Tuesday 5 November 2013

හබරාදුව උනවටුන කන්ද ජල යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පැවරේ.

හබරාදුව උනවටුන කන්ද ජල යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පැවරේ. මේ සඳහා වියදම්කර ඇති මුදල් රුපියල් ,මිලියන විසිහතරයි දශම හතරකි. කාලයක් තිස්සේ උනවටුන කන්ද ප‍්‍රදේශයේ ජනතාවට පානිය ජලය නොමැතිව මහත් අසිරුතාවයකට ලක්වුහ. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ජල සම්පාදන අමාත්‍ය වරයාගෙන් කල ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය සකසන ලදී. මෙයින් පවුල් එකසිය තුනක, සමාජිකයෝ පන්සිය තිහක් සඳහා මෙම පහසුකම් සැපයීම සිදුකර තිබේ.


ගාල්ල උනවටුන ජලයෝජනා ක‍්‍රමය ජනතා අයිතිවට පැවැරිම සඳහා ජල සම්පාදන ජලාප‍්‍රවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය නිරුපමා රාජපක්ෂ, ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර රමේෂ් පතිරණ, දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් ද,හබරාදුව ප‍්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...