Sunday 3 November 2013

වී ගබඩාවේ කේරල ගංජා

මාන්කුලම නව දුම්රිය ස්ථානය අසල පිහිටි  වී ගබඩාවක් තුල සගවා තිබූ රැපියල් ලක්ෂ 08 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් පෙරේදා (03)සැකකරැවෙකු ද සමග අත් අඩංගුවට ගෙන ඇත

වවුනියාවේ ගංජා අලවියට සම්බන්ධ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ගංජා කිලෝ 05 ග්‍රෑම් 200 ක් පමණ සැකකරැ  යතුරැ පැදියක් ද සමග අත් අඩංගුවට ගත් බව පවසන පොලිසිය සැකකරැ වවුනියාව කෝවිල්කුලම් ප්‍රෙද්ශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව ද සදහන් කරයි.

අත් අඩංගුවට පත් සැකකරැ වැඩි දුර පරික්ෂණ කටයුතු සදහා මාන්කුලම් පොලිසියට බාර දී ඇති අතර මොහු කලක සිට මන්නාරම ප්‍රෙද්ශයෙන් කේරල ගංජා ගෙනවිත් වවුනියාව සහ කිලිනොච්චිය ප්‍රෙද්ශ වල බෙදා හරින බවටද මුලික පරික්ෂණ වලදී හෙලිවී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මන්නාරම ප්‍රධානි සහකාර පොලිස් අධිකාරි අසිත රණසූරිය,මූලස්ථාන අණදෙන නිලධාරි ඩී.එම්.යු. අබේරත්න යන අය ගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක වයි.එම්. සුරවිර,  එම්.එම්.ජි.ආර්.උදය, සැරයන් ජයසුන්දර (38865), පො.කො.එරන්ද(11190), ලක්ෂමන් 14670),බුද්ධික(69832),කරැණාරත්න(81331),මෙම වැටලීමට එක්වූහ.  
@ බන්දුල සෙනෙවිරත්න


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...