Thursday 26 June 2014

ඉමදුව බටේමුල්ල මහා විද්‍යාලයේ ලිංගික අල්ලස් කතාව බොරුවක් ද ?

ඉමදුව බටේමුල්ල මහා විද්‍යාලයේ ලිංගික අල්ලස් කතාව බොරුවක් බව එම විද්‍යාලයේ කළමනාකරණ කමිටුව තීරණය කරයි. ඉමදුව බටේමුල්ල මහා විද්‍යාලයේ සිසුවියක ඇතුලත් කර ගැනීමට යාමේ දී ලිංගික අල්ලසක් ලබා ගත්තා යැයි ඉමදුව ප්‍රාදේශීය සභාව තුල ප්‍රකාශ වු ප්‍රකාශය බොරුවක් මත සිදු වු කටකතාවක් පමණක් බව 27 දින රැස් වු එම විද්‍යාලයේ කළමනාකාර කමිටුව විසින් තීරණය කරන ලදී. මාධ්‍ය වල පල වු ඇතැම් කරුණු සම්බන්ධයෙන් අදාල කළමනාකරණ කමිටුව අද රැස් වු අතර එය මාධ්‍යයට ද විවෘර්ත කර තිබිණි.
එහි දී බොහෝ ගුරුවරුන් හා අංශ ප්‍රධානීන් පවසා සිටියේ අදාල කරුණ සම්බන්ධව පැති කිහිපයකින් සොයා බැලු බවත් එහෙම සිද්ධියක් සිදු වු බවට සාක්ෂි නොමැති බවත් විද්‍යාලය අපකීර්තියට ලක් කිරීම සදහා මෙය සිදු කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මෙහි දී අදහස් දැක් වු විද්‍යාලයේ විදුහල්පතිනිය එච්.වයි. සුමිත්‍රා මහත්මිය මෙසේ පැවසීය,  මේ ප්‍රාදේශීය සභාවේ ඉන්න අයට ඕන මාව මේ පාසලෙන් යවා ගන්න. ඒකට මේ එක එක දේවල් හොයලා මඩ ගහනවා. පාසලේ විනය ඉතාම හොදින් පවත්වාගෙන යනවා. මේ කොට්ටාශය තුල තියෙ හොදම ප්‍රථිපල තියෙන පාසල මේක. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවා ඇවිත් අපේ ප්‍රථිපල ගැන ඇගයීමක් කරලා ගියා.
ප්‍රාදේශීය සභාව වගේ වැදගත් තැනක මෙවැනි පැමිණිල්ලක් වත් නැති කට කතාවක් ප්‍රකාශ කිරීම ගැන කණගාටු වෙනවා. ඔය සිද්දියට සම්බන්ද යැයි කියන දරුවගේ තාත්තාගෙනුමත් මම මේ පිළිබදව අහුවා. ඔහු පැවසුවේ මට අවශ්‍ය දරුවාව පාසලට දාගන්න විතරයි කියලා. ඔය කියන දේවල් ඔහු පැවසුවේ නෑ. අද පාසලේ ළමයි නිළ ඇදුම පවා ඉතා හොදින් ඇදගෙන විනයවත්ව එනවා. මේ ගැන තියෙන ඉරිසියාවට තමයි මෙහෙම දෙයක් කලේ. මට තව අවුරුදු දෙකක් සේවය කරන්න තියෙනවා. මම ඒ සේවය අවස්න් කරන්නේ නැතිව යන්නේ නෑ. අපි රාජ්‍ය සේවකයෝ අපිටත් ආත්ම ගෞරවයක් තියෙනවා. මම රාජ්‍ය සේවා කොමිසමෙන් නිර්දේශ වෙලා ආපු විදුහල්පතිනියක්. මෙහෙම ප්‍රා දේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ නිකුත් කිරීමේ දී ඒ ගැන සොයා බලා ප්‍රකාශ නිකුත් කිරන්නේ නම් හොදයි.
ඒ අනුව විද්‍යාලයේ කළමනාකරණ කමිටුව තීරණය කලේ අදාල ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බවත් එවැනි දෙයක් පාසල තුල සිදු නොවී ඇති බවත්ය. ඒ අනුව මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රා දේශීය සභාවට හා ඉමදුව සම්බන්ධීකරණ කමිටුවට ලිපියක් මඟින් දැනුම් දෙන බවයි.
@ ලංකින්ද නානායක්කාර 


