Monday 24 February 2014

නයිජීරියානු ක්‍රිකට් කණ්ඩායම මෙරටට


      ශ්‍රී ලoකා ඒකාබද්ධ ක්‍රිකට් කණ්ඩායම සමග විස්සයි 20 තරගාවලියක් සදහා නයිජීරියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ මෙරටට පැමිණියේය. පැවැත්වෙන තරග ගණන හතරකි. ටෙස්ට් තත්වය නොලැබූ නයිජීරියාවේ ක්‍රිකට් දියුණු කිරීම සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබී ඇතිබව ශ්‍රී ලoකා ක්‍රිකට් නිළධාරියෙක් කීය.
                                                                                                                                කුමාරසිරි ප්‍රසාද්

Friday 21 February 2014

රත් හදුන් රේගු අත් අඩoගුවට


රුපියල් මිලියන 220 ක් පමණ වටිනා රත් හදුන් කිලෝ 10 360 ක් සහිත කන්ටේනරයක් රේගු ආදයම් අධීක්ෂණ ඒකකය ඊයේ අත් අඩoගුවට ගෙන ඇත. වෙනත් රටක වරායකට ප්‍රතිඅපණයන ය ට මෙම කන්ටේනය මෙරට එවා ඇති බව රේගුව කියයි.

                                                                                         කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Wednesday 19 February 2014

සිරුරේ රහස් තැනක


කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

   සිරුරේ රහස් තැනක සගවාගෙන රුපියල් මිලියන තුනක් පමණ වටිනා රන් බිස්කට් දෙකක් පෙරේදා 18 රටින් පිට කිර්‍රිමට තැත් කල ගොතටුව පදින්චි කාන්තාවට රුපියල් පණස් දහසක් දඩ නියම කල බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා නීති අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය. රන් කැබලි වල බර ග්‍රෑම් 596 කි. රන් කැබලි දෙක රාජ සන්තක කර ඇත.

Sunday 16 February 2014

අන්තර් ජාතික මැදිහත්වීමක්

       
මෙරට ගැටළු විසදාගන්නට ජාත්‍යන්තර අත පෙවීම් අනවශ්‍ය බව රජය කියයි. නමුත් නිදහස් වෙළද කලාපවල ගැටළු නිරාකරණයට අන්තර් ජාතික මැදිහත් වීම සනිටුහන් කරමින් ගෝලීය කම්කරු සම්මේලනයක  මහ ලේකම් වරයෙකු වන ජර්කි රයිනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට පැමිණ සිටී. ඔහු ඊට පෙර බියගම වෙළද කලාපයේ රැකියා අහිමිව සිටින සේවකයින් අද සවස හමුවිය.
                                                                                                                                         කුමාරසිරි ප්‍රසාද්


Friday 14 February 2014

කොළඹ කාන්තා විද්‍යාලීය කණ්ඩායම ට ඔරු පැදීමේ ශූරතා


ඩුබායි හිදී  පැවති ආසියානු පාසැල් ඔරු පැදීමේ තරගාවලියේදී කොළඹ කාන්තා විද්‍යාලීය කණ්ඩායම කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ  ඔරු පැදීමේ ශූරතා දිනා ගන්නා ලදී. ආසියානු පාසැල් ඔරු පැදීමේ සම්මේලනය පස්වෙනි වරට මෙම තරඟාවලිය සoවිධානය කර ඇත.



අනුශ්කා තිසේරා (නායිකා), තිරන්යා ප්‍රනාන්දු සහ අනිකා අහමඩ් ( උප නායිකාවන්) ඉසබෙලා සැන්සොනි, ‍යෙල්ලානි රාසපුත්‍ර, ටී කරුනාරත්න, නශාලි ගුණතිලක, ටෙහානි වල්පොල , අශ්මිතා ගුනරත්න, චානිකා ගුනතිලක, ඉශාරා ඇබේ, ඩවීනා කොච්, ෂැනොන් පෙරෙරා, නිහරා වරවිට,ඩිහානී අමරසින්හ සහ පුහුණුකරු, ෂරෙන් කන්නන්ගර මහතා , ඩී ත්‍යාගරාජා හා ලිලාමනි ද සේරා (කණ්ඩායම බාර ගුරුතුමිය ) මහත්මීන් ගුවන් තොටුපොළේදී ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

                                                                                                       කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Tuesday 11 February 2014

දොඩම් ගෙඩි 12 ක් තුල හෙරොයින්



                    රුපියල් ලක්ෂ  හැටකට වැඩි වටිනාකමින් යුතු   වටිනා හෙරොයින් කිලෝ එකක්   පම ණ රට තුලට රැගෙන ඒමට තැත් කල පකිස්තාන ජාතිකයෙක් ඊයේ රෑ (10) ගුවන් තොටුපොළ රේගුව අත් අඩන්ගුවට ගෙන ඇත. කරච්චි සිට පැමිණි සැකකරු උර්දු බස පමණක් කථා කරන බව රේගුව කියයි. ඔහු  රැගෙන ආ ගමන් මල්ලේ තිබූ දොඩම් ගෙඩි 40 ක් අතර තිබූ ගෙඩි 12 ක් තුල මෙම හෙරොයින් තොගය තිබූ බව රේගුව කියයි.
                                                                                               කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Sunday 9 February 2014

