Thursday 21 November 2013

ධාවකයකු නොමැතිව ධාවනය වන ලංකාවේ පලමු මෝටර් රථය

නියමුවන් රහිත ගුවන් යානා අපගේ මතකයට එන්නේ මීට වසර කිහිපයකට පෙරයි. එනම් කුරිරු යුද්දයකින් රට වෙලාගෙන තිබු කාලයේ දීය. අද අප මාතෘ භූමිය නිදහස් නිවහල් රටකි. අප කියන්න යන්නේ නියමු රහිත ගුවන් යානා ගැන නොවුවත් මෙහි ධාවකයෙකු නොමැතිනම් රියදුරෙකු නොමැත. ඔබට මතක නම් මීට වසර 15 පමණ පෙර නැරඹු ගොව සුපතල නියිට් රයිඩර් කතා මාලාව එහි මයිකල් නයිට් විසින් පදවන කාරය මොවුන්ගේ නිර්මාණය තරමක සමාන කමක් දක්වයි.
ගාල්ල ඉමදු පදිංච් තිවංක සංජුන හා විහංග සංජුන යන පුතුන් දෙපල තවමත් භද් යෞවන වියෙහි පාමුල සිටින මොවුන් දෙදෙනා ලබන වසරේ උසස් පෙළ හදාරයි. ගාල්ල රිච්මන්ඞ් විද්යාලයෙනි. මොවුන් දෙපල නිවුන් දරුවන් වෙයි. විදුමවට මහත් ආඩම්බරයක් ගෙනා මේ පුතුන් දෙපල නිර්මාණය කර ඇති වාහනය ධාවකයෙකු නොමැතිව ධාවනය කල හැක. ලංකාවේ මෙවැන්නක් නිර්මානය වු රථම අවස්ථාව මෙයයි. නවීන තාක්ෂනය මොනවට යොදා ගනිමින් කර ඇති මෙම නිර්මාණය අනාගයේ කාර්ය බහුල සියඵ දෙනාට ඉතාමත් වටිනාකමකින් යුක්ත වන බව නොවනුමානයි.
තම නිර්මාණය පිළිබදව අදහස් දක්වන තිවංක සංජුන (18)





අපි දෙන්නට මෙවැනි නිර්මාණයක් කරන්න හිතුනේ හත වසරේ දී. එතකොට අපි බටේමුල්ල ජාතික පාසලේ ඉගෙන ගත්තේ. මුලින්ම මේ දේ හිතුනාම අපි දෙන්නා ගෙදරට හොරෙන් ගිහිල්ලා ගාල්ලේ තිබුන පරණ යඩක කඩයකින් පරණ එංජින් එකක් අරන් ආවා. අරන් ඇවිත් ඒක හදනකොට තාත්තාට අහුවුනා. පස්සේ අපි දෙන්න අම්මටයි තාත්තටයි විස්තරේ කිව්වා. ඉන් පස්සේ ඉදන් දෙන්නගේ සම්පුර්ණ සහයෝගය මේකට ලැබුනා. එංජින් එකට හරියන බොඩි එකකුත් ගෙනල්ලා ඒකත් සවිකරා.






