Wednesday 6 November 2013

රාජ්‍ය සේවයට අමිල සේවයක් කර ගාල්ල දිස්ත‍්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ තමරා පුෂ්පලතා මහත්මියගේ විශ‍්‍රාම උත්සවය

සමහරු මහා කම්මැලියෝ මේලෝ වැඩක් කරන්නේ නෑ.සමහරු රාජ්‍ය සේවකයෝ රාජ්‍ය සේවයෙන් යැපෙනවා මිසක මෙලෝ වැඩක් කරන්නේ නෑ.නිකන්ම රාජ්‍ය සේවයෙන් යැපෙනවා යැයි, දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති විජය එස් වීරසිංහ මහතා පැවැසීය. 
ඇමතිවරයා එසේ පැවසුවේ පුරා වසර තිස්තුනක් රාජ්‍ය සේවයේ නියතු වු ගාල්ල දිස්ත‍්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ තමරා පුෂ්පලතා මහත්මිය විශ‍්‍රාම උත්සවයට එක්වෙමිනි .මෙම උත්සවය,ගාල්ල ලබුදුව කෘෂිකර්ම පරිශ‍්‍රයේ දී පැවැත්විණි.





වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මේසේ ද කීය.
සමහර රාජ්‍ය සේවකයනගේ අදක්ෂතාවයට දේශපාලඥයින්ද බලපෑමක් සිදු කරනවා. මේ අය නිසාද, රාජ්‍ය පරිපාලනයේ ගුණාත්මත වෙනසක්් සිදුකරන්නට නොහැකිව තිබෙනවා. සමහර දේපපාලඥයන් මේවැරද්ද සිදු කරනවා.සමහරු මහා කම්මැලියෝ මේලෝ වැඩක් කරන්නේ නෑ.සමහරු රාජ්‍ය සේවකයෝ රාජ්‍ය සේවයෙන් යැපෙනවා මිසක මෙලෝ වැඩක් කරන්නේ නෑ.රාජ්‍ය සේවයෙන් යැපෙනවා. මේ සඳහා මේ අයට උපකර කරන්නේ අපේ දේශපාලඥයින්.මේ අයගේ වරද නිසා සමහරු වැඩකරන්නේ නෑ. සමහර රාජ්‍ය සේවයේ නිලධාරින් මම බලන් ඉන්නේ මේ අය කවදද විශ‍්‍රාම යන්නේ කියලා. වැඩක් කරන්නේ නැතුව මේ අය සමහරු රාජ්‍ය සේවයේ ඉන්නවාට වඩා මම බලන් සිටින්නේ මේ උදවිය කවද්ද රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගන්නේ කියලා.එහෙම ගියාම තමයි අපේ රාජ්‍ය ආයතන සකස් කරගෙන ඉදිරියට යන්න හැකිවන්නේ .
දැනට රාජ්‍ය සේවකයන් ලක්ෂ දාහතර හමාරකට අධික පිරිසක් ලංකාවේ සේවය කරනවා.මේ අයගෙන් උපරිම ප‍්‍රයෝජනය ගෙන රාජ්‍ය පරිපාලනයේ ගුණාත්මක වෙනසක් සිදු කිරීමට සන්ධාන ආණ්ඩුව පියවරගෙන තිබෙනවා. රාජ්‍ය නිලධාරිනට රාජ්‍ය සේවය ශරිරගත වෙන්නේ නැතිනම් වැඩක් නෑ. එහෙම නැතිව රාජ්‍ය නිලධාරින් නමට සේවය කිරීම, පැය අටකට තම සේවාව සිදුකිරීම මෙහි දී වැඩක් නෑ. සමහර නිලධාරින් රාජ්‍ය සේවකයන් නියමකාරයන් සේවය කරන්නෙ නෑ. වැඩකරන නිලධාරින් රටට දියුණුවට අවශ්‍යයි . කාර්යක්ශ‍්‍රම නිලධාරින් රටට අවශ්‍යයි. එහෙම නැතුව රාජ්‍ය පරිපාලනය රාජ්‍ය සේවය ජනතාවට උපරිම ආකාරයට කළ නොහැකියි.
එහෙම නිලධාරින් සේවකයන් සිටියොත් රාජ්‍ය ආයතන දියුණු වෙනවා.එහෙම පිරිසක් ඉන්නවා නම් ආසියාවේ ආශ්චර්ය සඳහා මේ උදවිය සමඟ යා හැකියි. එහෙම නැතුව මේ ගමන යන්න නොහැකියි. හැකියාව,දක්ෂතාවය, නිපුනත්වය ඇති නව ඉමක් දක්වා ගමන් කරන රටට, ජාතියට, ආදරය කරන ජනතාවගේ බදු මුදලින් ජිවන්වන බව හිතනා, දකිනා රාජ්‍ය නිලධාරින් රාජ්‍ය සේවකයන් රටකට අවශ්‍ය වෙනවා.
