Saturday 30 November 2013

ගිය වසරට වඩා වැඩි සoචාරක පිරිසක් මේ වසරේ




2012 වසරේ මෙරටට පැමිණි සoචාරකයින් දශ ලක්ෂ පන්දහස්  හතරේ සීමාව 2013 වසරේ නොවැම්බර් අවසන් වන විට  ඉක්මවා යමින් රුසියානු ජාතික බෙලෝවා ජටිආයුආ මහත්මිය හා ඇගේ ස්වාමිපුරුෂයා වන මිකාලෙව් විට්ලි ම්හතා අද (30) ලක්බිමට පැමිණියේය. ශ්‍රි ලoකා සoචාරක ප්‍රවර්ධන කාර්යoශයේ හා සoචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින් විසින් එම යුවල ගුවන් තොටුපොළේ දී හරසරින් පිළිගන්නා ලදී.

                                                                                                                             @  කුමාරසිරි ප්‍රසාද්     

Friday 29 November 2013

කටුනායක සේවක නොසන්සුන්තාවක්


කටුණායක නිදහස් වෙළද කලාපයේ පැලා සපත්තු නිෂ්පාදන ආයතනයේ වෘත්තීය  සමිති ක්‍රියාකාරින්ගේ සේවය ඊයේ (28) සිට අත්හිටුවා ඇතිබව වාර්තාවේ. මේ නිසා ඇතිවූ සේවක නොසන්සුන්තාව පාලනයට ආයතනය ලබන දෙසැම්බර් 02 දක්වා වසා දමා ඇති බව පැවසේ.
2012 හා 2013 වසර වලට වැටුප් වැඩිවීම්ක් ඉල්ලා පැලා සේවකයෝ පසුගිය ජූලි මාසයේ දින 11 ක්  වැඩ වර්ජනයක් කළහ. සාකච්ඡා කර වැටුප් වැඩි කරගැනීමට පොරොන්දුවී  කම්කරු කොමසාරිස් ඉදිරියේ එකගතාවී වැඩ වර්ජනය අවසන් කල බව සේවකයෝ කියති. ආයතනය පොරොන්දු කඩකර 2012 හා 2013 වසර වලට වැටුප් වර්ධක ලබානොදී 2014 වසර ට පමණක් රුපියල් 1150 ක වැඩිවීමක් කර ඇති බව නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සoගමය කියයි.
කම්හලේ නිෂ්පාදන කටයුතු හිතා මතා අඩු කරමින් හා එයට සක්‍රියව සහය දෙමින් සේවය කිරීම (සෙමින් වැඩ කිරීම ) යන චෝදනාව මත  පැලා සමාගමේ මෙහෙයුම් කළමනාකරු විසින් සේවක සන්ගම් ක්‍රියාකාරීන් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇත. මෙම චොදනාව අසත්‍ය බවත් තම සoගමයේ  පැලා  සාමාජික සේවකයින් මෑත කාලයේ කිසිදු වෘත්තීය ක්‍රියා මාර්ගයක් නොගත් බව නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සන්ගමයේ කටුනායක සoවිධායක අසේල ධර්මප්‍රිය පැවසීය.
 කටුනායක නිදහස් වෙළද කලාපයේ පිහිටි පැලා සමාගම දේශීය හා විදේශීය වෙළද පොළට සපත්තු නිපදවන ආයතනයකි.

Thursday 28 November 2013

බුදු රුව සහිත අත් වැසුමක් කටුනායකින් හමුවේ




කටුනායක ඇවරිවත්ත නගරයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළද සැලක බුදු රුව සහිත තරුණයින් පළදින අත් වැසුමක් හමුදා බුද්ධි අoශ නිලධාරියෙකු අතට පත්වීමෙව්න් පසු ඔහු පොලිසියට කල දැන්වීමකට අනුව  කටුනායක පොලීසියේ නිළධාර්හු එම කඩය අද (28) සවස පරීක්ෂා කළහ. මෙම අවස්ථාවට බොදු බල සේනා සoවිධානයේ හිමිනමක් හා ප්‍රදෙශයේ බෞද්ධ ස්වාමීන්වහන්සේලා සහභාගීවූහ
                                       
                                                          @ කුමාරසිරි ප්‍රසද් - ගුවන් තොටුපොළ


Wednesday 27 November 2013

හේම්මුල්ල ජයමාලි ට පෝල් පෙරේරා එල්ලේ කුසලානය

             




 කටියල ජනහිත ක්‍රීඩා සමාජය සoවිධානය කල පෝල් පෙරේරා කුසලාන එල්ලේ ශූරතාවලිය කදවල සික්ස්ටීන් බ්‍රදර්ස් පිටියේදී අවසන් විය. මෙම තරගාවලිය ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්විණි.

