Sunday 3 November 2013

හල්දුම්මුල්ලටත් අලි කරදර


හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෑඑළිය  ග්‍රාම නිළධාරි වශමේ බෝගන්දන ප්‍රදේශයයට රාත්‍රී කාලයේ වන අලි පැමිණිමෙන් එක් නිවසකට බර පතල ලෙස හානී සිදුකර ඇත.
මෙම අවස්ථාවේ මෙම නිවසේ හතර දෙනෙක් සිටිය අතර, ඔවුන් දිවගොස් දිවි බෙරාගෙන ඇත.
මෙම නිවස ආර්.එම්.කරුණාරත්න නැමැති ගොවි වහතෙකුට අයත් වන අතර නිවසේ තිබු වී විශාල ප්‍රමාණයක් ද වන අලියා කා දමා තිබේ.

මෙම ප්‍රදේශයේ වන අලි තුන් දෙනෙක් සැරි සරණ හෙයින් මේ අලි රැළ මාළදොල,කොස්ගම,සීලතැන්න,වටගමුව, මරන්ගහවෙල, පුස්සැල,නාරන්මන්කඩ, මරන්ගහවෙල,ඌවතැන්න,වෑඑළිය,සහ නිත්තමලුව  ගම්මාන වලට
විටින් විට පැමිණ ගෙවතු වලට හානි කරණු ඇත.
මේ සම්බන්ධයෙන් රජයේ වගකිව යුත්තන්ට ද පැමිණිළි කර ඇති බව ප්‍රදේශවාසින් කියන අතර, වනජීවී  නිළධාරින් පැමිණ මේ අලි එලවා දමන මුත් නැවත ඊලට ගම්මානයට පැමිණ හානි කරණ  බවත්, එය විසදුමක් නොවන හෙයින් මෙම අලි රැළ වෙනත් කැළෑවකට ගෙන ගොස් දමන මෙන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
@ හල්දුම්මුල්ල සිරිල්  සෙනෙවිරත්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...