මේකේ තියෙන මුලික විශේෂත්වයන් තමයි. සම්පුර්ණයෙන්ම ස්වයංකරීයව ධාවනය වීම. අපිට යා යුතු තැන GPS නැවිගේෂන් තාක්ශනය ඔස්සේ අදාල ගූගල් මැප් වලින් ලිපිනය ලබා දිය හැකිය. එවිට මෙම රථය අදාල ලිපිනය කරා ගමන් කරයි. සදහා කිසිම ආකාරයක දුරස්ථ පාලකයක් අවශ් වන්නේ නෑ. එසේම වාහනය අනතුරක් නොවී ගමන් කිරීම සදහාත් ඉදිරියේ ඇති බාධක දුනා ගැනීම සදහාත් සෝනාර් sonar එකක් යොදා ගෙන තිබෙනවා. ඒකෙන් සිදුවන්නේ සෝනාර් එකෙන් නිතරම අධි ශබ්ද තරංගයක් නිකුත් කරනවා. ඉදිරියේ භාධකයක් තියේ නම් ශබ්ද තරංගය ඉදිරියේ තිබෙන බාදකයේ වැදී නැවත පැමිණෙනවා නැවත පැමිණෙන කාලය අනුව  වාහනය එහි දු හා ඝනත්වය  දුනා ගන්නවා. මෙහි සෝනාර් 8 හයිකරලා තියෙනවා. ඒවා ඉදිරයේ 3, පසුපස 3, දෙපැත්තේ එක එක වශයෙන්. උදාහරණයක් විධියට කියනවා නම් ශබ්ද තරංගය නැවත වාහනයට පැමිණෙන වෙලාව තප් 1 නම් බාදකය හා වාහනය අතර දු මීටර් 1 යි. වගේම වාහනය ධාවනය වන අවස්ථාවක මාර්ගයේ වාහනයක් කැඞී තිබුන තත්වයක එම අවස්ථාවේ දීම මෙම වාහනය වෙනත් වාහනයකින් පසුකර යනවා නම් ඔහුට එම බාදකය පසුකරන්න ස්ථානයක් නොමැති වු විය එය එතන නතර වී නැවත බාදකය අයින් වු පසු ගමන් කරනවා. කිසි විටක මාර්ගයෙන් ඉවතට යන්නේ නෑ. මෙහි කැමරා 5 ක් හයි කරලා තියෙනවා. ඒවායෙින් අපිට ගූගල් මැප් හරහා අවශ් නම් වාහනයේ සජීවී ගමන නරඹන්න පුඵවන්. දැනට මෙහි ආසන දෙකක් තියෙනවා. සාමාන් ධාවනයේ දී මෙය පැයට කිලෝ මීටර් 95 වේගයෙන් ධාවනය කර හැකියි. ස්වයං රීය ධාවනයේ දී එය පැයට කිලෝ මීටර් 5 යි. එය එංජිම අනුව දියුණු කල හැකියි. දැනට මෙහි තිබෙන්නේ මැනුවල් එංජින් එකක්.
වගේම හදිසි ගං වතුර තත්වයක දී මෙහිි යට ඇති බැලූන් එක පිම්බෙනවා. ඒක සාමාන් වාහන වල තියෙන එයා බෑග් තරම් ඉක්මන්. ඊට පසු මෙය බෝට්ටුවක් වැනි පාවෙමින් අවශ් ගමනාන්තය දක්වා යනවා. සාමාන් මාර්ගයට ආවහම එය යලිත් හැකිලී සාමාන් තත්වයට එනවා. බැලූන් එක සාමාන් මාර්ගයේ දී ආරක්ෂාව සදහා දැලකින් ආවරණය කරලා තියෙන්නේ.
මෙහි තිබෙන තවත් විශේෂත්වයක් තමයි රොබෝ අත. හදිසි අවස්ථාවක වතුරේ යන වෙලාවක වතුර යට තියෙන කිසියම් දෙයක් ගැනීමට, හදිසි ගිනිගැනීමක ඇති කිසියම් දෙයක් බේරා ගැනීමට මෙය යොදා ගන්න පුඵවන්. මෙය අඩි හයක් දිගට දැනට තිබෙනවා. මෙහි ඇඟිලි 3 ක් සහිතයි.
නිර්මාණය පිළිබදව අදහස් දක්වන විහංග සංජුන (18)