                        ශූරතාව හෙම්මුල්ල ජයමාලි ක්‍රීඩා සමාජය දිනාගත් අතර අනු ශූරතාව කටියල ජනහිත කණ්ඩායම  ට හිමිවිය.හෙම්මුල්ල ජයමාලී කණ්ඩායමේ ඉෂාන් පීරිස් වැඩිම උඩ පන්දු රකින්නා හා නුවන් බ්‍රිටෝ වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයෝ වූහ. දක්ෂතම ධාවකයා ලෙස කටියල ජන්හිත කණ්ඩායමේ මලික් ප්‍රනාන්දු තේරී පත්විය.

                                                                                            @   කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ
       

Tuesday 26 November 2013

රේගුවට බබා පෙන්නූ කාන්තාවන් කොටු



                                     රුපියල් තිස් තුන් ලක්ෂ අසූ දහසක් පමණ වටිනා ඔප නොදැමූ රන්  අබරණ තොගයක් පැළද ඉන්දියාව ට යාමට පැමිණි ලාoකික කාන්තාවන් දෙදෙනෙකු හා වයස අවුරුදු 15 ක දැරියක් ඊයේ ගුවන් තොටුපොළ රේගු අත් අඩoගුවට පත්වූහ. ග්‍රෑම් 670 ක් බර රන් වලලු 10ක් හා මාල 3 ක් මෙම තොගයට අයත්වේ.
                                    ගුවන් ප්‍රවේශපත් ලබාගත් නියෝජිත ආයතනය මෙම රන් අබරණ ඉන්දියාවට ගෙනගොස් බාරදීමේ පොරොන්දුව මත තමන්ට ලබාදුන් බව සැක්කාරියෝ පවසා ඇත.
                       රේගු පරීක්ෂණය කල නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා රන් අබරණ රාජසන්තක කර වැඩිහිටි කාන්තාවන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් දස දහස බැගින් දඩ නියම කළේය.


                                                                                                @  කුමාරසිරි ප්‍රසාද් - ගුවන්තොටුපොළ
 



                                                             

අධිවේගේ මැද බසයක් නවතී






මීගමුවේ සිට කොළඹ බලා අධිවේගී මාර්ගයේ ඊයේ (26) උදේ ධාවනය වූ ලoගම බසයක් අතරමග නතරවිය . එන්ජිමට සවිකර තිබූ  රබර් පටියක් කැඩීම නිසා නතරවූ බස් රථය තාවකාලික පිළියමක් යොදා නව කැලණි පාලම දක්වා රැගෙන ඒමට රියදුරු සමත් විය.



                                                                                                                          @  කුමාරසිරි ප්‍රසාද්





Monday 25 November 2013

විස්සයි 20 ජය ගම්පහ ට






ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සoගමය ගම්පහ ක්‍රීඩා සමාජ සඳහා සoවිධානය කල විස්සයි 20 තරගාවලියේ අවසාන තරගය මීගමුව කදිරාන ක්‍රිකට් ක්‍රීඩාන්ගනයේ දී ඉකුත් 24 දින පැවත්විණි. අවසාන තරගය සඳහා ගම්පහ හා වැලිවේරිය ක්‍රීඩා සමාජ කණ්ඩායම් තරග කළහ. වැඩි ලකුණු 93 ක් ලබා ගනිමින් ගම්පහ ක්‍රීඩා සමාජය ශූරතාව දිනූහ. 
ගම්පහ ක්‍රීඩා සමාජය ලකුණු 183 ක් ලබා ගත්තේය. රවිදු මුණසින්හ 77, මාධව සිල්වා 31 හා තිළිණ ලක් රුවන් 30 බැගින් ලකුණු ලබා ගත්හ.වැලිවේරිය ක්‍රීඩා සමාජයේ ටී සුමනසේකර ලකුණු 29 ට කඩුලු 2 ක් ලබා ගත්තේය.
වැලිවේරිය ක්‍රීඩා සමාජය ලබා ගත් ලකුණු ගණන 90 කි . ටී සුමනසේකර 16 ක් හා ජේ කේ මදුශන්ක ලකුණු 16 බැගින් ලබා ගත්ත. ගම්පහ ක්‍රීඩා සමාජයේ කණිෂ්ක අබේවර්ධන ලකුණු 26 ට කඩුලු 4, තරන්ග සිල්වා ලකුණු 19 ට කඩුලු 2, දිමුතු සමෝදන ලකුණු 14 ට කඩුලු 2 බැගින්  ලබා ගත්හ. 
ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සoගමයේ සභාපති ඩන්ස්ටන් ගොලුහේවා ලේකම් ඩිලාන් ප්‍රනාන්දු ඇතුලු නිළධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ. 

