Tuesday 5 November 2013

මාතර දෙනිපිටිය මහා විද්‍යාලයේ ගුරුවරයා ළමයාට දුන් දඩුවමට නෑදෑයින් හරස් වෙයි.



මාර/ දෙනිපිටිය මහා විද්‍යාලයේ සිසුවෙකුගේ කලිසමක කොටසක් කැපීම සම්බන්දයෙන් අදාල ගුරුතුමියට වෙනත් පාසලකට මාරු කිරීමට විරෝධය පා ප්‍රෙද්ශවාසීන් පිරිසක් අද 05 දින පාසල ආසන්නයේ උද්ඝෝෂණයක් පැවැත්විණි. කෙසේ නමුත් අද දින අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්යක්ෂ තුමා ඇතුඵ පිරිසක් පාසලට පැමිණී අතර ඔවුන්ට උද්ඝෝෂකයින් කරුණු පැහැදිලි කරීමෙන් අනතුරුව විදුහල්පතිතුමා විසින් ලබන 7 දා පාසල් සංවර්ධන සමිතියේ රැස්වීමක් කැදවීමෙන් අනතුරුව එම පිරිස විසිර යන  ලදී.

මේ සම්බන්ධයෙන් අදාල පාසලේ සිද්ධියට සම්බන්ද සෞඛ් හා ශාරීරික අධ්යාපනය භාර ආචාර්ය වරිය වන ඉන්දිකා නිෂානි සෙනවිරත්න මහත්මිය මෙසේ පවසයි,
අපි හැමදාව ශරීර සුවතා කරන විට ළමයින්ගේ දුම් බලනවා. වගේම පසුගිය සිකුරාදාත් කටයුතු සිදුකරා. අවස්ථාවේ දී තමයි අදාල සිසුවා ඇතුඵ සිසුන් තුන් දෙනෙකුගේ කලිසමේ වාටිය ලිහුවේ. එහෙම කරාට පසුව ජනිත් ඉමල්ක පුතා මට ඇවිල්ලා කිව්වා මිස් මට මෙහෙම විභාගය ලියන්න බෑ. ගෙදර ගිහිල්ලා වෙන කලිසමක් ඇදන් එන්නම් කියලා. මම හා  කියලා විදුහල්පතිගේ අවසර ඇතිව ගෙදර යන්න අවසර දුන්නා. පුතා ගෙදර ගිහිල්ලා අක්කා සහ මස්සිනා එක්කගෙන ආවා. මම සහ විදුහල්පතිතුමා අයට මේ ගැන කරුණු පහදලා දුන්නාම අය පිළිගත්තා. පිළිගෙන අය ගෙදර ගියා. ඊට පැය භාගයකට විතර පස්සේ කිහිපදෙනෙක් ඇවිල්ලා පාසල ඉදිරියේ කලිසම කපපු ගුරුවරියගේ සාරිය ගලවන්න අපි ආවේ කියලා කෑ ගැහනවා ඇහුනා. එයාලා අපි කැපු කොටසට වඩා වැඩි රමාණයක් කලිසමේ කපලා නැවත ගෙනල්ලා තිබුනා. අපි එයාට කිව්වා පුතේ මුදල් නැත්නම් අපි කලිසම් රෙද්දක් දෙන්නම් හොද විධියට කලිසමක් මහගෙන එන්න කියලා. මම දරුවාව හදා ගන්නයි එහෙම කරේ. දරුවට කවදා හරි තේරේවි මම අද කරපු දේ. අපි යුතුකම තමයි මේ දරුවන් හදාගන්න එක. අන්තිමට එහෙම හදන්න ගිහිල්ලා අද මට මාරු වීමක් ලැබිලා. කිසිම දෙයක් නොකර නිකම්ම හිටියා නම් දරුවෝ හැදෙන්නෙත් නෑ. මට මාරු වීම් ලැබෙන්නෙත් නෑ. මම අද සිට නම් ඉන්නේ එහෙමයි. පාසලට ගිහිල්ලා මට වැඩ කරන්න අමාරුයි සමහර මාධ් වල කියලා මට මානසික ලෙඩක් තියනවා කියලා. මම කොහොම පාසලකට ගිහිල්ලා උගන්වන්නේ. දරුවා යහපත් පුරවැසියෙකු කරන්න හදපු එක මගේ මානසික ලෙඬේ. මම අදින් පස්සේ නම් ඔය දරුවන් හදන්න යන්නේ නෑ. පඩිය ගන්න විතරක් පාසල් යනවා. කලාප කාර්යාලයෙන් මගෙන් රකාශයක් පමණක් ගෙන මාව මාරු කරලා. මෙහෙම දේවල් කරාම අනිත් ගුරුවරුත් කලකිරෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ ළමයෙක් හෙඵවෙන් ආවත් උගන්වන්න. මම 2031 විශ්‍රාම යනවා. එතකන් මම පඩි ගන්න විතරක් පාසල් යනවා. වැඩ කරන්න ගිහාම තමයි ප්‍රශ්න එන්නේ.