වගේම මේක මීට වඩා දියුණු කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙහි පරිගණක තාක්ශනයට අපිට චාමර කන්නංගර අයියා උදව් කලා. වගේම රිච්මන්ඞ් විද්යාලයේ විදුහල්පති කර්නල් .එම්. එස් ඒකනායක මහතා ඇතුඵ ගුරු මණ්ඩලය විශේෂයෙන් සිහිපත් කල යුතුයි. වගේම රිච්මන්ඞ් විද්යාලයේ ආදි ශිෂ් සංගමය මේ සදහා උදව්  දුන්නා.DSI, HNB ඇෂුරන්ස් , එක්සයිඞ් බැටරි, මාතර සුජිත් ඉලෙක්ට්රොනික්ස්, යන ආතනත් අපිට සහයෝගය දුන්නා. වගේම අපේ ගමේ හැම කෙනාම දීපු සහයෝගය ඉතා වටිනවා. අපේ තාත්තා නැති වුනාට පස්සේ අපේ අම්මා තමයි මේ සියඵ දේට අපිට සහයෝගය දෙන්නේ අය ඉමදු සෞඛ් වෛද් කාර්යාලයේ සේවය කරනවා.
අපි මේ වාහනය සදහා දැනට පේට්රන්ට් අයිතියි සදහා ඉල්ලූම් කර තිබෙනවා. ඒවගේම මෙම මස 30දින සිට බන්ඩාරනායක සම්මන්තරණ ශාලාවේ පැවැත්වෙන සහසක් නිපැයුම් නව නිපැයුම් රදර්ශනයට අපි මෙය ඉදිරිපත් කරනවා.
එසේම ඔිනෑම කෙනෙකුට අවශ් නම් තමාගේ වාහනය මෙම උපකරණ සවි කරගන්න අපිට ඒකට උදව් කරන්න පුඵවන්.
මේ තුලින් අනාගතයේ කාර්ය බහුල වන පවුලකට තම දරුවා පාසල් යවන්න අවශ් නම් මාර්ගය ලබා දුන් විට කිසිදු කරදරයකින් තොරව වාහනය පාසල කරා යනු ඇත. කිසිවෙකුට මෙය සොරකම් කිරීමට නොහැක.
අපේ මීලඟ ඉලක්කය මෙම වාහනය අහසේ ත් ගමන් කල හැකි ආකාරයට සෑදීම දැනට පරීක්ශන කරමින් යනවා. සදහා විශාල මුදලක් අවශ්යයි. මේ සදහා අනුගරහයක් ලබා දෙන්නේ නම් ලෝකයේ දිය ගොඩ අහසේ යන පලමු වාහනය නිපදවීම අපේ අරමුණයි.
මෙම නිවුන් දරුවන්ගේ නිවස තුල සිටි හෝරා කිහිපය සැබවින්ම සුන්දර වුනා. නවීන තාක්ෂනික රම සොයා යන තරුණ පරපුරක් අප රට තුල සිටින බව අපි දනිමු. නමුත් ඔවුන් ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ හෝ යු ටියුබ් වීඩියෝ නරඹනවාට වඩා දෙයක් නොකරන කාලයක මේ දරුවන් දෙදෙනාගේ උත්සාහය හරිම අපුරුය. ඔවුන්ගේ අනාගත බලාපොරොත්තුව සාමාන් මට්ටමේ වෛද්යවරයෙකු ඉංජිනේරුවෙකු වීම නොවේ. ඔවුන් ඊට එහා දෙයක් ලංකාවෙන් ලෝකයට දීමට බලාපොරොත්තු ඇතිව සිටී. මෙවැනි වටිනා දරුවන් රැුක බලා ගැනීම බලධාරීන්ගේ යුතුමක්ද වනු ඇත
@ ලංකින්ද නානායක්කාර

1 comment:

  1. උසස් පෙළ කලා සිසුන්ට පමනක් නොවෙයි ඉන්ජිනේරුවන්ටවත් මේ වගෙ වාහනයක් හදන්න තරම් තාක්ෂනයක් නෑ.මේ වගෙ ආදර්ශ වාහනයක් ගූගල් කොම්පැනිය හදල තිබෙනවා ඒ පරීක්ෂණ මට්ටමින්.මේ දෙදෙනා ඊටත් එහා ගිහින්.
    සුළගින් දුවන වාහන,වතුරෙන් දුවන වාහන එහෙම හදපු අය ගැන අහන්න ලැබුණා පහු ගිය දවස්වල.මේවට පුදුමාකාර ප්‍රසිද්ධියකුත් ලැබුනා.මේ අය මේ වාහනේ අහසින් යන්න පුළුවන් විදියට ත් වැඩි දියුණු කරන්නලු යන්නෙ.ඒකට මුදල් අවශ්‍යලු.දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...