මාධ්‍ය නිදහස අහිමිවීම

         ගුවන් තොටුපොළ වාර්තාකරුවන්ට ගුවන් තොටුපොළ ට පැමිණෙන සෑම අවස්ථාවකදීම මාධ්‍ය ආයතනයෙන් ලිපියක් රැගෙන ආ යුතු බවට ගුවන් තොටුපොළ ඉහල බලධාරියෙකු කරන ලද නියෝගය නිසා සිදුව ඇති අපහසුතාව පිළිබදව වාර්තාකරුවෝ ගුවන් තොටුපොළ පොලීසියට පැමිණිලි කලහ. මාධ්‍ය නිදහස අහිමිවීම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා වීම ගුවන් තොටුපොළ ස්ථිර වාර්තාකරුවන්ගේ තමන් කැමති රැකියාවක් කිරීමේ අයිතිය මෙම තීරණය නිසා අහිමි වන බව මෙම පමිණිලි වල  සටහන් වේ
ගුවන් තොටුපොළ වාර්තාකරුවන් මෙම ගැටලුව පිළිබදව ගුවන් තොටුපොළ කළමනාකරු සමග කල සාකච්ඡාවේදී සභාපතිවරයා අවසර ලබාදෙන්නේ නම් වාර්තාකරුවන්ට සුදුසු සහනයක් ලබාදීමට සූදානම් බව ඔහු කීය.

දුම්වැටි රාජසන්තකයි

              ඩුබායි සිට අද අළුයම රැගෙන ආ රුපියල් ලක්ෂ අටක්  පමණ වටිනා දුම්වැටි තොගය රාජසන්තක කල බව රේගුව කියයි. සැකකරුට රුපියල් ලක්ෂයක දඩ නියම කර ඇත. කොළඹ ප්‍රදෙශයේ පදිoචි ලාoකිකයෙකු ගමන් මළු හතරක සගවාගෙන ආ සිගරට් කාටූන් 400 ක් ගුවන් තොටුපොළ රේගුව අද අළුයම අත් අඩoගුවට ගන්නා ලදී.

                                                                 @  කුමාරසිරි ප්‍රසාද්


ස්වරනාභරණ ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට

         


           ස්වරනාභරණ තොගයක්   ගමන් මල්ලේ සගවාගෙන  සාජා සිට මෙරටට  පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක  ගුවන්තොටුපොළේදී ඊයේ  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
කහ පැහැ රන් මාල 68 ක්, කහ පැහැ රන් බේස්ලට් 48ක්, රෝස  පැහැ රන් මාල 9 යක්,  සුදු රත්තරන් මාල 44 ක්,  රන් කරාබු ජෝඩු 10 යක් ,  පෙන්ඩන්ටි 02 ක්,  පලේඩියම් ලෝහ කැබලි දෙකක් සහ රිදී ග්‍රෑම් 45 ක් අත්අඩංගුවට ගත් භාන්ඩ අතරවේ .
එහි වටිනාකම රුපියල්  විසි දෙලක්ෂ හතලිස්  දහස් හයසිය විසිපහකි.


Friday 7 February 2014

ලක්ෂ 160 කට වැඩි වටිනාකමි යුතු රන් බිස්කට් රේගු අත් අඩoගුවට

        




       රුපියල් ලක්ෂ 160 කට වැඩි වටිනාකමි යුතු රන් බිස්කට් 31 නීති විරෝධීව රට තුලට රැගෙන ඒමට උත්සාහ කල ලාoකික ගුවන් මගියෙකු අද අළුයම ගුවන් තොටුපොළ රේගුව අත් අඩoගුවට  ගත්තේය. කලිසමේ ඉණ වාටියේ හා සපත්තු තුල මෙම රන් බිස්කට් සගවා තිබූ බව රේගුව කියයි.කාලයක් තිස්සේ කල විමර්ශණයක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම නියෝජ්‍ය රේගු අධිකාරි නිශාන්ත ජයසින්හ, සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත ගුරුගේ හා නුවන් අබේනායක මහත්වරු මෙම වැටලීම කර ඇත.



Tuesday 4 February 2014

වුෂූ ක්‍රීඩාවට පදක්කම්



ඉන්දියාවේ පැවති තෙවන ලුසෆෝනියා ක්‍රීඩා උළෙලේ දී  රන් රිදී ලෝකඩ පදක්කම් ලැබූ ක්‍රීඩකයින් ගුවන් තොටුපොළේදී ශ්‍රී ලoකා වුෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා ඇතුළු නිළධාරීහු පිළිගත්හ. රන් පදක්කම් තුනක් ලැබූ ප්‍රබාත් මනුරoග  ඇතුළු ක්‍රීඩකයෝ ගුවන් තොටුපොළේ දී සමූහ  ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
                                                                                                      කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Sunday 2 February 2014

ගුවන්තොටේ කම්කරු නායකයෙකුට අපලයි

ගුවන්තොටුපොළ හා සේවා   සමාගමේ ආරක්ෂක අoශයේ සේවකයෙකු හා වෘතීය  සමිති නායකයෙකුගේ ගුවන්  තොටුපොළ  රාජකාරී හැදුනුම්පත  ගුවන්තොටුපොළ සභාපති ගේ  උපදෙස්  අනුව  ආරක්ෂක  ප්‍රධානියා බලහත්කාරයෙන් ආපසු ලබාගෙන  ඇත.  ඔහුගේ වැටුප් ගෙවීමද අත්හිටුවන ලෙස  සභාපති  නියෝග කර  ඇත.                                                    

Related Posts Plugin for WordPress, Blogger...