                                                                                                                        @  කුමාරසිරි ප්‍රසාද්











Sunday 24 November 2013

බෝලේ නම එල්ලේ


නාගරීක ජනතාව අතර එතරම් ජනප්‍රිය නොවූවත් ග්‍රාමීය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය එල්ලේ ක්‍රීඩාව ජාත්‍යන්තර ක්‍රීඩවක් බවට අනාගතයේ  පත්වන පෙරමග ලකුණු දැන් දක්නට ලැබේ. විදේශයක නිපදවූ එල්ලේ නම සටහන් වන  පන්දු නුදුරේ දීම මෙරටට ලැබේ. ප්‍රමිතියකින් යුතු නව පන්දු වලින් ගමේ කුඹුරේ පොල් රුප්පාවේ හෝ වල ගොඩලි සහිත ක්‍රීඩා පිටිවල එල්ලේ ගැසීම එවිට පහසු වනු ඇත. තිස් වසරකට පමණ පසු උතුරු නැගෙනහිර තරුණයෝ ද අද එල්ලේ ගසති. අතීතයේ ජිල් බෝල ගසන්නට වත් වරම් නොවූ බිමක එල්ලේ      ගැන ක්‍රමවේදී දැනුමක් නොමැතිව ප්‍රමාණවත් පිති බෝල නැතිව එල්ලේ සමාජ සියයකට ආසන්න ප්‍රමාණයක් බිහිවී ඇත.
උතුරේ මෙන්ම දකුණේ ද එල්ලේ පිත්තට ඇලුම් කරනුයේ සoකර නොවූ ගැමි තරුණ පිරිසකි.




කණ්ඩායම් 32 ක් සහභාගී වූ මීගමුව කටියල පැවති එල්ලේ තරගාවලියක අවසන් දිනයවූ ඊයේ (24) තරඟයක් අතර බුලත් විටකින් සප්පයම් වීමට සැරසෙන තරුණයෙකු e - journalist  දුටු අයුරු.

                                                                                                        @ කුමාරසිරි ප්‍රසාද්


Saturday 23 November 2013

ඉන්දියාවේ පැරණිම කම්කරු සමිතිය


          ඉන්දියාවේ  පැරණිම වෘත්තිය සමිතිය,  සමස්ථ ඉන්දීය වෘත්තිය සමිති කොන්ග්‍රසයයි.



එය 1920 දී පිහිටුවන ලද්දකි. එහි පළමු සභාපති වූ ලලා ලජිපට් රායි  වසර ගණනවක් එම ධූරය දැරීය. කතුවරයෙකු හා දේශපාලන නායකයෙකු වූ ඔහු ඉන්දීය නිදහස් සටනේ පිලිගත් නායකයෙකු වේ.


ඉන්දියානු කම්කරුවා ජාතික මට්ටමින් සoවිධානය වන අතරම, ලෝක පරිමානවද කම්කරු ව්‍යාපාරය සමග හවුල් විය යුතුයි. ලලා ලජිපට් රායි ඉන්දීය  පලමු කම්කරු සමිතිය අමතමින්  කීය. 
ආරම්භක යුගයේ සමාජවාදීහු, ප්‍රගතිශීලීහු, කොමියුනිස්ට්වාදීහු හා ඉන්දීය ජාතිකවාදීහු  මෙහි ක්‍රියාකාරීව එක්ව සිටියහ. 1945 පමණ වන විට  ඉන්දීය නිදහස් ව්‍යාපාරය මෝදු වන අයුරු  හා දේශපාලන  ව්‍යාපාර සතු වූ වෙනස්කම් , බෙදීම් වෘත්තීය සමිති කොන්ග්‍රසය තුලද මතුවිය. එහෙත් ඒ වන විට සමස්ථ ඉන්දීය  වෘත්තීය සමිති කොන්ග්‍රසය එරට වැඩ කරන ජනතාව එක්වූ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබිණි.



