර්ධන ඇමති ඩලස් අලහප්පෙරුම හා නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි මහත්වරු ගුවන් තොටුපොළේදී ඔහු පිළිගත්හ.
ඡායාරූපය-කුමරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Related Posts Plugin for WordPress, Blogger...