Tuesday 19 November 2013

යතුරු පැදියෙන් රට දිනවූ පුoචි හපනෙක්




ශ‍්‍රී ලංකාවට ගෞරවයක් අත් කරදෙමින් පිලිපීනයේ  මැනිලා නුවර පැවති 2013 ආසියානු  මෝටර් රථ ධාවන ශූරතාවලියේ යතුරු පැදි  කනිෂ්ඨ අංශයේ අනු ශූරතාව   ශ‍්‍රී ලංකාව නියෝජනය කළ  වන ජැක් ගුණවර්ධන දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකා යතුරු පැදි සංගමයේ වත්මන් සභාපති උපාලි දසනායක, හිටපු සභාපති ටී. රඝුනාදන් යන මහත්වරු සහ ජැක් ගේ පවුලේ අය හා හිතවත්තු ජැක් ගුණවර්ධනව  ගුවන්තොටුපොළේ දී  ඉතා උණුසුම් අන්දමින් පිළිගත්හ.



ශ්‍රී ලoකා යතුරු පැදි සoගමයේ සභාපති උපාලි දසනායක (වමේ සිට ) ජැක් ගුනවර්ධන, ඩ්වේන් ගුනවර්ධන , හිටපු සභාපති ටී රඝුනාදන් ගුවන්තොටුපොළේදී



ශ‍්‍රී  ලංකා යතුරු පැදි තරග ඉතිහාසයේ අන්තර් ජාතික තරගාවලියකින් පදක්කමක් දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය බව  ශ‍්‍රී ලංකා යතුරු පැදි සංගමයේ සභාපති උපාලි දසනායක මහතා පැවසුවේය.
පසුගිය 16 සහ 17 දිනවල රටවල් 23 ක සහභාගීත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවර පැවැති මෙම තරගාවලියේදී   කණිෂ්ඨ අංශයේ ශූරතාවය පිලීපිනය විසින් දිනාගන්නා ලද අතර අනුශූරතාව ශ‍්‍රී ලංකාවට හිමිවිය.
ජැක් නුගේගොඩ ලැයිසියම් විදුහලේ 9 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුගේ පුහුණුකරු වශයෙන්  පියා වන ඩ්වේන් ගුණවර්ධන මහතා කටයුතු කරයි. ඔහුට පුහුණු වීම සඳහා ධාවන පථ පහසුකම් ලබා දී ඇත්තේ හරේන් යටවක මහතාය.
ලබන වසරේ ආසියානු යතුරු පැදි තරගාවලියේ  ශූරතාවය දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් රට වෙනුවෙන් උපරිම දක්ෂාතා පෙන්වීමට බලා පොරොත්තු වන බව ඔහු ගුවන් තොටුපොළේදී කීය.
මෙම ජයග්‍රණ රටට ගෙන ඒමට අත දුන්  ක‍්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ,  පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, මැක්ලරන්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී රොහාන් ද සිල්වා, සියැට් ආයතනයේ නිලධාරීන් මෙන්ම ලැයිසියම් විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සෙසු සියළු දෙනාම ගෞරවයෙන් සිහිපත් කරන  බව ජැක් ගුනවර්ධන  පැවසීය.


                                                                                                              @  කුමාරසිරි ප්‍රසාද්












No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...