වර්තමාන සාමාජිකත්වය මිලියන 4 කට ආසන්නවේ. ඒ අතර සoවිධිත  කාර්මික අoශයේ පේෂකර්ම, ගල් අඟුරු, වානේ, ප්‍රවාහන හා විදුලි බල වැනි අoශවල  කම්කරුවෝ වෙති.



සමස්ථ ඉන්දීය වෘත්තීය සමිති කොන්ග්‍රසයේ විශේෂය වන්නේ අසoවිධිත ක්ෂේත්‍රවල කම්කරුවන් ද සාමාජිකත්වය දැරීමයි. සුළු බීඩි නිපදවන ස්වයo රැකියාලාභීන්, නාටාමිවරුන්, අත්කම් රෙදි නිපදවන්නන්, පිටිසර පළාත් කම්කරුවන් වැනි අසම්මත අoශවල කම්කරුවන් ද සාමාජිකයෝ වීමය. ග්‍රාමීය කෘෂිකාර්මික සේවකයෝද  ඔවුන්ගේ සoවිධානද  මෙහි සාමාජිකත්වය ලබා ඇත.      


                                                                                                                      @  කුමාරසිරි ප්‍රසාද් 

Friday 22 November 2013

කටුනායක සිට අධිවේගෙන් කොළඹ යන්න ගාස්තු දෙකක්




කටුනායක කොළඹ අධි වේගී මාර්ගයේ පෞද්ගලික බස් සේවා ඇරඹීමත් සමග ගාස්තු ගැටලුවක් පැනනැගී ඇතැයි බස් රථ රියදුරෙක් කීය. ගුවන් තොටුපොළ හා කොළඹ අතර ගමනා ගමන මණ්ඩලයේ බස් ගාස්තුව රුපියල් 130 කි. වෙළද කලාපයේ සිට  අධිවේගී මග ඔස්සේ බස් ගාස්තුව රුපියල් 110 කි .
ගුවන් තොටුපොළ පිටවීමේ ෙදාරටුව අසල සිට ආරම්භ වන පැරණි මාර්ගයේ සුපිරි බස් ගාස්තුව රුපියල් 100 කි. ගුවන් තොටුපොළ සේවකයින්  එහි සිට කටුනායක වෙළඳ කලාප බස් නැවතුම දක්වා මෙම බස් රථ මගින් බොහෝ කාලයක සිට නොමිලේ රැගෙන එන බව බස් හිමියෝ පවසති. එසේ නොමිලේ පැමිණෙන සේවකයින් වෙළඳ කලාප බස් නැවතුමේ දී අධිවේගී මාර්ගයේ බස් රථ වලට ගොඩවීම නිසා තමනට අසාධාරනයක් වන බව සාමාන්‍ය සුපිරි බස් හිමියෙක්  පැවසීය.
කටුනායක නිදහස් වෙළඳ කලාප බස් පර්යන්තයේ සිට පසුගිය 20 දින ආරම්භවූ අධිවේගී මගේ සුපිරි  සේවාව ට බස් රථ 10 ක් සේවාව සපයයි. සෑම විනාඩි 15 කට වරක් කටුනායකින් හා කොළඹ කොටුවෙන් බස් රථ පිටත්වේ


                                                                                     කුමාරසිරි ප්‍රසාද්












                                                                                                                       

Thursday 21 November 2013

ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ පදනමෙන් කටානේ සා. පෙළ සිසුන්ට සම්මණ්ත්‍රණයක්




කටාන ආසනයේ 2013 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විශේෂ ගණිත සම්මන්ත්‍රණයක් කටුනායක දී ඉකුත් 20 දින පැවත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ මහත්මියගේ උපදෙස් පරිදි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම සoවිධානය කළ මෙම සම්මන්ත්‍රණය සුජය පුවත්පත මගින් මෙහෙයවීය.
කටුනායක සීදුව නගරාධිපති ලලන්ත ගුනසෙකර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

