Tuesday 5 November 2013

අනුරපුරයේ එකම පවුලේ 5ක් ඝාතනය කෙරේ

අනුරාධපුර පොලිස් වසමේ විහාර හල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක පුද්ගලයන් 5 දෙනෙකු කපා කොටා
ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය 5 වන දා උදෑසන පරීක්‍ෂණ ආරම්භ කළේය. සිද්ධියට සම්බන්ධ වලට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු සමඟග ලොරි රථයක් හසකල පොලිසිය මඟගින් ඊයේ (05) දහවල් අත්අඩංගුවට ගත්බව වාර්ථා විය.
අනුරාධපුර විහාර හල්මිල්ලකුලම, විහාර පාළුගම ප්‍රදේශයේ සිදුවුණු මෙම අමානුෂික
ඝාතනයෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ විහාර පාළුගම පදිංචිව සිටි ප්‍රේමදාසගේ ඉන්දුමති ශ්‍රියාණී
(45) කේ.ඒ සුමිත් උයද කමාර (23), කේ.ඒ තක්ෂිලා කුමුදු කුමාරි (13), මහියංගනය කොටියාපල
පදිංචිව සිටි ප්‍රේමදාසගේ පේමාවතී (46) සහ රාජපක්‍ෂගේ ප්‍රියන්ත (25) යන පුද්ගලයන් 05
දෙනායි.
කේ.ඒ තක්‍ෂිලා කුමුදු කුමාරි











 මහේස්ත්‍රා්ත් පරීක්‍ෂණය පවත්වන රුවන්දිකා මාරපන මහත්මිය


ප්‍රේමාවති

මියගිය ඉන්දුමති ශ්‍රියානි බරපතල තුවාල ලබා සිටින ඇගේ සැමියා වූ කේ.ඒ පියදාස 


කේ.ඒ සුමිත් උදය කුමාර 

මොවුන් එකම පවුලේ ඥාතීන් බව පොලිසිය පවසන අතර මියගිය ඉන්දුමතී ශ්‍රීයාණී මහත්මියගේ සැමියා වූ කේ.ඒ පියදාස (47) මහතා ප්‍රහාරයට ලක් වී බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය ත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි. ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනය කම්කරුවකු වශයෙන් සේවය කළ අයෙකි. ඔහු මේ වන විට දින කිහිපයක් තිස්සේ ආයතනයෙන් නිවාඩු ලබා ඇති බවද අනාවරණය විය.

මියගිය ඉන්දුමතී ශ්‍රීයාණී සහ ප්‍රේමදාසගේ ප්‍රේමාවතී යන දෙදෙනා සහෝදරියන් වන අතර ප්‍රේමාවතී මහත්මිය මහියංගනය කොටියාපල ප්‍ර්දේශයේ පදිංචිව සිට ඇයට අයත්ව තිබූ ඉඩම රුපියල් තුන්ලක්‍ෂ පනස්දහසකට විකුණා දමා ඇගේ දරුවාද සමඟග 04 වන දා සවස 05ට පමණ ඔවුන්ගේ නිවසේ බඩුබාහිරාදිය රැගෙන විහාර පාළුගම පදිංචිව සිටි සහෝදරියගේ නිවසට පැමිණ තිබේ. සහෝදරියගේ නිවසට පැමිණ ඇය රැගෙන ආ භාණ්ඩ වෙනත් නිවසක ආරක්‍ෂාවට තබා රාත්‍රිය ගත කිරීම සඳහා සහෝදරියගේ නිවසට පැමිණ තිබෙන බවද පොලිසිය පවසයි. මියගිය ප්‍රේමාවතී මහත්මිය ඇයට මහියංගනය ප්‍රදේශයේ අයත්ව තිබූ ඉඩම විකුණා ලබා ගත් රුපියල් දෙලක්‍ෂ හැත්තාදහසක් තිබූ බවද පොලිසිය පෙරේදා (04) රාත්‍රියේ ඉන්දුමතීගේ නිවසේ හා ඊට යාබධ පිහිටි ඇගේ සහෝදරියගේ නිවසේ දෙපාර්ශවයක් මත්පැන් පානය කර ඇති අතර ඊයේ (05) අළුයම 01 පමණ වනතුරු මත්පැන් පානය කර ඇති බවද පොලිසිය පවසයි. මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මහියංගනය සිට පැමිණි ලොරි රථයේ රියදුරාත්, රිය සහායකයාත් මහියංගනයට යෑමට පිටත් වී ඇති අතර ලොරි රථයේ පැමිණි තවත් පුද්ගලයෙකු ඉන්දුමතී මහත්මියගේ නිවසේ නතර වී ඇති බව ද පොලිසිය පවසයි.

