Thursday 7 November 2013

බොරු චෝදනා වලට ස්ථාන මාරු කල ගුරුතුමිය නැවත දෙන්න වැලිගම දෙනිපිටිය පාසල අසල දෙනිපිටිය මහා විද්‍යාලයේ සිසු දරුවෝ මාර්ගය අවහිරකර උද්ඝොෂනය



වැලිගම දෙනිපිටිය පාසල අසල දෙනිපිටිය මහා විද්‍යාලයේ සිසු දරුවෝ මාර්ගය අවහිරකර උද්ඝොෂනයක නිරත වුහ. අද 07 මේ නිසා වැලිගම අකුරැස්ස ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නැවතිණි. දෙනිපිටිය මහා විද්‍යාලයේ සිසුවෙකුගේ කලිසමක කොටසක් කැපීම සම්බන්දයෙන් අදාල ගුරුතුමියට වෙනත් පාසලකට මාරු කිරීමට විරෝධය පා එම විදුහලේ සිසුන් හා දෙමපියන් අද 07 දින පාසල ආසන්නයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.
පැය තුනක පමණ කාලයක් මෙසේ උද්ඝෝෂණයේ නිරත වු අතර, මාර්ගය දෙපස දිගු වාහන පෝලිම් දැකිය හැකි විය.මහා වර්ෂාව පැවැතියද මහ වැසිනොතකා උද්ඝෝෂකයෝ උද්ඝෝෂණයේ නිරතවිණි. උද්ඝෝෂකයින් පවසා සිටියේ අදාල ගුරුතුමිය ළමයා ට කර තරවටුවට මෙවැනි දඩුවම් සුදුසු නොවන බවයි. එ‍ෙස්ම සමහර මාධ්‍ය මගින් මෙම සිද්ධිය වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි.
කෙසේ නමුත් සවස 4.30 පමණ අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මික වීරකෝන් මහතා ඇතුඵ පිරිසක් පාසලට පැමිණ අදාල ගුරුවරිය ලබන සතිය තුල නැවත පාසලට ලබා දෙන ‍ෙපාරොන්දුව මත උද්ඝෝෂකයින් විසිරි ගියහ.
විද්‍යාලයේ ප‍්‍රධාන ශිෂ්‍යනායිකාව වු අශානි හංසනි පැවැසුවේ අද අපේ පාසල කාටුන් වලටත් දාලා. පාසලට ගරුත්වයක් ගෙන පාසල සකස් කරන පාසලේ දරුවනගේ අනාගතය සකස් කරන මෙම ගුරුවරිය පාසලට පාසල් මතාවට සම්පතක් බවත් ඇය යළිත් ලබාදීමට වගකිවයුතු අංශ පියවර ගත යුතු බවයි.
දෙමපියන් වෙනුවෙන් අදහස් දක් වු ජී.ඞී දයාවති මහත්මිය පැවැසුවේ,
දරුවනට නිසිමග කියා දෙන්නට හැකියාව ගුරුවරුනට තිබිය යුතුයි. තරවටු කරන්න දැරුවන් නිසිමග ගන්න ගුරුවරුනට හැකියාව තියනවා. ඇය ගුරුකම හරයාකාරව කළා. මේ ආකාරයට තවත් දැරවන්ට මේ යම් යම් වැරදිවලට දඩුවම් දී තිබුනා. ඒ අය ඒ අයගේ වැරදි හදා  ගත්තා. කවදාවත් ඒ අයගේ දෙමාපියන් පාසලට චණ්ඩි හෝ මැරයෝ එවලා ගුරුවරුනට තර්ජනය කරලා නෑ. මේ එක දරුවෙකුගේ ඥාතින්ට තමයි ළමයට ලබාදුන් දඩුවමට උරණ වෙලා තියෙන්නේ. 















2 comments:

  1. පාරට බහින්නම ඕනේ දෙයක් ලබාගන්න

    ReplyDelete
  2. නගරයේ ලොකු ඉස්කෝලවලත් කලිසම් කපනවා.

    දරුවන්ව මානසික පීඩනයට ලක් කරනවා.

    එව ගැනත් බලන්න ඕන නේද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...