                                                                                                                       @කුමාරසිරි ප්‍රසාද්

සහජීවනයෙන් එකට ජීවත් වීමට ඉගෙනීමත් අධ්‍යාපනයේ එක් මූලික අoගයක්




21 වන ශතවර්ෂයේ දී අධ්‍යාපනය සදහා යුනෙස්කෝ සන්විධානයේ මූලික මුඛ්‍ය වාර්තාවේ ප්‍රධාන කරුණු 4 ක් ඇතුලත් ඉන් තුන්වැන්න තමා එකට ජීවත් වීමට ඉගෙන ගැනීම යැයි අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.
අතීතයේ අපිට එකට ජීවත්වෙන්න බැරි  උන වෙලාවල් තිබුණා දැනුම ඉගෙනීමෙන් විතරක් මදි පවතින විවිධත්වයන් තේරුම් ගෙන පවුල, ගම, සමාජය, රට, තුල විතරක් නොවේ ලෝකය තුලත් සහයොගයෙන් ජීවත් වීමට  අප පුරුදු විය යුතු බවද  ඔහු කීය. 
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ මග පෙන්වීම යටතේ පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ හිටපු LTTE සාමාජිකයන්  29 දෙනෙකුට NVQ 111  සහතිකපත් පිරිනැමීමෙ උත්සවයේදී ඔහු එසේ කීය.කටුනායක ඉන්ජිනේරු තාක්ෂණ  ආයතනයේදී මෙම උත්සවය පැවත්විණි.

                                                                                                                           @ කුමාරසිරි ප්‍රසාද්


දකුණේ විද්‍යාව ප්‍රශ්න කිහිපයක දෝෂ. ළමුන්ට ලකුණු



දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළාත් පාසල් සඳහා 11 ශ්‍රේණිය වෙනුවෙන් අද 21 ලබා දී ඇති ප‍්‍රශ්න පත‍්‍ර වල දෝෂ සහිත බව වාර්තා වෙනවා. එසේ දෝෂ සහිත වී ඇත්තේ විද්‍යාව - 1’  පත්‍රයයි.එම ප‍්‍රශ්න පත‍්‍රයේ 23, 25 සහ 34 යන ප‍්‍රශ්නවල දෝෂ පවතින බව දකුණු පළාතේ ළමුන් පවසනවා. ඔවුන් පවසා සිටියේ සමහර ප්‍රශ්න වල ප්‍රශ්නයක් නොමැති බවයි. එසේම ලබා දී ඇති පිළිතුරු හතරම වැරදි ප්‍රශ්න ද තිබෙන බව ඔවුන් පවසනවා. විසිපස් වන ප්‍රශ්නයට පිළිතුර 325 විය යුතු වුවත් අදාල පිළිතුරු හතරෙහිම එම පිළිතුර නොමැති බව ද ඔවුන් පවසනවා. මෙවැනි දෝෂ සහගත ප‍්‍රශ්න පත‍්‍ර සැකසීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වන බව ළමුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක් මහතාගෙන් කල විමසීමේදී ඔහු මෙලෙස පවසා සිටියා.
ඔය පිළිබදව මට දැනගන්න ලැබුනා. එතන වැරද්දක් වෙලා තියනවා. අදාල ප්‍රශ්න 3 ට එක් ප්‍රශ්නයකට ලකුණු 2.5 බැගින් ලකුණු 7.5 සියඵ ළමයින්ට දෙනවා. ඒ වගේම අදාල ප්‍රශ්න පත්‍රය සැකසීම පිළිබදව පරීක්ෂණයක් සිදු කරනවා.
@ ලංකින්ද නානායක්කාර