මම කියන්න බය නෑ. මගේ අමාත්‍යංශයේ වැඩබැරි සමහර නිලධාරින් මම බලන් ඉන්නේ කවදද මේ ඇත්තෝ මගේ අමාත්‍යංශයෙන් විශ‍්‍රාම යන්නේ කියලා බලන ඉන්නේ. උපහාර උළෙලවල් තියන්න නොවෙයි.මගේ අමාතංශයේ වැඩටික කරන්්න වෙනත් නිලධාරියෙක්ව එම ස්ථානයට පත්කරන්න. අද විශ‍්‍රාම යන ගාල්ල හිටපු නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තමරා පුෂ්පලතා මහත්මිය අපට අමාත්‍යංශයට අප දෙපාර්තමේතුවට වසර තිස්තුනත් සේ්වය කර තිබෙනවා. මේවැනි දක්ෂ නිලධාරින් රාජ්‍ය පරිපාලන නිලධාරින් රාජ්‍ය සේවයෙන් කල්තියා විශ‍්‍රාම යෑම රාජ්‍ය සේවයට රාජ්‍ය පරිපාලනයට බරබතල පාඩුවක් බව දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති විජය එස් වීරසිංහ මහතා පැවැසීය.
දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රී සිසිර කුමාරරත්න,ගාල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්,ඩබ්ලිව්.එස් ද සිල්වා,ගාල්ල දිස්ත‍්‍රික්,ගොවි කාන්තා සංගමයේ. සංභාපතිණි,මොරින්රාජපක්ෂ, කෘෂිකර්ම උපදේශක ඩබ්.ඞී.ඊ කොඩිතුවක්කු,ජී.එල්.බී.එස් ජයවර්ධන,පෝද්දල ප‍්‍රාදේශිය ලේකම්,ලලින්ද ගමගේ,පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ එස් රත්නසිරි,ගාල්ල දිස්ත‍්‍රික් ක‍්‍රමසම්පාදන අධ්‍යක්ෂිකා පුෂ්පා මලලසේකර,බන්දුල ඉලේපෙරුම,ගාල්ල ලබුදුව,රජයේ ගොවිපොලේ කළමණාකාර ජයන්ත සුමනරත්න ගාල්ල කනංකේ ඞී.එස් දහනායක. යන මහත්ම මහත්මිහුද මෙහි දී කතා කළහ. පැමිණි සිටි සම්භාවණිය පිරිස විසින් පුරා වසර තිස්තුනක් රාජ්‍ය සේවයේ නියතුව විශ‍්‍රාම දිවියට පත් ගාල්ල දිස්ත‍්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ තමරා පුෂ්පලතා මහත්මියට තිළිණ  ලබාදුන්හ.
@ ලංකින්ද නානායක්කාර

5 comments:

  1. පිදිය යුත්තන් පිදිය යුතුමයි.

    ReplyDelete
  2. රටට කෑම දෙන්න කැප උන මෙවන් සැම අගයක් කල යුතුයි.

    ReplyDelete
  3. මේවැනි දක්ෂ නිලධාරින් රාජ්‍ය පරිපාලන නිලධාරින් රාජ්‍ය සේවයෙන් කල්තියා විශ‍්‍රාම යෑම රාජ්‍ය සේවයට රාජ්‍ය පරිපාලනයට බරබතල පාඩුවක් බව දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති විජය එස් වීරසිංහ මහතා පැවැසීය.

    ReplyDelete
  4. මෙවන් තොරතුරැ ලොවට ගෙන යාම තමයි වැදගත් ලන්කින්ද. ස්තුතියි

    ReplyDelete
  5. විශ්‍රාම ගියාම ඔවුන් අගයන කලගුන දත් අය ඉන්නෙ බොහොම ටික දෙනයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...