පරිගනක අධ්‍යපනය පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරිමේ අරමුණින් 2013 දැයට
කිරුළ වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් සදහා ඉ ශිල්පාගාර ලබාදිමේ වැඩසටහන
යටතේ පාසල් තුනක ඉදි කරනු ලැබු පරිගනක මධ්‍යස්ථාන සිසු අයිතියට පවරාදිම තොරතුරු
තාක්ෂණ සහ විදුලි සංදේශ අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා විසින් පසුගිදා සිදු කරන ලදි. මෙරට පාසල්
සිසුසිසුවියන් වෙනුවෙන් ඉ ශිල්පිගාර හත්සිය පනහක් ඉදිකිරිමට නියමිතය.

මෙය විශාල ගැටළුවක් ලිපි ලේඛණ අතරින් සොයා ගන්න කාලය වගෙම අවශ්‍ය දත්ත ලිපි පැරණි විම නිසා විනාස වෙනවා මේ තත්ත්වය මග හැර ගන්න නවින් තාක්ෂණයේ සහය ලබාගන්න සිදු වෙනවා .මේ බව දැනට චක්‍ර ලේඛණ මගින් රජයේ නිළධාරින් හට දැනුම් දි තිබේනවා.නීති හදලා විතරක් මදි එම නීති පවතින්න පසු බිමත් හදන්න ඕනෑ ඒක අපි කරනවා. අපි බලයට පත් වන විට මෙරට තොරතුරු තාක්ෂනය පිළිබද අවබෝදයක් තිබුණේ සියයට හතරක පමන පිරිසක් හට පමනයි. අද එය සියයට තිස්පහක් පමන වැඩිවී තිබෙනවා.2016 වන විට සියයට හැත්තෑපහක් ඉලක්කය කරායාහැකි බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය.
ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ අම්පාර කොටවෙහෙර විද්‍යාලයේ ඉ
ශිල්පාගාරය විවෘත කිරිමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින.
අම්පාර මොරගහපල්ලම විද්‍යාලය අම්පාර කොටවෙහෙර විද්‍යාලය අම්පාර
වැරැන්කැටගොඩ විද්‍යාලයන්හි මෙම ඉ ශිල්පාගාර පිහිටවා ඇති අතර එක් පරිගනක මධ්‍යස්ථානයක්
සදහා මිලියන හතරක මුදලක් වැය කර තිබේ.
මෙම අවස්ථාවට කම්කරු හා කම්කරු සබදතා නියෝජ්‍ය අමාත්‍ය රියර අද්මිරාල් සරත්
විරසේකර නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන සංස්කෘතික ප්‍රවාහන ඉඩම් ඉඩම් සංවර්ධ අමාත්‍ය
විමලවිර දිසානායක මහතා අම්පාර පාර්ලිමේන්තු මන්ත්‍රිණි ශ්‍රියාණි විජේවික්‍රම
මහත්මිය සහ නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රි ඩි. විරසිංහ අම්පාර දිසාපති නිල්ද
අල්විස් මහතා ඇතුළු ආරධිතයින් රැසක් එක්විය.
@ දිගාමඩුල්ල සමුහ චන්දන ලියනආරච්ච්
No comments:
Post a Comment