ධාවකයකු නොමැතිව ධාවනය වන ලංකාවේ පලමු මෝටර් රථය

නියමුවන් රහිත ගුවන් යානා අපගේ මතකයට එන්නේ මීට වසර කිහිපයකට පෙරයි. එනම් කුරිරු යුද්දයකින් රට වෙලාගෙන තිබු කාලයේ දීය. අද අප මාතෘ භූමිය නිදහස් නිවහල් රටකි. අප කියන්න යන්නේ නියමු රහිත ගුවන් යානා ගැන නොවුවත් මෙහි ධාවකයෙකු නොමැතිනම් රියදුරෙකු නොමැත. ඔබට මතක නම් මීට වසර 15 පමණ පෙර නැරඹු ගොව සුපතල නියිට් රයිඩර් කතා මාලාව එහි මයිකල් නයිට් විසින් පදවන කාරය මොවුන්ගේ නිර්මාණය තරමක සමාන කමක් දක්වයි.
ගාල්ල ඉමදු පදිංච් තිවංක සංජුන හා විහංග සංජුන යන පුතුන් දෙපල තවමත් භද් යෞවන වියෙහි පාමුල සිටින මොවුන් දෙදෙනා ලබන වසරේ උසස් පෙළ හදාරයි. ගාල්ල රිච්මන්ඞ් විද්යාලයෙනි. මොවුන් දෙපල නිවුන් දරුවන් වෙයි. විදුමවට මහත් ආඩම්බරයක් ගෙනා මේ පුතුන් දෙපල නිර්මාණය කර ඇති වාහනය ධාවකයෙකු නොමැතිව ධාවනය කල හැක. ලංකාවේ මෙවැන්නක් නිර්මානය වු රථම අවස්ථාව මෙයයි. නවීන තාක්ෂනය මොනවට යොදා ගනිමින් කර ඇති මෙම නිර්මාණය අනාගයේ කාර්ය බහුල සියඵ දෙනාට ඉතාමත් වටිනාකමකින් යුක්ත වන බව නොවනුමානයි.
තම නිර්මාණය පිළිබදව අදහස් දක්වන තිවංක සංජුන (18)


රාජ්‍ය සේවක වැටුප රුග 1200 වැඩිවේ.

2014 වසරේ අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබුවා. මෙය මහින්ද රාජපක්‍ෂ රජයේ අට වැනි අයවැය ලේඛනයයි. 2014 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය විසර්ජන පනතට අනුව ලබන වසරට සමස්‌ත වියදම රුපියල් ට්‍රිලියන 1.54 කි.

මෙවර අය වැය ලේඛනයේ මෙතෙක් සාරාංශය මෙසේය
1) බැංකු හා මූල්‍ය අංශ සඳහා 2% ක ජාතිය ගොඩනැඟීමේ බද්දක්
2) වයස අවරුදු 63 ට වැඩි ගොවීන්ට ගොවි විශ්‍රාම වැටුපක්
3) පශු වෛද්‍යවරුන් සඳහා රු. 7,500ක දීමනාවක්
4) වාරිමාර්ග සඳහා මිලියන 1,700ක් වෙන් කෙරෙයි
5) කුඩා තේවතු හිමියන්ට රු. 5,000ක දීමනාවක්
6) ළමා අපයෝජන හා කාන්තා අතවර වැලැක්වීමට රු.මිලියන 300ක් වෙන්කරයි
7) ශ්‍රී ලංකන් ගුවන් සේවයට මිලියන 150 කුත් , මිහින් ලංකා වෙත මිලියන 50 කුත් වෙන්කරයි
8) අයවැය පරතරය 2016 දී 3.8 දක්වා අඩුකිරීමේ දැක්මක්
9) අන්තර්ජාලය හරහා මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ ගෙවීම් සිදු කිරීමේ අවස්ථාව
10) රෙදිපිළි සැපයීමේ ප්‍රධානතම රටවල් 10 අතරට 2020දී සැලසුමක්
11) මාළු ආනයනයේ බද්ධ ඉහල දැමීමට යෝජනාවක්
12) කිරි කර්මාන්තය ඉහල දැමීමට කිරිගවයන් 20,000 ක් රටට ගෙන්වයි
13) වයස අවරුදු 68 දක්වා ව්‍යවසායකත්ව කාන්තාවන්ට බදු රහිත ණය
14) දැව භාණ්ඩ ප්‍රවාහනයට විශේෂ බලපත්‍ර අවශ්‍ය නොවේ
15) පනස්දහසට අඩු ආදායම් ඇති අයට පළාත් පාලන ආයතන බදු වලින් නිදහස්
16) වකුගඩුලෙඩරෝග විසඳීම සඳහා වතුර පිරිසුදු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට මිලියන 900 ක්
17) විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ වැටුප් ඉහලට. මොරටුව විශ්වවිද්‍යාලය නවීකරණය කිරීමට යෝජනා. නව විශ්ව විද්‍යාල නගර ඉදි කිරීමට යෝජනා
18) විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ අධ්‍යාපන සහනාධාර 5% කින් ඉහලට
19) කලාකරුවන්ට නිදහසේ කටයුතු කරන්න නිවාඩු නිකේතන පහක්
20) ඉංජිනේරුවන්, ගනකාධිවරුන් හා නීතීඥයින් වැනි විධායක ශ්‍රේණියේ රැකියා වල නියුක්තිකයන්ට සඳහා නිවාස ණය පහසුකම්
21) නැනසල මධ්‍යස්ථාන ව්‍යාප්ත කරමින්අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් රුපියල් බිලියන 1000ක්
22) පොලීසිය කාර්යක්ෂම කිරීමට තාක්ෂණික උපකරණ ලබාදේ
23) කොළඹ රාජකාරී කරන පොලිස් නිළධාරීන්ගේ නිවාස ප්‍රශ්න විසඳීමට නිවාස සංකීර්ණ 3ක් ඉදිකෙරේ

