Wednesday 20 November 2013

ගාල්ලේදී අඹු-සැමි යුවළක් ඝාතනය කෙරෙති


අක්මීමන, හලගස්මුල්ල අංකොක්කාල වැලිහේනේ  ප‍්‍රදේශයේ තේ ඉඩමක දී අඹුසැමි යුවළක් කපා කොටා ඊයේ(19) රාත්‍රී ඝාතනය කර තිබේ. 19 රාත‍්‍රී මෙම යුවළ මරාදමා ඇති බව පොලිසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල, 50 හැවිරිදි ලාල් පි‍්‍රයන්ත හා 47 හැවරිදි අනුෂා ලියනගේ නැමති අඹුසැමි යුවළකි.

ඔවුනට එක් දියණියන් දෙදෙනකු සහ පුතුන් දෙදෙනකුද සිටිති. පුතුන් දෙදෙනා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

ඊයේ මෙම යුවළ මොවුන්ට අයත් හල්ගස්මුල්ල පිහිටි ඉඩමට පැමිණ යලි පෝද්දල නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඉඩමට පැමිණ ඇත. එහිදී මොවුන් කැපුම් තුවාල ලබා වැටී මියගොස් සිටියදී ඔවුන්ගේ මල සිරුරු තේ ඉඩමේ තිබියදී සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ ව්‍යාපාරිකයකු ලෙස සේවය කළ තැනැත්තෙක් සහ ඔහුගේ බිරියයි. ඝාතනය පිළිබද පොලිසිය මගින් පුළුල් පරික්ෂණයක් ආරම්හ කොට ඇත. මහේස්ත‍්‍රාත් පරික්ෂණය අද (20) දින පැවැත්විණි.

සිද්ධිය සම්බන්දයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැතිබව අක්මිමන පොලිසිය පවසයි.විශේෂ පොලිස් කණ්ඩායම් කිහියක් යොදවා මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.


@ඉමදුව කුමර

3 comments:

  1. අනේ පව් ,,මිනිස්සුන්ගේ හිත් වලට මොනවා වෙලාද මන්ද ,,

    ReplyDelete
  2. දරුවන් හතර දෙනෙකුට මවුපියන් අහිමි වෙලා...
    දැන් ඔවුන්ට කාගේ පිහිටක්ද?

    ReplyDelete
  3. යුවළක් ඝාතනය කළ 7ක් අත්අඩංගුවට
    Print Email
    Published on Sunday, 24 November 2013 12:12 Hits: 56
    ගාල්ල, උළුවිටිකේ, කිතුලම්පිටියේ පදිංචි යුවළක් ඔවුන්ට අයත් වැල්හේනේ පිහිටි තේ ඉඩමකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෝ 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර සැකකාරියන් තිදෙනකු ද වන බව පොලීසිය පවසයි.

    පසුගියදා 19 වැනිදා මෙලෙස ඝාතනයට ලක්වූ 50 හැවිරිදි ලාල් ප‍්‍රියන්ත හා 47 හැවිරිදි අනූෂා ලියනගේ නමැති දරුවන් සිව් දෙනකුගේ මාපියන් ය. අද සිදුකළ මෙහෙයුමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    මෙහි ප‍්‍රධාන සැකකරු වලස්මුල්ලේ දීද තවත් සැකකරුවන් තිදෙනකු අක්මීමන හලගස්මුලලේ දීද මෙම පිරිමි සැකරුවන්ට සහය දුන් බව කියන කාන්තාවන් තිදෙනකු ද හල්ගස්මුලලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    (සුනෙත් ගාල්ලගේ-ගාල්ල)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...