Monday 4 November 2013

දරුවන්ට පහර දුන් මවත් පියාත් උසාවි යයි ...


                             තමන්ගේ මවගෙන් සහ පියාගෙන් පහර කෑමට ලක්වුණ බිළිදුන් දෙදෙනෙක් අද රෝහල් කළා ,, මේ සිද්දිය ඊශ්‍රායල් වල සිද්ද වුනේ ,, මේ දරුවන් දෙදෙනාම බිළිදුන්,,, අම්මා තාත්තා  ඉතාම තරුණ දෙන්නෙක් ,,දරුවන් රෝහල් ගත කර දෙමාපියන් උසාවි දැම්මා ,, මේ රටේ දරුවන් වෙනුවෙන් රජය ගොඩක් කැප වෙනවා ,, වචන වලින් විතරක් නෙමේ ,, රජය නිතරම දරුවන් ගැන හොයා බලනවා ,, නිතර රුපවාහිනී වෙළද දැන්වීම් වල පවා දරුවන්ගේ වටිනාකම කතා කරනවා ,,,ඒ වගේම දරුවන් අඩන අවස්ථාවල මේ ආකාරයට අකාරුණික විදියට දරුවන්ට සැර කරන දෙමාපියන්ගේ ක්‍රියාවන් වීඩියෝ ගත කර පොලීසියට ඉදිරිපත් කරන්න කියලා නිතර මිනිස්සු දැනුවත් කරනවා ,, ඒ ආකාරයට තමයි මේ දෙමවුපියන්ටත් උසාවි එන්න සිද්ද වුණේ,, 
                                       මේ රටේ දූදරු  සබඳතා ඇත්තටම අපේ රටවල් එක්ක බලද්දී සෑහෙන්න වෙනස් ,, ඒ ගැන වෙන ලිපියකින් ලියන්නම් පුංචි කාලේ අහලා තියෙනවා අපි අයිති දෙමවුපියන්ට නෙමේ ආණ්ඩුවට කියලා ,, ඒ කථාව මතක් වුණා මේ පුවත දැකපු වෙලාවේ ,, "හරි වරද නොතේරෙන කිරිකැටියන්ට රිදවන සහ දඩුවම් කරන පුද්ගලයන් මානසික ව්‍යකුලතා ඇති අය කියලා මං මුලින් හිතන් හිටියේ ඒත් මේ දෙමවුපියෝ එහෙම අය නෙමේ ,,, කාලයත් සමග සියල්ල වෙනස් වෙද්දී දාරක ප්‍රේමයනුත් වෙනස් වෙනවද ,,, කියලා හිතුණා. හ්ම්ම්ම් ,, 




අන්තර්ජාලයෙන් 










20 comments:

  1. මේ මිනිස්සු දරුවන්ට පහර දීලා බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලනම් මට හිතා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට අඩු පුංචි දරුවෝ දෙන්නම,, අඩද්දී කරදරේ නිසා අත් වලින් හොල්ලනවා අඩන්න එපා කියකියා ,, ඒ කෑගහන සද්දෙට බයට තව කැගහලා අඩනවා ,, අනේ මන්දා ශානු

      Delete
  2. "පුංචි කාලේ අහලා තියෙනවා අපි අයිති දෙමවුපියන්ට නෙමේ ආණ්ඩුවට කියලා "

    හරියටම හරි..
    ඒකනෙ රජයට කඹුරන සෝමරත්න දිසානායක අන්කල් එයාගෙ චිත්‍රපට වලට ඕනෙ ඕනෙ විදිහට ලමයින්ව අපයෝජනයට ලක් කරන්නෙ (සමනළ තටු/ සූරිය අරණ)

    ReplyDelete
    Replies
    1. එහෙමද ? මන් කීවේ බිළිදුන් ගැන අවුරුද්දට අඩු ,

      Delete
  3. "පුංචි කාලේ අහලා තියෙනවා අපි අයිති දෙමවුපියන්ට නෙමේ ආණ්ඩුවට කියලා "

    හරියටම හරි..
    ඒකනෙ රජයට කඹුරන සෝමරත්න දිසානායක අන්කල් එයාගෙ චිත්‍රපට වලට ඕනෙ ඕනෙ විදිහට ලමයින්ව අපයෝජනයට ලක් කරන්නෙ (සමනළ තටු/ සූරිය අරණ)