අපියි ජනාධිපතිතුමාගේ සැබෑ නෑදෑයෝ


       ගුවන් තොටුපොළ හා සේවා (ශ්‍රී ලoකා) සාමාගමේ නිදහස් සේවක සoගමයේ නව නිළධාරී මණ්ඩලයේ වැඩ බාර ගැනීමේ උත්සවය ඉකුත් 25 දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පැවත්විණි.ශ්‍රී ලoකා භික්ෂු බල මණ්ඩලයේ සභාපති නැදගමුවේ විජය මෛත්‍රී හිමි,  සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියන්කර ජයරත්න නියෝජ්‍ය අමාත්‍ය ගීතාoජන ගුණවර්ධන ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න ගුවන් තොටුපොළ සභාපති ප්‍රසන්න වික්‍රම සූරිය උප සභාපති කමල් රත්වත්තේ විධායක අධ්‍යක්ෂක ජොහාන් ජයරත්න නිදහස් සේවක සoගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවෙන්ද්‍ර මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් හා සේවකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

මට කිසිම වෙනසක් ලැබෙන්නේ නෑ මෙම තනතුර ලැබුනා කියලා ශ්‍රී ලoකා කාරයෙක් නිසා මගේ නූපන් සහොදරයෝ මට අහිමි වුනා ඒ එක්සත් ජාතික පක්ෂයේ පා පහරවල් වලින් මගේ නිවස දෙපාරක් අහිමි වුනා අවුරුදු 17 ක් 94 චන්ද්‍රිකා මැතිණිය බලයට එනකන් අපි දුක් වින්දා මගේ ජීවිතයේ වසර 17 ක් පරාජය වුනා ඉතිරි 18 ජයග්‍රහණ්ය කළා ජය පරාජය සමබරව විදපු මට අද කිසිම වෙනසක් දැනෙන්නේ නෑ මම අද මගේ දිනය හැටියට නොව වැඩි ඡන්දයේ මාව පත්කල ගුවන් තොටුපොළේ සේවකයින්ගේ දිනය ලෙස මම සතුටු වෙනවා යැයි නව සේවක සoගම් සභාපති එම් ඩබ් බී මුහන්දිරම් උත්සව සභාව අමතමින් පැවසීය.
පසුගිය සේවක නිළවරණය එක එක ආකාරයට අර්ථකතනය කලා ගුවන් තොටුපොළේ අනාගතය තීන්දු කරන ඡන්දය, සභාපතිතුමා දිනවන ඡන්දය, මුහන්දිරම් ගෙදර යවන ඡන්දය,  උප සභාපතිතුමා ගෙදර යවන ඡන්දය, අoශ ප්‍රධානීතුමාලාගේ ඡන්දය,ආයතනයට ආදරය කරන අයගේ ඡන්දය හා නොකරන අයගේ ඡන්දය ලෙස නමුත් ගුවන් තොටුපොළ සේවකයෝ මටවත් කවදාවත් බිදින්න බැරිලෙස වැඩි ඡන්ද 582 කින් තමුන්ගේ සභාපතිවරයා තමුන්ගේ හඞ ලෙස මාව පත් කරගත්තා මම ඔබ සැමට ගෞරවය පුදකරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ ආයතනයේ කම්කරුවාගේ සිට අoශ ප්‍රධානියා දක්වා පීඩනය තිබුණා අපියි ජනාධිපතිතුමාගේ සැබෑ නෑදෑයෝ ශ්‍රි ලoකා නිදහස් පක්ෂයේ සෑබෑ නෑයෝ ජාත්‍යන්තරය ලෑස්තිවෙලා ඉන්නේ අපේ ජනාධිපතිතුමාට ගහන්න හැබැයි මේ රටේ එක පොල්ලක් උස්සන්න බෑ සැබෑ ශ්‍රී ලoකාකාරයෝ ඉන්නකම්
ගුවන් තොටුපොළේ සභාපතිතුමා එක්ක අපිට කිසිම ගැටුමක් නෑ එතුමාගේ නම විකුණලා භීෂණය වපුරපු කණ්ඩායම් මෙතන හිටියා ඒවා පැහැදිලිව බලන්න කෙනෙක් හිටියේ නෑ ඉතිහාසයේ පළමු වතාවට  තේකොළ සීනි ටික නැතුව පසුගිය කාලයේ අපි හිටියා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිළ ඇදුම නැතිව අපි හිටියා  මේ කාරණය සභාපතිතුමාට කියන්න වෘතිය සමිතියක් හිටියේ නෑ අoශ ප්‍රධානීන් බයට ගියේ නෑ ප්‍රධානින්ට බයට සේවකයා එක් රැස් වුනේ නෑ
 ගුවන් තොටුපොළේ මහින්ද චින්තනය පසුගිය කාලයේ ක්‍රියාත්මක වුනේ නෑ මහින්ද චින්තනය නැවත ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ මැයි 27 පැවති සේවක නිළවරණයෙන් පස්සේ මේ රට බේරා ගත්තු දෙවන නිදහසේ පියාට ජනාධිපතිතුමාට ඉදිරි මැතිවරණවලදී  විරුද්ධව කතිර වැටෙනවට මම කැමති නැති නිසා තමා මේ ටිකත් කිව්වේ ඒ නිසා ඉදිරි මැතිවරණ වලදී පෙරටත් වඩා හොදින් නිදහස් සේවක සoගමය වැඩ කන බව ද මුහන්දිරම් පැවසීය.
රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ඇතුළු  සේවක ඉල්ලීම් අටක් ගුවන් සේවා ඇමතිවරයාට යොමුවූ අතර ඔහු ඒ පිළිබදව කටයුතු කිරීම ගුවන් තොටුපොළ සබාපතිවරයාට පැවරුවේය.
ගුවන් තොටුපොළේ නව පත්වූ සේවක සමිතිය  ඉතා හොද ආදර්ශයක් අපිට මුළු ලoකාවෙම සේවක සමිති වලට දීලා තියනවා මම හිතන විදියට සේව්‍ය සේවක යහපත් සබදතාවක් ගුවන් තොටුපොළේ තියනවා සේවක ඉල්ලීම් පිළිබදව ගුවන් සේවා ඇමතිතුමාගේ උපදෙස් පරිදී කටයුතු කරන බව ගුවන් තොටුපොළ සමාගමේ සභාපති කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය මහතා පැවසීය.
                                                                                                        කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ



