Monday 18 November 2013

අක්කරේපත්තු ගම්වාසීන් STF හා ගැටේ


අම්පාර නින්දවුර් ප්‍රදේශයේ දහසකට ආසන්න පිරිසක් උදැසන සිට (18)කල්මුණේ අක්කරපත්තු මාර්ගය අවහිර කරමින්  පැය දහයකට වැඩි කාලයක් මාර්ගය මැද ටයර් ගිනි තබමින් විරෝධතා ව්‍යපාරයක නිරිත විය.






නින්දවුර් ගම්මානයට (17) රාත්‍රි දහයට පමන පැමිණි විශේෂ කාර්ය බලකායේ සෙබළුන් හය දෙනෙකු නිළ ඇදුමින් සහ සාමන්‍ය ඇදුමින් සැරසි තම රාජකාරි කටයුත්තක් සදහා එම ප්‍රදේශයේ සංචාරය කිරමින් සිටියදි එම් ගම්මානයේ පිරිසක් විසින් පොලු මුගුරු වලින් පහර දී තිබේ .මෙම අවස්ථාවේදි ගම්වාසින් චෝදනා කර සිටිනුයේ තම ගම්මාණයේ සිදුවු සොරකම් පිළිබදව මෙම විශේෂ කාර්ය බළකායේ නිළධාරින් සම්බන්ද බවත් එයට විසදුමක් ලාබාදෙන තුරු තම විරෝධය පලකරන බවත්.මෙම ගැටුමින් විශේෂකාර්ය බළකායේ සෙබළෙකු අම්පාර රෝහලට ඇතුලත් කර තිබේ.මෙම සිද්ධිය සමතයකට පත් කිරිමට එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරින් දෙදෙනෙකු තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබේ.හදිස්සි අවස්ථාවක ක්‍රියාත්මක විම කැරලි මර්ධන පොලිස් නිළධාරින් සියයකට ආසන්න පිරිසක් අම්පාර කල්මුණේ මාර්ගයේ කාර්තිවු මංසන්දියේ රැකවල් දා සිටිනු දක්නට ලැබුණි.
විරෝධතාවයට එක් වු පිරිස පොළු මුගුරු සහිතව ප්‍රචන්ඩව හැසිරුන අතර එම ස්ථානයට සිද්ධිය වාර්තා කිරිමට ගිය මාධ්‍ය වේදින්හටද දැඩිලෙස බාධා සිදුකරන ලදි.
නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස් පති පුජිත් ජයසුන්දර මහතා විසින් මෙම ගැටළුව පිළිබද විශේෂ සාකඡිචාවක් ගම්වාසින් සමග සිදු කිරිමට කටයුතු කරණ බව ඉහළ පෙළේ පොලිස් නිළධාරියෙකු පැවසිය.
@ දිගාමඩුල්ල සමුහ චන්දන ලියන ආරච්ච්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...