    ReplyDelete
  4. මටනම් හිතා ගන්න බෑ.
    හැබැයි මන් මෙහෙම දේකුත් දකිනවා "හැදි නොගහා හදන හොද්දයි නොගහා හදන දරුවයි දෙකම හරියට හැදෙන් නෑ කියනවනෙ" ඒ වගේ දරුවෙක්ට දඩුවම් කිරීමේ අ‍යිතිය මාපියන්ට් හිමිවිය යුතුයි. නමුත් එය අමානුශික නොවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. නැහැ ප්‍රියා මේ දරුවෝ හොද නරක නොතේරෙන වයසේ ඒකයි ,, අවුරුද්දට අඩු ,, අම්මලා මහා හයියෙන් කෑගහල කියනවා "අඩන්න එපා කියා කියා ගහනවත් එක්ක ,, ඒකයි "

      Delete
    2. ඒතරම් අඩු වයසක දරුවෙක්ට නම් දඩුවම් දීම අනුමත කරන්න බෑ කොහෙත්ම.
      මං හිතන්නෙ ලොකු ළමයෙක්ට උනත් දඩුවම් දියයුත්තෙ ඒ දරුවාව හදා ගැනීමේ අරමුණෙන් මිසක් උන වරදකට පලි ගැනීමේ චේතනාවෙන් නොවේ.
      කොහොම උනත් දරුවන්ට අමානුශික ලෙස පහර දීමට නම් දෙමාපියන්ට කොහෙත්ම අයිතියක් නැත.

      Delete
    3. ඔව් ප්‍රියා ඒක සෑහෙන්න මෙහෙ සිද්ද වෙනවා ,, අම්මලා තාත්තලා කාර්‍යබහුල ජිවන රටාවත් එක්ක දරුවන්ගේ පුංචි ඇඩිමක් පවා බරක් විදියට ගන්නේ ,, හරිම සංකීර්ණ ප්‍රශ්නයක්

      Delete
  5. බිළිදුන්ටනං තේරෙන්නේ නැ තමා එයාලට හිරිහැර කරන එකනං නරකයි .

    ඒ උනාට මේ ලොකු ළමයිනං දැන් හැදෙනවා කමකට නැ , දඩුවමක් නොකරම බැ , අනේ මන්දා දැන් ඔය එක එක සීන් එනවා දරුවෝ හදන්නේ මෙහෙමයි , ගහන්ඩ බයින්ඩ එපෘ , අරක කොරන්ඩ මේකකොරන්ඩ , අරක එපා මේක එපා කිය කියා , එහෙම හදන එවුන් අනේ මන්දා මේ ලෝකේ රහක් නැ , මනුස්සයෙක්ට ආදරයක් කරුනාවක් නැ , මහ පඩත්තල කමට හැදෙන්නේ ,

    ඉස්සර ඔය මොන මගුලක්වත් නැ , අතට අහුඋන එකෙන දමලා අරිනවා , ගස් බදිනවා , දිමි ගොටු දානවා , මිරිස්ගුලි තවරනවා , එක පවුලේ හත් අටදෙනා හැදුනේ ඔය යසට , ලස්සෙට කොඩි නොදැම්මට උන් මනුස්සයෝ උනා රටට ආදරේ කරා , ගමට ආදරේ කරා , ගමේ කොයි කුස්සියෙනුත් ළමයෙක් බත් ජුංඩක් කැවට කාටවත් ඇම්මක් තිබුනේ නැ .

    නවින දරුවන් තනන ක්‍රමයෙන් වෙන්නේ මනුස්සයෙක් ගොඩ නගන එක නෙමෙයි , සාර්ථක විය්‍යපාරිකයෙක් හදන එක .

