Thursday 24 April 2014

නාගරික සංවර්ධන අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරියේ කඹ ඇදීමෙන් ඉමදුව සංවර්ධනය ලප් තැනම ලොප්

ඉමදුව අධිවේගී පිවිසුමක් වීම නිසාම ඉමදුව නගරය පුර නැගුම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන්නට විය. ඒ අනුව පොල භූමිය, නව බස් නැවතුම් පොලක්, එලිමහන් රංගන වේදිකාවක්, ළමා උයනක් මෙන්ම මාර්ගය පුළුල් කොට සැකසීම මෙහි අරමුණ විය. මීට වසර දෙකකට පමණ පෙර සංවර්ධන කටයුතු ඇරඹුවත් මේ වන විට ආයතන කිහිපයක කඹ ඇදීමක් නිසා සංවර්ධන කටයුතු ඉක්මනින් සිදු නොවන බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මෙසේ මන්දගාමී ස්වරූපය මෙන්ම නියමිත ලෙස අදාල කටයුතු නොකිරීම නිසා අද ඉමදුව නගරයේ වෙලද සැල් හිමියන් ජනතාව මුහුණ පා ඇත්තේ විශාල ගැටළු කිහිපයකටය.
නගරයේ තිබු කුඹුරු ගොඩ කරමින් නව පොල භූමිය හා එලි මහන් වේදිකාව ඉදිකරන ලද අතර ඒ හේතුව සහ ඇල මාර්ගයක් අළුතින් ඉදි නොකර තිබු පැරණි ඇල මාර්ගය වසා දැමීම නිසා සුළු වර්ෂාවකට පවා ඉමදුව නගරයම මේ වන විට ජලයෙන් යටවෙයි. මෙහි ප්‍රධානම අවස්ථාව වුයේ පසුගිය අළුත් අවුරුදු දින (14) සවස පැවති වර්ෂාවෙන් සම්පුර්ණ නගරය ම ජලයෙන් යට විය. මෙහි දී වෙලද සැල් හිමියන්ට ලක්ෂ ගණනින් පාඩු වු අතර රාජ්‍ය ආයතන වන තැපැල් කාර්යාලය හා සතොස ද මෙම ගං වතුරට යටවුහ. එසේම ඉන් පසු දින කිහිපය තුල ඇද හැළුණු සුළු වර්ෂාවකට පවා නගරයේ කීප තැනක් ජලයෙන් යට වේ.
මේ සම්බන්දයෙන් අදහස් දැක්වු වෙලද ව්‍යාපාරිකයෙකු වන චන්දන වැලිගම මහතා,

මගේ වෙලඳ ආයතනයේ තියෙන්නේ විදුලි උපකරණ පසුගිය 14 දින අවුරුදු දින පැවති ගං වතුර නිසා මට රු. ලක්ෂ 8 ට වැඩි පාඩුවක් සිදුව තිබෙනවා. මේ පුර නැඟුම ව්‍යාපෘතිය පටන් ගන්න කලින් ඉමදුව නගරය යට වුනේ නෑ. එදා ලොකු වැස්සක් වැස්සෙත් නෑ. ඒත් සම්පුර්ණ කඩ ඇතුළු ටවුන් එකම යට වුනා. මේ ගැන කිව්වාම එක එක රාජ්‍ය ආයතන එක එක්කෙනාට වරද පටවනවා. අපි තමයි අමාරුවේ වැටෙන්නේ. මේ ව්‍යාපෘතියේ දී අළුතින් ඇලක් ඉදිකරන්නේ නැතිව තියෙන ඇල වසා දැම්මා. මේ සියල්ලටම හේතුව මෙයයි.
අයි.ආර්.එම්. ඉසුරු සම්පත් මහතා (30)

නව වසරේ දවසේ ගං වතුරෙන් මට ලක්ෂ දෙකක පමණ පාඩුවක් වුනා. දැනුත් විශාවස නෑ පොඩි වැස්සටත් දැන් නගරය යට වෙනවා. කරන්න පටන් ගත්ත වැඩේ ඉවර කරෙත් නෑ. අන්තිමට කරන්න ඕන වැඩේ මුලින්ම කරා. වතුර බැහැලා යන්න තිබුණු ඇල මාර්ගය අළුත් එකක් හදන්න කලින් වැහුවා. මේ සියල්ලටම මුල එයයි. මේ නිළධාරීන් අපි ඒ ගැන කිව්වත් ගානක්වත් නෑ.




