Sunday 17 November 2013

මීළඟ චොගම් මෝල්ටාවේ දී

මීළඟ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ (2015) සත්කාරකත්වය මෝල්ටාව වෙත හිමි වෙයි.

රාජ්‍ය නායක හමුවේදී මේ සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දුව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ආචාර්ය කමලේෂ් ශර්මා මහතා ඊයේ (17) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

සමුළුව පැවැත්වීමට මුරුසිය වෙත හිමි ව තිබූ අවස්ථාවට එහි රාජ්‍ය නායකයා මෙවර සමුළුවට සහභාගී නොවීම හේතුවෙන් මෝල්ටාවට හිමිව තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා මෝල්ටාව සමඟ නවසීලන්තය ද ඉදිරිපත්ව සිටියේය.

මේ අතර 2017 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළු සත්කාරකත්වය වනුආටු රාජ්‍යයට හිමිව තිබේ.

3 comments:

  1. මම මිලග චෝගම් එක හොදට කරන්න පුලුවන් වෙන්න කියල , සුභ පතනවා !! :ඪ්

    ඒ මොනා වුනත් , මට අර මුරුසි දිවයිනේ ජනාධිපති කිව්ව ලොකු ටෝක් නම් පොඩ්ඩක්වත් ඇල්ලුවේ නැ.
    අපේ සාමාජිකත්වය අහෝසි කරන්න හිතන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ ස්වාධීන නැගී සිටිමට බොහෝ දෙනෙක් අකමැතියි තමා

      Delete
    2. මට හිතා ගන්න බැරි මුරුසි වගේ රටකුත් , අපිත් එක්ක තරහා ඇයි කියලයි.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...