Sunday 3 November 2013

වෑන් රියේ එළුවන් 45ක්

හිංසාකාරි ලෙස වෑන්රථයක එළුවන් 45 දෙනෙකු පටවා ගත් වෑන් රථය සමග සැක කරුවන් දෙදෙනෙකු පෙරේදා (03) රාත්‍රි යේ  කන්තලේසේරුනුවර මාර්ගයේදි අත්අඩංගුවට ගත් බව කන්තලේ පොලීසිය පවසයි.




රථවාහාන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් මෙම සැකකටයු තු වෑන්රථය පරීක්ෂා කිරිමේදී එළුවන් සමග වෑන් රථය අත්අඩංගුවටගෙන තිබේ. මෙම එළුවන් එකට එක සිරවන සේ ආසන ගලවා රුගෙන යමින් සිට ඇතැයිද සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවදපොලිසිය කියයි.

වෑන්රථය මූතූර් තෝපුර් සිට එළුවන් ජාඇල ප්රිදේශයට රුගෙන යමින් තිබුණි.සැකකරුවන් කුරුණෑගල නාරම්මල පදිංචිකරුවන්වේ.කන්තලේ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විපුල හපුආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස්සැරයන් වරුන් වන (3171) අජිත් (6769) හේරත්, කොස්තාපල් වරුන් වන (42558) බංඩාර (35528) සමන්ත (57502) ආනන්ද යනනිලධාරීන් මෙම වැටලීම සිදුකළහ.
ඒ.ටි.එම්.ගුණානන්ද

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...