Tuesday 5 November 2013

දිවා රාත‍්‍රී යු.පී.එල් ක‍්‍රිකට් තරඟාවලියේ ග‍්‍රීන් ටයිගස් කණ්ඩායම හා බුලූ වේල්ස් කණ්ඩායම්, සමශූරයන්


දික්කුඹුර යුනයිටඞ් ක‍්‍රීඩා සමාජය සංවිධානය කළ දිවා රාත‍්‍රී යු.පී.එල් ක‍්‍රිකට් තරඟාවලිය පසුගිය දා දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලීය ක‍්‍රීඩා පිටියේ දී පැවැතිවිණි. මෙහි  දී අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබු, ග‍්‍රීන් ටයිගස් කණ්ඩායම හා බුලූ වේල්ස් කණ්ඩායම්, සමශූරයන් වුහ.
මෙම අවස්ථාවට, එක් වු රත්ගම ප‍්‍රාදේශිය සභාවේ සභාපති මනෝච් මෙණ්ඩිස් මහතා සමශූරයන් වෙනුවෙන් තිළිණ ජය සංඛේත හා සහතික පත් බෙදා දීම සිදු කෙරණි.
මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත‍්‍රීවරු වන , කේ.ඩි. ජයවික‍්‍රම,පී.සී පියසිරි,ඉමදුව ප‍්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වී සරත් කුමාර,හබරාදුව සමුපකාර සමිතියේ සභාපති සමන්ත වැලිගමගේ,අහංගම පොලිසියේ ස්ථානාධිපති අශෝක වෛද්‍යරත්න ,දික්කුඹුර සිද්ධාරථ විද්‍යාලයේ විදුහල්පති පී.ජී.පේ‍්‍රමරත්න,ගාමණි උපුල් ශාන්ත,රත්නසිරි කෝරලගේ,තිත්තගල්ලේ ගුණරත්න,යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වුහ.

1 comment:

  1. ඉස්සර අපිත් වොලිබෝල් වලට යනවා ,, , මේ වගේ ලිපි වලින් අපේ ගම් ප්‍රදේශ වල පුංචි පුවතක් වුනත් ලෝකෙටම පේන්න අපිට දාන්න පුළුවන් ,, නියමයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...