Sunday 3 November 2013

හොර ෆාමසියේ මත් බේත්


මුගුණුවටවන විලත්තව ප්‍රදේශයේ ෆාමසියක් වටලා ප්‍රදේශයේ මත් ලෝලින්ට අලෙවි කිරිම පිණිස ගෙනැවිත් රහසේ ගබඩා කර තිබු තහනම් ඖෂධීය සිරප් වර්ග හා බෙහෙත් පෙති වර්ගයක තොගයක් එක් සැකකරුවෙකු සමග පෙරේදා (3දා) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි
පසුගිය කාලයේ දි විලත්තව මුගුණුවටවන කරවිටාගාර ප්‍රදේශයේ බොහෝ තරුණයන් වෛද්‍ය නිර්දේශයෙන් තොරව විවිධ ඖෂධ වර්ග අධි මාත්‍රාවකින් භාවිතා කර වෙරිමත්වන බවට ලැබුණු තොරතුරු මත පොලිසිය මේ සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂණ අරඹන ලදි




ඒ අනුව මෙම ෆාමසිය මානසික රෝගිනට දෙන රුපියල් 17කට අලෙවි කරන පෙත්තක් රැපියල් 200කටද කැස්සට බොන මිලිග්‍රැම් 100ක සිරප් බෝතලයක් රැපියල් 600 කටද වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි කරන බවට තොරතුරැ ලැබි ඇත මෙම සමහර සිරප් බෝතලයක් රැපියල් 125ක් වු අතර සමහරක් තහනම් ඒවා විය
ඒ අනුව ඔත්තුකරැවෙකු මගින් එම ඹෟෂධ මිලට ගෙන ෆාමසිය පරික්ෂාකර සිරප් බෝතල් 525 ක් හා පෙති සමග ඒවා අලෙවිකරැ අත්අඩංගුවට ගන්නා ලදි මෙම ෆාමසිය ලියාපදිංචි ඖෂධ සංයෝජකයෙකු යොදවා සිට ද නැත

සැකකරු හා ඖෂධ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය  හලාවත පොලිස් අධිකාරි පී. සාලිය ද සිල්වා සහකාර පොලිස් අධිකාරි එස්.එස් වික්‍රමසුරිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක මනෝජ් රණගල මහත්වරැන් ගේ උපදෙසින් දුෂණ මර්ධන එකකයේ ස්ථානාධිපති පරික්ෂක දිසානායක මහතා වැටලිම මෙහෙයවිය. අත් අඩංගුවට ගත් බෙහෙත් නිලධාරින් පරික්ෂා කරනු ජායාරැපයේ දැක්වේ
 ඊ සි ප්‍රනාන්දු

1 comment:

  1. "විලත්තව මුගුණුවටවන කරවිටාගාර "මෙහෙම ගම් ප්‍රදේශයක් ගැන ඇහුවෙත් අදමයි ,,මං හිතුවේ කැස්ස පැනිය බොන එක දැන් නැහැ කියලා,,

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...