24) රාජ්‍ය සේවක වැටුප රු. 1200 කින් ද විශ්‍රාමිකයින්ට රු.500 කින් ද ජීවන වියදම් දීමනාව වැඩි කෙරේ.

ලoකාවේ බඩගින්නේ මියගියත් සෞදි නම් යන්න එපා



මේ රටේ බඩගින්නේ මැරුණත් සෞදි නම් යන්න එපා  දුකට විපතට පත් වුනාම බලන්න කෙනෙක් නෑ තානාපති කාර්යාල යෙන් වත් විදේශ සේවා එකෙන් වත් වැඩක් නෑ
අසනීපවෙලා කන්න බැරුව නැගිටින්නවත් බැරුව අසරණව ඉන්න කාන්තවන්ටත් අයලේ යනවා ටුවර්ස් යනවා කිය අපහාස කරන නිලධාරිණියන් රජයේ සේවයේ සිටිනවා
සෞදියේ ගෘහ පාලිකාවකව සිටියදී ඉදිකටුවක් ගිලීම නිසා කරන ලද සැත්කමකින් ඔත්පලව සිට ආපසු පැමින ඇති වත්තල නිලන්ති වරුණි මහත්මිය එසේ කීවාය.
සැත්කමින් පසු විවේක ගැනීමට නොදී අසීමිතව වැඩ ගැනීම නිසා ඇය බරපතල ලෙස රෝගාතුරව සිට හිස් අතින් ඉකුත් දා මෙරටට පැමිණ ඇත.
             
                                                                                                                          @ කුමාරසිරි ප්‍රසාද්

Wednesday 20 November 2013

ගින්නෙන් කඩේ සුන්

හොරණ පොලිස් බල ප්‍රදේශයට අයත් පෝරුවේදණ්ඩ,බොරළුගොඩ ප්‍රදේශයේ පිහිටි සිල්ලර බඩු ක‍ඩයක් බදාදා,20 රාත්‍රියේදී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
මේ නිසා සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව කඩහිමියා පවසන අතර, වෙළදසැළ තුළ තිබූ සිල්ලර බඩු සහ දුරකතන පෙරගෙවුම් කාඩ්පත් ආදී සියල්ල සම්පූර්ණයෙන් ගින්නට හසුව පිළිස්සී විනාශ වී ගොස් තිබේ.

