Friday 29 November 2013

කටුනායක සේවක නොසන්සුන්තාවක්


කටුණායක නිදහස් වෙළද කලාපයේ පැලා සපත්තු නිෂ්පාදන ආයතනයේ වෘත්තීය  සමිති ක්‍රියාකාරින්ගේ සේවය ඊයේ (28) සිට අත්හිටුවා ඇතිබව වාර්තාවේ. මේ නිසා ඇතිවූ සේවක නොසන්සුන්තාව පාලනයට ආයතනය ලබන දෙසැම්බර් 02 දක්වා වසා දමා ඇති බව පැවසේ.
2012 හා 2013 වසර වලට වැටුප් වැඩිවීම්ක් ඉල්ලා පැලා සේවකයෝ පසුගිය ජූලි මාසයේ දින 11 ක්  වැඩ වර්ජනයක් කළහ. සාකච්ඡා කර වැටුප් වැඩි කරගැනීමට පොරොන්දුවී  කම්කරු කොමසාරිස් ඉදිරියේ එකගතාවී වැඩ වර්ජනය අවසන් කල බව සේවකයෝ කියති. ආයතනය පොරොන්දු කඩකර 2012 හා 2013 වසර වලට වැටුප් වර්ධක ලබානොදී 2014 වසර ට පමණක් රුපියල් 1150 ක වැඩිවීමක් කර ඇති බව නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සoගමය කියයි.
කම්හලේ නිෂ්පාදන කටයුතු හිතා මතා අඩු කරමින් හා එයට සක්‍රියව සහය දෙමින් සේවය කිරීම (සෙමින් වැඩ කිරීම ) යන චෝදනාව මත  පැලා සමාගමේ මෙහෙයුම් කළමනාකරු විසින් සේවක සන්ගම් ක්‍රියාකාරීන් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇත. මෙම චොදනාව අසත්‍ය බවත් තම සoගමයේ  පැලා  සාමාජික සේවකයින් මෑත කාලයේ කිසිදු වෘත්තීය ක්‍රියා මාර්ගයක් නොගත් බව නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සන්ගමයේ කටුනායක සoවිධායක අසේල ධර්මප්‍රිය පැවසීය.
 කටුනායක නිදහස් වෙළද කලාපයේ පිහිටි පැලා සමාගම දේශීය හා විදේශීය වෙළද පොළට සපත්තු නිපදවන ආයතනයකි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...