Thursday 21 November 2013

දකුණේ විද්‍යාව ප්‍රශ්න කිහිපයක දෝෂ. ළමුන්ට ලකුණු



දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළාත් පාසල් සඳහා 11 ශ්‍රේණිය වෙනුවෙන් අද 21 ලබා දී ඇති ප‍්‍රශ්න පත‍්‍ර වල දෝෂ සහිත බව වාර්තා වෙනවා. එසේ දෝෂ සහිත වී ඇත්තේ විද්‍යාව - 1’  පත්‍රයයි.එම ප‍්‍රශ්න පත‍්‍රයේ 23, 25 සහ 34 යන ප‍්‍රශ්නවල දෝෂ පවතින බව දකුණු පළාතේ ළමුන් පවසනවා. ඔවුන් පවසා සිටියේ සමහර ප්‍රශ්න වල ප්‍රශ්නයක් නොමැති බවයි. එසේම ලබා දී ඇති පිළිතුරු හතරම වැරදි ප්‍රශ්න ද තිබෙන බව ඔවුන් පවසනවා. විසිපස් වන ප්‍රශ්නයට පිළිතුර 325 විය යුතු වුවත් අදාල පිළිතුරු හතරෙහිම එම පිළිතුර නොමැති බව ද ඔවුන් පවසනවා. මෙවැනි දෝෂ සහගත ප‍්‍රශ්න පත‍්‍ර සැකසීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වන බව ළමුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක් මහතාගෙන් කල විමසීමේදී ඔහු මෙලෙස පවසා සිටියා.
ඔය පිළිබදව මට දැනගන්න ලැබුනා. එතන වැරද්දක් වෙලා තියනවා. අදාල ප්‍රශ්න 3 ට එක් ප්‍රශ්නයකට ලකුණු 2.5 බැගින් ලකුණු 7.5 සියඵ ළමයින්ට දෙනවා. ඒ වගේම අදාල ප්‍රශ්න පත්‍රය සැකසීම පිළිබදව පරීක්ෂණයක් සිදු කරනවා.
@ ලංකින්ද නානායක්කාර


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...