Tuesday 24 June 2014

කටුනායක හදිසි ගින්නක්


යුරෝපය හා ඇමෙරිකා වෙළද පොළ වෙත ඇගළුම් අපණයනය කරන කටුනායක ස්මාට් ෂර්ට් ආයතනය තුල අද උදැසන හදිසි ගින්නක් ඇතිවිය. 
සේදුම් අoශයේ ඇතිවූ මෙම ගින්න පාලනය කිරීමට ආයෝජන මණ්ඩලය. ගුවන් තොටුපොළ, ගුවන් හමුදාව හා මීගමු මහ නගර සභාවේ ගිනි නිවන් ඒකක සමත් වූහ.
                                                                                                                                     @  කුමාරසිරි ප්‍රසාද්

Thursday 19 June 2014

ගාල්ලේ මිහිදු පුතුන්ගේ මිහිදු පෙරහැර

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිඟිති  දරුවන්ගේ මිහිදු පෙරහැර  20 දින ගාල්ල නගරය පුරා වීථි සංචාරය කරන ලදී.
පොසොන් පොහොය නිමිත්තෙන් ගාල්ල නගරයේ පවත්වන ප්‍රධානතම මිහිදු පෙරහැර වන මෙම පෙරහැර විචිත්ත්‍රවත් අංගයන් රැසකින් සමන්විත විය.
පෙසොන් බැති ගී, කස කරුවන්, බොරු කකුල් නටන්න් සහ තවත් නැටුම් වර්ග 27 සමන්විත වු මෙම පෙරහැර විද්‍යාලයේ විදුහල්පති වසන්ත සිරිවර්ධන මහතාගේ උපදෙස් මත සංවිධානය කර තිබුණි.
මෙම පෙරහැර නැරඹිම සදහා විශාල පිරිසක් මඟ දෙපස එක්ව සිටියහ.







@ ලංකින්ද නානායක්කාර

Friday 13 June 2014

කම්ඹුරුගමුව බෙලිමල් දන්සැල


කඹුරුගමුව එක්සත් මිතුරු කැල ගම්වාසීන්ගේ සහායෙන් හයවන වරටත් බෙලිමල් දන්සැලක් පවත්වන ලදී. කඹුරුගමුව වැව අසලදී පවත්වන ලද මෙම දන්සෑල පොසොන් පෝ දින දවස පුරා පැවත්විණි.














Related Posts Plugin for WordPress, Blogger...