වසන්ත ලියනගේ මහතා (42)
මම පදිංචිවෙලා ඉන්නෙත් නගරය තුලමයි. අළුත් අවුරුද්ද දවසේ ගං වතුරෙන් මගේ මුළු ගේම යටවුනා. අදත් මේ පොඩි වැස්සටත් පිටිපස්ස යට වෙලා. මේකට හේතුව වෙලා තියෙන්නේ පරගොඩ මොරගල්ල වත්ත සිට ආපු ස්භාවික ඇල මාර්ගය තමයි මේ නිළධාරීන් වැහුවේ. ඒකෙන් එන වතුර ප්‍රමාණය අධිකයි. මේ ආපු නිළධාරීන් කොළඹ සිට සැලැස්ම හදලා පායන දවසට මෙහේ ඇවිල්ලා තමයි ඔය ඇල වැහුවේ. අපි ගම්මුන් නිසා දන්න සිංහලෙන් කිව්වා වැස්ස දවසට මේ ඇල මාර්ගය හරහා යන ජල කන්දරාව ගැන. නමුත් අහන් කෙනෙක් හිටියේ නෑ. දැන් ගිහින් කියන කොට එක එක රාජ්‍ය ආයතන වලට මේකේ බෝලේ පාස් කරනවා. අපි එදා කියපු දේ නාගරික සංවර්ධ නිළධාරීන් ඇහුවා නම් මෙවැනි තත්වයක් අද උදා වෙන්නේ නෑ.
දැන්වත් මේ තත්වය ඉතා ඉක්මනින් විසදුමක් අවශ්‍යයි. නගරය පුළුල් කිරීමට වෙලද සැල් ඉදිරිපස කඩා සාදා ගන්න උනෙත් වෙලදසැල් හිමියන්ටමයි. ඒ සදහා වන්දි දෙන බව පැවසුවත් මේ වන තෙක් කිසිම කෙනෙකුට කිසිම වන්දියක් ලැබිලා නෑ. එහෙම ඉන්න අයට මේ වගේ දෙයක් වුනාම ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්. දැන් මේ අපට වෙලා තියෙන්නේ මේ දේවල් කියන්නවත් කෙනෙක් නෑ. ප්‍රා දේශීය සභාවට කිව්වාම කියනවා ඕක නාගරික සංවර්ධන අධිකාරියේ වැඩක් කියලා. ඒ අයට කිව්වාම කියනවා පහත් බිම් ගොඩකිරීමේ ආයතනයටයි ඕක අයිති කියලා. මම දන්න තරමට නම් මේ වැඩේ කරේ නාගරික සංවර්ධන අධිකාරිය. විවේකාරාම පන්සල අසල තියෙන ඇල මාර්ගය ඉක්මනින් හැදුවෝතින් මේක හරියනවා.
කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂනාත් සිල්වා මහතා ගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසුවා.
මම අදාල ස්ථානයට මීට සති තුනකට විතර කලින් ගියා. ඔතන ඔවැනි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් වැඩ ඉවර වුනහම නම් එහෙම තත්වයක් ඇති වෙන්නේ නෑ. අනික කල්වට් ඇතුළු ඇතුලත මාර්ග පද්දතිය කල යුත්තේ මාර්ග සංවර්ධන අධිකාරියයි. ඒක නොහදපු නිසා තමයි මේ තත්වය ඇතිව තිබෙන්නේ. අපි තිබු ඇල මාර්ගය වැසුවද නව ඇල මාර්ගයක් ඉදිකරා.
සුගත් ප්‍රේමසිරි මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ නාගරික සංවර්ධන අධිකාරිය ගාල්ල,
අවුරුද්ද දවසේ කොට වගයක් ඇල මාර්ගයක හිර වීම නිසා තමයි ඔය ගංවතුර තත්වය ඇතිව තිබෙන්නේ. ඔය මිනිස්සු කියන අල මාර්ගය හදන එක 24 පටන් ගන්නවා.එවිට ඔවැනි ගංවතුර තත්වයක් එන එකක් නෑ. අපි ඉමදුව ප්‍ර දේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් සංවර්ධන කටයුතු ජුලි- අගොස්තු වන විට අවසන් කරනවා. එසේම නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ අතර මඟ නැවතී හෝ හිමින් සිදු වන්නේ නෑ. මාර්ග සංවර්ධන අධිකාරියට අදාල කටයුතු තමයි මේ වන විට නැවතී තිබෙන්නේ. මෙහි තිබෙන කල්වට් එක සෑදිය යුත්තේ මාර්ග සංවර්ධන අධිකාරියයි.
