Tuesday 5 November 2013

දකුණු පළාතේ ජංගම වෙළෙඳුනට නිල අඳුම් කට්ටල හා හැදුනුම්පත්


ප්‍රවාහන ශ්‍රේස්ත්‍රය යණු රටක ආන්ඩුව තබා ගැනීමට හා ගෙදර යැවීමට හැකියාව ඇති ශ්‍රේස්ත්‍රයක් බව දකුණු පළාත්  සභාවේ ප‍්‍රධාන ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ දකුණු පළාතේ ජංගම වෙළෙඳුනට හැදුනුම් පත් හා නිල ඇඳුම් ලබා දීමේ නවතම වැඩටහනක්  ගාල්ල ප‍්‍රධාන බස් නැවතුම්පොලේ දී පසුගිය 30 දින ආරම්භ කරමිනි. ඒ මහතා මෙසේ ද පැවසීය, අද ජනාධිපතිතුමා ඇතුඵ රජය ප්‍රවාහනය සහ මහා මාර්ග ගැන විශේෂ අවධානය යොමු කරමින් වැඩ කටයුතු සිදු කරනවා. සමහර කාල වල පයින් යන්න පවා බැරි වුන පාරවල් අද කාපට් කරලා ලස්සනට තියෙනවා. අද උතුරේ දකුණේ කියලා වෙනසක් නැතිව බස් නැවතුම් ලස්සනට හැදෙනවා. ජනාධිපතිතුමා දිවිනැගුම ආරම්භකරන විට සමහරු හිතුවේ මේක නිකන් පැල ඉන්දන ව්‍යාපෘතියක් පමණයි කියලා. අද දිවි නැගුම කියන්නේ ලංකාවේ ප්‍රධානම ව්‍යාපෘතියක් මෙය දෙවැනි වෙනවා නම් වෙන්නේ සමෘර්ධියට විතරයි. අද ගාල්ල බස් නැවතුම සියඵ නවීන උපාංගයන්ගෙන් සමන්විත වු එකක්. එහි කොටසක් ලෙස තමයි අද අපි ඔබට මේ නිල ඇදුම් සහ හැදුනුම් පත් ලබා දෙන්නේ. මින් පසු මේ ඇදුම සහ හැදුනුම්පත නැතිව වෙලදාම් කිරීමට බෑ. මේ නිළඇදුම සමග වෙලදාම් කිරීමෙන් පාරිභෝගිකයාට ඔබ ගැන විශ්වාසයක් ඇති වෙනවා. අපි මේ සිදු කලේ එයයි. අපේ රජය සියඵ තරතිරම් වල ජනයා සමග මේ ගමන යනවා. ඉදිරියේ දී පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුඵව තියෙනවා. ඉන්පසු විදේශිකයන් වැඩි වශයෙන් රටට පැමිණෙන්න පුඵවන්. එවිට ඔවුන් මෙම බස් නැවතුම් භාවිතා කරනවා. අද ගාල්ල බස් නැවතුමට පැමිණෙන අයගේ ආරක්ෂාව අපි උපරිමයෙන් සනාථ කරලා තියෙනවා.
මෙම අවස්ථාව සදහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ලේකම් සමන් දර්ශන පාඩිකොරාල, ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් රාජ්කුමාර මහතා ඇතුඵ ප්‍රවාහන අධිකාරියේ නිළධාරීන් සහභාගී විය.
@ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...