Wednesday 6 November 2013

ගාල්ල බද්දේගම වල්පිට එස්ටේට් හි ක්ශේත්‍ර නිළධාරී මහත්මා සිය දිවි නසා ගත්තේ ඇයි?



ගාල්ල බද්දේගම වල්පිට එස්ටේට් හි ක්ශේත්‍ර නිළධාරී මහත්මයකු  විලිපිට එස්ටේට් ආයතනයේ අභ්‍යයන්තර පරීක්ෂණයකින් වැරදිකරුවකු කිරීම නිසා තම නිවසේ කාමරයක ගෙල වලලාගෙන මිය ගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල බද්දේගම රදේශයේ පදිංච් කේ.ජී. වජිර ප්‍රේෙමලාල් මහතාය. (44) ඔහු වල්පිට එස්ටේට් හි ක්ශේත්‍ර නිළධාරී මහත්මයකු  ලෙස සේවය කර ඇත.
පසුගිය කාලය තුල වල්පිට එස්ටේට් හි ලක්ෂ හයක් පමණ වටිනා රබර් රොටි නැතිවීම පිළිබදව ආයතනය මඟින්  සිදු කල අභ්යන්තර පරීක්ශණයකදී අදාල බඩු තොගය ඔහු භාරයේ තිබු නිසා එහි වගකීම ඔහුට පැවරී ඇත.
කේ.ජී. වජිර පේරමලාල් මහතා දෙදරු පියෙකු වන අතර ඔහුට වයස අවුරුදු 5 හා 11 දියණියන් දෙදෙනෙකු සිටී. මහතාගේ බිරිද බද්දේගම රාමීය බැංකුවේ සේවය කරන ජී.වී. ලීලා මහත්මියයි.
තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් ඇය මෙසේ පවසයි,
මගේ මහත්මයා කවදාවත් හොරකමක් කරන කෙනෙක් නෙවෙයි. එයාට මේක දරා ගන්න බැරි වුනා. වත්තේ සේවකයින් දන්නවා කවුද මේ හොරකම කරේ කියලා. ඒකට වන්දි ගෙවන්න උනේ අපිට. මහත්තයා මමයි දරුවෝ තුන්දෙනයි දාලා හවස හතෙන් පස්සේ එලියට වත් බහින්නේ නෑ. එයා රැුකියාවට හරිම අවංකයි. වතු අධිකාරී එයාට කියලා තියෙනවා පරීක්ෂනයෙන් ඔයා ගත්තා කියලා ඔප්පු වෙලා තියෙන්නේ සම්පුර්ණ මුදල ඔයාට ගෙවන්න වෙනවා කියලා. ඊට පස්සේ එයා මහත්තයාට කරදර කරලා තියෙනවා මේ මුදල් ගෙවන්න කියලා. අපි ගත්තේ නැති මුදල් කහොම ගෙවන්නද? හිතේ අමාරුවට තමයි මහත්තයා මේ වගේ දෙයක් කර ගෙන තියෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු වල්පිට වතු සේවිකාවක් වු එස්. චන්ද්රානි මහත්මිය,
පේරමලාල් මහත්තයා හරිම අවංකයි. මහත්මයාට සාධාරණය වෙනකන් අපි වැඩ කරන්නේ නෑ. සාධාරණ මිනිහට අද තැනක් නෑ. මේ හොරකම කරපු කෙනා අදත් වත්තේ හිටියා. අපි එයාව අද අල්ලගන්න හදනකොට පොලිසියේ මහත්වරු කිව්වා එයාට අසාධාරණයක් කරන්න බෑ කියලා වත්තෙන් පිටකරා. අපි අවුරුදු 17 වත්තේ වැඩ කරලා තියෙනවා. නියම හොරා අත්අඩංගුවට ගන්නා තුරු අපි වැඩට එන්නේ නෑ.
කෙසේ නමුත් අප කල විමසුමට වල්පිට එස්ටේට් හි වතු අධිකාරී උපුල් රත්නායක මහතා මෙසේ පැවසීය,
මම ඔය කියන කතාව සම්පුර්ණයෙන්ම රතික්ශේප කරනවා. ඔක්තෝබර් මස මාසික තොග ගණනය කිරීමේ දී රබර් කිලෝ 1700 පමණ අඩුවක් තිබුනා. මම ඉන් අනතුරුව අදාල අඩු වීම පිළිබදව දින හතක් ඇතුලත මට නිදහසට කරුණු ලබා දෙන්න කියලා පේරමලාල් මහතාට ලියුමක් දුන්නා. ඊට අමතරව මම සල්ලි ගෙවන්න කියලා තර්ජනය කිරීමක් එයාගේ වැඩ තහනමක් වත් මම කරේ නෑ. මම අවු 30 රාජකාරී කාලය තියෙනවා. මේ වගේ දෙයක් වුනු පලමු අවස්ථාව. ඔහු ගෙල වළලාගත් දිනයේ මම හිටියේ රාජකාරී නිවාඩු පිට. ඔය සිද්දිය සම්බන්ධයෙන් මම තර්ජනය කරා කියලා පොලිසියේ පැමිණිල්ලක් වත් නෑ. මම සිද්දියෙන් පසු නිවසටත් ගියා අවස්ථාවේ දීවත් අය එහෙම කිව්වේ නෑ. නමුත් මාධ්යයට කියපු ඒවා ගැන මට පුදුමයි.

 කේ.ජී. වජිර පේරමලාල් මහතාගේ බිරිද හා දියණියක්


මියගිය
කේ.ජී. වජිර පේරමලාල් මහතා


විල්පිට එස්ටේට් හි වතු අධිකාරී උපුල් රත්නායක මහතා

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...