අප මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු ගංගා ඉමාලි මහත්මියගෙන් විමසුවා,
මේක මේ එක එක්කෙනාට බෝල පාස් කරන්න ඕන වැඩක් නෙවෙයි. ඉමදුව ඉන්නේ ලොකු සල්ලි කාර ව්‍යාපාරිකයින් නොවෙයි.  ඒ අයට මේ සදහා ඉතා ඉක්මන් විසදුමක් අවශ්‍යයි. අවුරුදු දිනය පසුදිනත් ඔය ස්ථානයට ගිහිල්ලා වතුර බැස්සීමට උදව් කරේ අපි. මාර්ග සංවර්ධන අධිකාරිය හදන්නේ බෝක්කු පමණයි. ඔය සා විශාල වතුර ප්‍රමාණයක් බෝක්කුවකින් බස්සන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක ඒ අයගේ තාක්ෂණික දැනුම පිළිබදව තිබෙන ප්‍රශ්නයක්. අපි හදන බෝක්කු වලින් බස්සන්න පුළුවන් වෙන්නේ නගරයේ තිබෙන සාමාන්‍ය වතුර ටික පමණයි. කදු හා වෙනත් තැන් වලින් එන වතුර බස්වන්න නම් ඇල මාර්ගය සෑදිය යුතුයි. මම දන්න තරමට මෙතන තියෙන ස්භාවික ඇල මාර්ගය වහලා තියෙනවා. ඒ නිසා විය යුතුයි මෙය සිදු වන්නේ.
කොහොම වුනත් දැන් මේක මාධ්‍යයටත් ගිහිල්ලා තියෙනවා. මාධ්‍යත් ආයතන අතර ප්‍රශ්න ඇති නොකරනවා නම් හොදයි. මම කැමති නෑ කිසිම ආයතනයක් විවේචනය කරන්න. ඉදිරි සති දෙක ඇතුලත අපි කෙසේ හෝ අපේ වැඩ කොටස ඉවර කරලා දෙනවා. ඒ කියන්නේ පෙට්ටි බෝක්කු ගෙනල්ලා ඒ බෝක්කු සාදනවා. එවිට බලා ගන්න පුළුවන් ඔය බෝක්කු තිබුනා කියා ඔය තත්වය වෙනස් වේද කියලා. මාගේ දැනුමේ හැටියට නම් බෝක්කු දැමු පමණින් මෙය විසදෙන එකක් නැති වේවි. කෙහොම වුනත් මේ ගැන මාධ්‍යය කරුණු විමසු එකට ස්තූතියි.






@ ලංකින්ද නානායක්කාර

Sunday 6 April 2014

ජනපති සුභපතයි

            


           ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ට  උණුසුම් සුභපැතුම් පිරිනමයි.දුරකතනයෙන් අමතා ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පිරිනමා ඇත.

Wednesday 2 April 2014

සිoගප්පූරු විදේශ ඇමති තෙදින නිල සoචාරයක




        සිoගප්පූරු විදේශ ඇමති කේ ෂන්මුගන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සoචාරයක් ට ඊයේ දිවයිනට පැමිණියහ ජනාධිපති මහින්ද රාජපක්ෂ , විදේශ ඇමති ජී එල් පීරිස් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු මුණගැසීමට නියමිත ඔහු උතුරේ සoචාරයක නිරතවේ. යාපනය පුස්තකාලය නැරඹීමට යන විදේශ ඇමතිවරයා උතුරේ වර්තමාන ජනජීවිතය පිළිබදවද සොයා බැලීමට නියමිත බව නියෝජ්‍ය විදේශ ඇමති නියෝමාල් පෙරෙරා මහතා ගුවන් තොටුපොළේදී පැවසීය.

Related Posts Plugin for WordPress, Blogger...