    අපිට අවශ්‍ය දරුවෝ මිසක් යන්තර නෙමෙයි ,

    මේක මේ පෝස්ට් එකට අදාල නැද්ද මන්දා ,

    ReplyDelete
    Replies
    1. නැහැ අයියේ පෝස්ට් එකට අදාලයි හැමදේම , මං ඉතාම කෙටියෙන් අදාළ සිද්දිය විතරක් ලීවට මේක ගොඩක් සංකීර්ණ ප්‍රශ්නයක් ,, දෙමව්පියන්ගේ මානසික මට්ටමේ ගැටළුවක් ,,

      Delete
  6. ඒයි මොකක්ද හලෝ මේ බ්ලොග් එක

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න එපා අටං.. මේක යුනිකේතවලට ලැදි හැමෝගෙම අඩවියක්.

      Delete
  7. ධාරක කියන්නෙ දරාගෙන සිටීම,එතකොට ධාරක ප්‍රේමය කියන්නෙ දරාගෙන සිටීමේ පෙම.
    දරුවන්ට ඇති ප්‍රේමය නම් දාරක ප්‍රේමයයි.ධාරක දාරක යනුවෙන් නිවැරදි විය යුතුයි.නලින් මෙව්ව දැක්කෙ නැද්ද මංදා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි හලප අයියේ මම මේක කියෙව්වේ දැන් තමා. වරද හදාවි දැන්... එක්කෝ හදනවට වඩා හොදයි තියන එක ඉදිරියෙන් නිවැරදි වදන වෙනත් පාටකින් දාල තියන එක. මේ බ්ලොගට ලියන කෙනාටම තම ලිපි රිසිසේ අප් ලෝඩ් කරන්න හැකියි

      Delete
    2. //නලින් මෙව්ව දැක්කෙ නැද්ද මංදා.// ඔයා මේක විතරද කියෙවුවේ? සතුටුයි එක වරදක් විතරක් දැකීම ගැන ..

      Delete
  8. වැරැද්දක් කලොත් අනිවාර්යයෙන්ම දඩුවම් කරන්න ඕනෙ. ඒක ඊයෙද අදද හෙටද කියන එක වැදගත් නෑ
    අපි මේ සමාජයේ අද මනුස්සයන් විදිහට ජීවත් වෙන්නෙ එදා අපෙ තාත්ත අම්ම ගුරුවරු දුන්න කෝටු පාරට වේවැල් පාරට පින් සිදු වෙන්න. හැබැයි වැරද්දට අනුව දඩුවම තීරණය කල යුතු වගේම දඩුවමේ ස්වභාවයද තීරණය කල යුතුයි. මට මතකයි දවසක් අපේ එළවලු කොටුවෙ තිබුණු ලිදකට පැනල අපේ අයියලා නානව දවසක් මාත් තාත්තගෙන් ඇහුව ලිදට පැනල නාන්නද කියල තාත්ත එපා කිව්ව. මම මොකද කරේ තාත්තට හොරෙන් ලිදට පැනල නෑව .ටික වෙලාවක් යනකොට තාත්ත ආව නිකං නෙමේ සරුවට හැදිච්ච මඤ්ඤොක්ක දණ්ඩකුත් අරගෙන.අර දණ්ඩ කැඩෙනකම් ගැහැව්ව.අම්මවත් හිටියෙ නෑ මාව බේරගන්න. ගෙදර ගියාට පස්සෙ අම්ම තෙල් ගාල ඇතුල්ලුව.අන්න දඩුවම්. ඒත් දැන් හිතෙනවා ඒ දඩුවම් සැර වැඩියි කියල. ඒත් මම ලිදට වැටිල මොනව හරි උනානම් මොකද කරන්නෙ.තාත්තට දරාගන්න පුළුවන් වෙයිද.සමහරු හිතන්නෙ තාත්තලා දරුවන්ට දඩුවම් කරන්නෙ ආදරේ නැතිකමටය කියල. ඒක දන්නෙ තාත්ත කෙනෙක්ම විතරයි කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මෙයාලා ළදරුවෝ ,,, අවුරුද්දට අඩු ,, අඩන්න එපා කීවට තේරෙන්නේ නැති වයසේ කිරි දරුවෝ ,, එයාලට දඩුවම් කලයුතුයි කියලා කොහොම කියන්නද අයියේ

      Delete
  9. ඒ අඩු මානසිකත්වයක් තියෙන නිසා කරන දේවල් ඒකයි ඒ

    ReplyDelete
  10. Wrong principles
    Wrong messages
    bizarre human beings

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...