මේ පිළිබදව අප කල විමසුමකට පිළිතුරු දුන් මාර/ දෙනිපිටිය මහා විද්යාලයේ විදුහල්පති නන්දසේන සෙනවිරත්න මහතා,
මම මේ පාසලට එන විට මෙහි විනය ගොඩක් පිරිහිලා තිබුනා. අපි මට්ටම හදාගෙන රතිඵල හොද මට්ටමකට ගෙන ආවා. විදුහලක රතිඵල හොද වෙන්න නම් විනය අනිවාර්යයෙන්ම හොද විය යුතුයි. විනය හදන්න ගිහිල්ලා තමයි ඔය කියන සිද්දිය උනේ. අපිට අවශ් දරුවාව හදා ගන්නයි. ළමයාව පාසලෙන් අයින් කරා නම් දරුවා හොරෙක් මංකොල්ලකාරයෙක් වෙනවා. එහෙම නොකර දරුවා හදාගන්න උත්සාහ කර නිසා තමයි මෙහෙම දෙයක් වුනේ. ඔය දරුවට ඔය කියන තරම් ආර්ථික අපහසුවක් නෑ. එයගේ අතේ සෙලියුලර් දුරකතනයක් තියෙනවා. මවුන්ටන් බයිසිකලයකින් තමයි පාසල් එන්නේ. අපිට දරුවා සමඟ පෞද්ගලික තරහක් නෑ. එදා දවසේ ඔහුගේ කමීසයේ පාසලේ ලාංඡුනයවත් තිබුනේ නෑ. ඉතින් දඩුවමක් නොදී පුඵවන්න ? දැන් එක ළමයෙකුගේ රශ්නයක් නිසා අදාල ගුරුවරිය මාරු කරලා. දැන් අනිත් ළමයි හාරසිය හතලිහටම ගුරුවරියක් නෑ. හෙට අනිද්දා විභාගය තියෙනවා.
කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්යාපන අමාත් චන්දිම රාසපුත මහතා ගෙන් කල විමසීමේ දී මහතා මෙසේ පැවසුහ,
මේ පාසලේ කිසියම් සිද්දියක් වෙලා තියෙනවා. අදාල ගුරුවරියට ලබා දී තියෙන්නේ මාරුවීක් නෙවෙයි. එය අනියුක්තයක්. පරීක්ෂනයක් කරනකොට එතන ඉන්න සුදුසු නැති නිසා තමයි එහෙම කරලා තියෙන්නේ. ඒක සාමාන් රජයේ නීතිය. මම අධ්යාපන ඇමති විධියට ගුරුවරුන් සහ ළමයි යන හැමෝම ගැන බලනවා. මෙතන දී ගුරුවරිය තරමක් තම සීමාව ඉක්මවලා තියෙනවා. එතුමිය කියන පරිදි දරුවා හදන්න තමයි එහෙම කරලා තියෙන්නේ. හොද චේතනාවෙන් කරපු දෙයක් වෙන්න පුඵවන්. පිඟන් හෝදන කෙනා අතින් තමයි පිඟන් බිදෙන්නේ. මම හිතනවා මීට වඩා සුදුසුයි ළමයාගේ පංති තහනම් කරා නම් කියලා. වගේම මේ ගුරුවරුන් දරුවන්ගේ විනය හදන්න කරන කටයුතු අගය කරනවා. වගේම සීමාව ඉක්මවා නොයන්න කියලත් මම කියන්න කැමතියි. මේ පිළිබදව පරීක්ෂනයක් සිදු වෙනවා. පරීක්ෂනයක් තියනවා කියන්නේ ගුරුවරිය වැරදිකරුවෙකුවත් ළමයා වැරදි කරුවෙකු වත් නොවෙයි. ඒක තීරණය කරන්නේ පරීක්ෂනයෙන් පසුව.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...