ඉන් අනතුරුව සියලු දෙනා අළුයම නින්දට ගොස් ඇති අතර නිවසේ නිදා සිටි 06 දෙනාටම කිසියම් පුද්ගලයෙකු හිසට මුවහත ඇති ආයුධයකින් පහර දී ඝාතනය සිදුකර තිබෙන බව පොලිසිය පවසයි. නිවසේ
සාලය මැද දෙදෙනෙකු ඝාතනය කර තිබූ අතර සෙසු පුද්ගලයන් තිදෙනා කාමරයක නිදා සිටියදී ඝාතකයා විසින් ඝාතනය සිදුකළ පුද්ගලයා විසින් ඉඩම විකුණා ලබාගත් මුදල් පැහැර ගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකරන්න ඇති බවට පොලිසිය සැක පහළ කරන අතර නිවසේ ස්ථානරැසක බඩුභාහිරාදිය පෙරලා මුදල් සොයා ඇති බවද පරීක්‍ෂණ සිදුකරන පොලිසිය පවසයි. මහියංගනයේ සිට ලොරි රථයේ පැමිණි පුද්ගලයා
මුදල් ලබාගැනීමේ අරමුණින් මෙම පුද්ගලයන් 06 දෙනාම ඝාතනය කිරීම සඳහා පෙළෙඹෙන්නට ඇති බවද
පොලිසිය සැක පහල කරයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි උතුරුමැද පලාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේ ගුණවර්ධන මහතා වහාම හසලක හා මහියංගනය පොලිසියට බඩු භාණ්ඩ රැගෙන ආ ලොරිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදුන් අතර ඊයේ (05) දහවල් වන විට හසලක පොලිසිය මඟගින් ලොරි රථය සමඟග එහි රියදුරාත් සහායකයාත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. එහෙත් එම ලොරි රථයේ පැමිණි අනික් පුද්ගලයා මෙතෙක් පොලිසියට සොයාගැනීමට නොහැකි වී ඇති අතර ඔහු ඝාතනය සිදුවුණු නිවසේ තිබූ කාන්තා පාපැදියක්ද රැගෙන පලා යන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය ඉන්දුමතී මහත්මියගේ සහෝදරියක වන යාබධ නිවසේ පදිංචි මිලිනා ශ්‍රීයානී මහත්මිය කියා සිටියේ වෙනදා මෙන් සහෝදරිය උදෑසනම අවධි නොවීම නිසා නිවසට ගොස් බලද්දී ඔවුන් සාලය මැද මැරී වැටී සිටින අයුරු දැක ප්‍රදේශ වාසීන්ට පවසා ඒ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසිය දැනුවත් කළ බවයි. ඉන් අනතුරුව ප්‍රහාරයට ලක් වී සිටි සහෝදරියගේ සැමියා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බවද ඇය පැවසූවාය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිල සුනඛ අංංශයේ නිළ සුනඛ බ්ලැකි පැමිණ ඝාතනය සිදු වූ නිවසේ තිබූ පාවහන් යුගලක් ඉව අල්ලා පසුව එම ස්ථානයෙන් ඉවත්ව ගියේය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උ.පෙ.ප එච්.එම්.කේ යසරත්න මහතා බී වාර්ථාවක් මඟගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එහි පැමිණි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේඛ දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය විසින් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය පවත්වා මියගිය පුද්ගලයන්ගේ සිරුරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි වෙත යොමුකර ඝාතනය සිදු වී ඇති ආකාරය
සම්බන්ධයෙන් අධිකරණයට වාර්ථා ඉදිරිපත් කරන ලෙසත් , මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය. ඊට අමතරව මෙම සිද්ධියේ නඩු විභාගය මේ මස 26 වන දින පැවැත්වෙන බැවින් මෙම සිද්ධිය ඇසින් දුටු කිසිවකු සිටී නම් අධිකරණය හමුවට පැමිණ සාක්‍ෂි ලබා දෙන ලෙස සිද්ධිය වූ ස්ථානය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල් වෛදරත්න මහතා , හා අධිකරණ වෛද්‍ය එච්.ඒ. කරුණා තිලක යන මහත්වරුන්ද පැමිණ පරීක්‍ෂණ සිදුකළ හ. උතුරුමැද පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පති
රංජිත් පද්මසිරි යන මහත්වරුගේ විශේෂ උපදෙස් මත කොට්ඨාශභාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න
හා තඹුත්තේගම කොට්ඨාශභාර පොලිස් අධිකාරි ජේ.යූ රාමවික්‍රම යන මහත්වරුන්ගේ මෙහෙය වීම මත
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පො.ප තිස්ස විතානගේ අපරාධ විමර්ෂණ
අංශයේ ස්ථානාධිපති ප්‍රභාත් ගාල්ලගේ කොට්ඨාශ අපාරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති එම්.එස්
කුමාරසිංහ මහතා ඇතුළු නිළධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරති.

@ අනුරාධපුර මහේෂ් විජේසූරිය


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...