Sunday 3 November 2013

දරුවන් සාහිත්‍යයෙන් ස්ටාර් කෙනෙක් කරමු

සංගීතය සාහිත්‍ය නැති අය අන්දෙකක් වලිගයක් නැති ගොනා හා සමාන බව රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ  ජේෂ්ඨ කථීකාචාර්ය්‍ය මොරකන්දගොඩ ආරියවංශ හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ කොග්ගල මාටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාර පරිස්ශ්‍රයේ පසුගිය (31) පැවැති ගාල්ල දිස්ත්‍රික් සාහිත්‍ය කලා මංගල්‍යය එක්වෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදස් දැක්වූ උන්වහන්සේ දකුණට රෝහනයට සාහිත්‍යය ආරම්භය තුළ අයිතියක් ඇති බවත්, එහි ඉහලින්ම ඉන්නා  මුල් පුරුකක් ලෙස මාටින්වික්‍රම සිංහයන් පෙන්වා දිය හැකියි.
මාටින්වික්‍රමසිංහයන්ගේ දැනුම කලකින් කෙනෙකුට පහල නොවන දැනුමක්. මේ රෝහනයේ සිටි මහා ගත්කරුවා ආශ්‍රයකළ සහිත්‍යදරයන් බොහොමයක් සිටීනවා. එහෙත් අද සමාජයේ සංගීතය සාහිත්‍ය නොදන්නා පිරිස වැඩි වී තිබෙනවා. නාට්‍ය සංගීතය රසවිඳින්න බැරි මිනිසුන් හරියට නාට්‍ය ශාලාවේ ඇති ගල් කණුවලට සමාන කරන්න පුඵවන්.
දැනුම වර්ධනය වන්නේ, මිනිසුන් පිරිපුන් වන්නේ නිරන්තරව කියවීමෙන් හැමවිටම කියවන්න අනාගත දරුවන් පුරුදු පුහුණුවිය යුතුයි. අද ළමුන් වැඩි වශයෙන් මාටින් වික්‍රමසංහයන් ,පරණවිතාරණයන් වැනි උගතුන් ලියු පොත් කියවීමට හුරුවිය යුතුයි. කියවීම අපේ ඒකායන අරමුණ වියුතුයි ,රටේ ප්‍රබලත්වය ළමුන් වියයුතුයි.
මේ නිසා දරුවන් සාහිත්‍යයෙන් ස්ටාර්වෙන්න නැත්නම් සුපර්ස්ටාර් වෙන්න, හිත්තුල සාහිත්‍ය ගොඩනගමු කියා පැමිණසිටි පිරිසගෙන් උන්වහන්සේ ඉල්ලා සිටියා.
මෙහිදී  ආචාර්ය ඩබ්ලිව්.ඒ අබේසිංහ මහාතා විසින් සිදු කෙරෙන මඩොල්දුව හරහා යොවුන් නව කථාවට යන  දේශනයත්, ජනශ්‍රැතිය හා ගීතය පිළිබඳව රත්නශ්‍රී විජේසිංහයන් ඉදිරිපත් කරණ දේශණ වලින්ද උළෙල අර්ථවත් වු අතර මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවා විතාරණ මහතා,ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම,ගාල්ල ක්‍රමසම්පාද අධ්‍යක්ෂිකා පුෂ්පා මලලසේකර,හබරාදුව ප්‍රාදේශීය ලේකම් අයේෂා ගුණතිලක මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, ගාල්ල දිස්ත්‍රික්ක් සාහිත්‍ය කරුවන්, කලා කරුවන් ඇතුළු දේශපාලන අධිකාරියේ ආරාධිතයන් ,ගුරුබවතුන් සහ පාසල් දරු දැරියන්,රජයේ නිලධාරීන් ද සහභාගි වුහ.
@ ලංකින්ද නානායක්කාර





           

3 comments:

  1. මගේ වෑයමේ පළමු ලේඛකයා ඔබයි ලන්කින්ද? මගේ සුබ පැතුම් පෝස්ට් එක ඔබටම පබ්ලිෂ් කළ හැකියි. එයට උත්සාහ කරන්න. අක්ෂර වින්‍යාෂය ගැනද සැලකිලිමත් වන්න. මේ ලිපි මට සබ් කරන්න අමාරුයි.

    ReplyDelete
  2. ලංකින්ද3 November 2013 at 08:20

    පලමු උත්සාහයනේ ඉදිරියට හදාගමු

    ReplyDelete
  3. මට මෙහෙ දේවල් තමයි ලියන්න වෙන්නේ නලින් අයියේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...