අයිසන් (ISON) ධුමකේතුව දකින්න නැගෙනහිරට එන්න



තාරකා විද්‍යාඥයින්  ශතවර්ශයේ ධූමකේතුව වශයෙන් හදුන්වනු ලබන අයිසන් (ISON) ධූමකේතුව මෙමස සිට ලංකාවේ  නැගෙනහිර පළාතට පමනක් පෙනෙනට පටන් ගෙන ඇති බව ප්‍රකාශ කිරිමත් සමග තාරකා විද්‍යාව පිළිබද උනන්දුව දක්වන පිරිස් අළුයම හතරට පමණ එම අවස්තාව දැක ගැනිමට සුදානම් වන අකාරය දක්නට ලැබිණ. අම්පාර ස්කයි ලවර්ස් තාරකා සංගමය මෙම ධූමකේතුව නැරඹිමට උත්සහ දැරිය විනාඩි තිහක පමන කාලයක් පමනක් පවතින් මෙම ධූමකේතුව ඉතා කුඩා බැවින් නැඹිමට නොහැකි විය . මෙම ධූමකේතුව පියවී ඇසන් නැරඹිය නොහැකි වු අතර දුරක්ෂ භාවිතා කරමින් එය නැරඹිය  හැකිය . සම්මත තාරකා නාමකරණය අනුව C/2012 S1 විදිහට දක්වන්න පුළුවන් මෙම ධුම කේතුව 2012 සැප්තැම්බර් 21 වනදා මුලින්ම මෙය සොයැගනු ලැබුවේ අන්තර්ජාතික ප්‍රකාශ විද්‍යාත්මක ජාලය (International Scientific Optical Network) නම් ආයතනයේ රුසියන් තාරකා විද්‍යාඥයින් දෙදෙනෙකු වන විටාලි නෙවස්කි (Vitali Nevaski) හා ආර්ටියොම් නොවිචොනොක් (Artyom Novichonok) විසිනුයි.

මෙම ධූමකේතුව පිලිබඳ විවිධ මත පලකල අතර සියළු තාරකා විද්‍යාඥයින් මෙය පිලිබඳ අවධානයෙන් පසුවෙයි. කලක් තිස්සේ බලාසිටි අයිසන් ධූමකේතුව 2013 නොවැම්බර් මාසය වෙද්දී පෘඨිවියේ කක්‍ෂයට ඇතුළු විය. විදේශිය තාරකා විද්‍යාඥයින්ට පහසුවෙන් මෙය ඡායාරූපගත කරන්න වගේම පියවි ඇසින් හැකියාව ලැබි ඇත. නොවැම්බර් 20න් පස්සේ ශ්‍රී ලංකාවාසීන්ට පාන්දර 4.30ට විතර නැගෙනහිර අහසේ කන්‍යා රාශියට (Virgo) අයත් දීප්තිමත් තාරකාව වන ස්පිකා (Spica) නම් තාරකාව අසල දකින්න පුළුවන් බව විද්‍යාඥන් පෙනවා දුන්නද 21 වන දින නැගෙනහිර පළාතේ අම්පාර රජ වැව් තාවුලෙදි මෙම ධුමකේතුව දැක ගැනිමට නොහැකි විය . අයිසන් ධූමකේතුව තම කක්‍ෂෙය් තවදඅරටත් ගමන් කරද්දි හිරුගේ රශ්මිය නිසා දීප්තිමත්ව දිලිසෙනු දැකිය හැකි බව පැවසෙන අතර මෙය දෙසැම්බර් මුල සති දෙකක කාලයක් අපට දැකිය හැකි වන බව තාරකා විද්‍යාඥන් පවසා සිටි.


2013 නොවැම්බර් 28 වනදා පමණ වන විට හිරුගේ පෘෂ්ඨයෙන් කිලෝමීටර 1,165,000ක් පමණ දුරින් තිබෙන මෙය කිලෝමීටර කීපයක විශ්කම්භයෙන් යුක්ත වෙනවා. මෙහි වේගය පැයට කිලෝමීටර 1,360,000 පමණ වන බවට විස්වාස කෙරේ.
මේ සියවසේ අවසන් ධූමකේතුව වන මෙය තව තවත් හිරුට ලඟාවෙද්දී වේගය වැඩිවන අතර හිරුගේ රශ්මිය නිසා හා ඇකිවන ඝට්ඨනය නිසා මෙය පුපුරා යා හැකි බවටත් අනාවැකි පලකෙරෙනවා. මෙය පුපුරා ගියහොත් එහි බලපෑම පෘථිවිවාසීන්ටත් ඇතිවිය හැකි බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.

මෙම ධුම කේතුව පිළිබද සොයා බැලිම සදහා එච්.ආර්.අරුණ භණ්ඩාර පි.එස්. චාමර සුලක්ෂක්චන ඩි.එම්. සෙනවිරත්න එම් සෙනවිරත්න ජි.කේ.ගනේගෙදර ටි.එල් දර්ශන තරංග  කේ.එච්.සුජිත් කුමාර යන සාමාජිකයින් එක්ව සිටිහ.


                                                                            @චන්දන ලියන ආරච්ච්
Related Posts Plugin for WordPress, Blogger...