Saturday 9 November 2013

වලස්මුලලේ පවුල් දෙකකට සංචාරක ස්පාඤ්ඤ ජාතිකයා ගෙන් නිවාස දෙකක්

 තමගේම වූ  නව නිවසක ජීවත්වීමේ සිහිනය  දකිමින් සිටි වලස්මුල්ලේ වත් පොහොසත් කමින් තොර පවුල් දෙකක ට කාරුණික ස්පාඤඤ ජාතිකයකුගේ සහයෝගයෙන්  සිය අපේක්ෂා මුදුන්පත්කර ගැනීමේ වාසනාව හිමිව ඇත.


ස්පාඤ්ඤයේ සෙවිලා  (Sevilla) ප්රගදේශයේ  පෙඩ්රෝත ඩි ලියෝන් හි වාසය කරන විශ්රානමිකයෙකු වන ලුවිස් කාර්ලෝස් ඇන්ඩ්රිිස් කමචෝ සිය ප්රගථම ශ්රීේ ලංකා සංචාරයේ දිම සිය මිතුරෙකුගේ මාර්ගයෙන් ඉහත පවුල් දෙක පිළිබද දැනුවත් වී ඇත. අනතුරුව වලස්මුල්ලේ ඵම පවුල් දෙකේ සාමාජිකයන් හමුවී ඔවුන්ගේ ජීවන තත්වය පිළිබද දැනුවත් වී මවුන්ට සිය ධන පරිත්යාවගයෙන් නිවාස දෙකක් සාදා දීමට ඉදිරිපත්ව ඇත.



මෙම කාරැණික ස්පාඤඤ ජාතිකයාගේ මෙකී පරිත්යා ගය සුවිශේෂී වන්නේ ඔහු දානපතියෙකු හෝ ධනකුවේරයකු හෝ  නොවීමයි. සිය විශ්රාවම වැටුපෙන් ජීවත්වන ලුවිස් මෙම නිවස්දෙක ගොඩ නගන්නේ මීට වසර දෙකකට ඵපිට අභාවප්රාවප්ත වූ සිය මෑණියන්ගෙන් ඇගේ වියොවින් පසු උරුම වූ මුදලක් උපයෝගී කරගනිමින් ඵම ආදරණිය මතාව සිහිවීම පිණිසයි.
මම දානපතියෙක් හෝ මිෂනාරිවරයෙක් හෝ නොවෙයි. මම සෙවිලාහි වර්ජන් ඩෙල් රොසියෝ රෝහලේ ( Virgen Del Rocio ) නඩත්තු අංශයේ කාර්මිකයෙක් ලෙස සේවය කලා. මම දැන් විශ්රාපමිකයි. මගේ ඵකම ආදායම මගේ විශ්රාකම වැටුප පමණයි.
අපේ අම්ම මීට අවුරුදු දෙකකට පෙර මිය ගියා. මිය යන විට ඇය මටත් මගෙ සහෝදරයන් දෙදෙනටත් සහෝදරින් දෙදෙනටත් මුදලක් ඉතිරි කරල තිබුණ.  මම මෙ ගෙවල් හදන්න වියදම් කරන්නෙ මට ලැබුණ මුදල් කොටසින් යැයි සිය සංවේදී ධන පරිත්යා ගය පිළිබද සදහන් කල ලුවිස් කාර්ලොස් ඇනඩ්රිනයස් දිනමිණට පැවසීය.
ස්පාඤඤ ජාතිකයාට ඵම පවුල් දෙක හදුන්වා දී ඇත්තතේ දක්ෂිණ අධිවේගී මාර්ග ව්යාසපෘතියේ  සිවිල් ඉංජිනේරු වරයෙකු ලෙස කටයුතු කරන ගාල්ල අනගාරික ධර්මපාල මාවතේ පදිංචි ඵච්.ජී.ඔලිවර් මහතාය.
ඉන් ඵක් අයකු වන්නේ වලස්මුල්ල විජේසිරිපුර පිටහවත්ත පදිංචි ධර්මා හේවගේ මහත්මියයි. නිවසක් පිළිබද සිය සැබෑවූ සිහිනය ගැන ඇය දිනමිණ ට පවසා සිටියේ මෙසේයි. මම සමෘද්ධි සංවර්ධන නිළධාරිණියක්. අපි අළුත් ගෙයක් හදන්න පටන් ගන්නකොටම වගේ 2002 දි මගේ මහත්තය හදිසියේ මියගියා. ගෙයි වැඩ නැවතුණා. මම මගේ දූල පස් දෙනත් සමග අපේ අම්මලගේ ගෙදර තමයි ජීවත් වෙන්නෙ. ඵ් කුඩා නිවසෙ අපි නව දෙනෙක් ජිවත්වෙනව බොහොම අමාරුවෙන්.
ගේ හදන්න මට ලොකු ආදායමක් නැහැ. ඵහෙම හිත හිතා ඉන්නකොට තමයි ඔලිවර් මහත්මය ලුවිස් මහත්තයට අපව හදුන්වා දුන්නේ. දැන් ගෙයි වැඩ බොහෝ දුරට අවසන්. අපට හරි සතුටුයි. මෙ මහත්තයට ජාති ජාතිත්  පිං සිද්ද වෙනව.
අනිත් නිවෙස් ලාභියා වන්නේ වලස්මුල්ලේ විජේසිරිවත්තේ , ඵකමුතුවත්ත, මසිල්ගහකොරටුව පදිංචි ඵච්.ජී. ප්රුසාද් මදුසංක මහතාය. ඔහු සිය අපමණ වු සතුට වචන බවට පෙරලුවේ මෙසේයි.
 මට ලොතරුයි දිනුමක් ඇදුන වගේ සතුටුයි. මම කුළිවැඩ කරලයි ජීවත්වෙන්නෙ. මට දූල දෙන්නෙක් ඉන්නව. අපි ජීවත්වෙන්නෙ පුංචි කටු මැටි ගේක. මෙ පිටරට මහත්තය අපිට අළුතින්ම ගෙයක් හදනව. දැන් හුගාක් වැඩ ඉවරයි. ඵ් මහත්තයටත් අපව ඔහුට හදුනවල දීපු ඉංජිනේරු මහත්තයටත් අපි ණය ගැතියි. අපි ඔවුන්ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනව.
මේවන විට ගෙවල් දෙකෙහිම 80% ක පමණ  වැඩ නිමවා ඇති අතර ඵ් සදහා සංචාරක විදේශිකයා රුපියල් ලක්ෂ 16 ක පමණ මුදලක් වැය කොට.
සිය වීසා නුදුරේ දීම අවසන්වන බවත්  නැවත සිය රටට ගොස් සිය සමාජ මෙහෙවර සදහා අවශ්යං ඉතිරි මුදලුත් රුගෙන නැවතත් ලංකාවට පැමිණ නිවෙස් දෙකහිම ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිම කිරීමට බලාපොරොත්තු වන බවත් ලුවිස් මහතා අප සමග වැඩිදුරටත් සදහන්කර සිටියේය.
පිංතූර.

@ මහින්ද පී.ලියනගේ



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...