Sunday 17 November 2013

චොගම් සාර්ථකව අවසන් වෙයි

පුරා සතියක් තිස්සේ මුළු දුන් 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙයිට සුළු මොහොතකට පෙර (17) අති සාර්ථක අයුරින් නිමාවට පත් කෙරිණ.



රාජ්‍ය නායක සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වුණු තරුණ සමුළුව, ව්‍යාපාරික සමුළුව සහ මහජන සංසදයේ සාකච්ඡාවට ලක් කෙරුණු කාරණා ඇතුළත් ඒකාබද්ධ ප්‍රකාශයක් ඊයේ සවස එළිදැක්විණ. සාර්ථක අයුරින් සමුළුව පැවැත්වීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා සහ රාජ්‍ය නායකයන්ගේ ප්‍රසාදය ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකාව වෙත පිරිනැමිණ. සමුළුව සාර්ථක කර ගැනීමට සහයෝගය දුන් පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා මහතා ඇතුළු සියලු රාජ්‍ය නායකයන් සහ විදේශ ඇමැතිවරුන් ප්‍රමුඛ නියෝජිතයන්ටත් ශ්‍රී ලාංකික ජනතාවටත් පාසල් දරුවන්ටත් ජනාධිපතිතුමා සිය ස්තුතිය පළ කළේය. පොදු රාජ්‍ය මණ්ඩලයේ මෙතෙක් පැවැති අති සාර්ථකම සමුළුවක් නිමා කරමින් ජනාධිපතිතුමා සහ කමලේෂ් ශර්මා මහතා ඊයේ සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සමුළුවේ තීන්දු තීරණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කළහ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...