Saturday 16 November 2013

ගාල්ල අධ්‍යාපන කලාපයේ මානසික රෝගී ගුරුවරුන් පහලොස් දෙනෙකු සේවයේ යෙ දී සිටිනවා



ගාල්ල අධ්යාපන කලාපයේ මානසික රෝගී ගුරුවරුන් පහලොස් දෙනෙකු සේවයේ යෙ දී සිටිනවා යැයි ගාල්ල අධ්යාපන අධ්යක්ෂක සුසිල් පේරමනාත් මහතා පවසයි. මහතා එසේ පැවසුවේ පසුගිය 11 වනදා පැවති ගාල්ල දිස්තරික් සම්බන්ධීකරණ රැුස්වීමට සහභාගී වෙමිනි, මෙම රැුස්වීම දිස්තරික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන දකුණු පළාත් රධාන අමත් ශාන් විජයලාල් සිල්වා සහ සුඵ අපනයන බෝග නියෝජ් අමාත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ රධානත්වයෙන් ගාල්ල දිස්තරික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
එහි දී නියෝජ් කතානායක චන්දිම වීරක්කොඩි මහතා හබරාදුවේ පාසලක සිටින ගුරුවරයෙකු සිසුන්ට නොහොඹිනා අයුරින් කතා කරන බවත් ඔහුට තමා දන්නා පරිදි යම් මානසික රෝගී තත්වයත් තිබෙනවා යනුවෙන් පැවසු අතර සදහා විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී.
එහි දී අදහස් දක්වමින් ගාල්ල අධ්යාපන අධ්යක්ෂක සුසිල් පේරමනාත් මහතා කියා සිටියේ එවැනි මානසික රෝගී ගුරුවරුන් තම කලාපය තුල තවත් පහලොවක් පමණ සිටිනා බවත් අදාල පාසල සදහා වෙනත් ගුරුවරයෙකු අනියුක්ත කරන බවත්ය.
මෙහි දී සම සභාපති දකුණු පළාත් රධාන අමාත් ෂාන් විජේලාල් සිල්වා මහතා කියා සිටියේ එවැනි ගුරුවරුන් ස්ථාන මාරු කිරීම පමණක් එම රශ්නයට විසදුමක් නොවන බවත් ඔවුන් වෛද් පරීක්ෂනයකට භාජනය කර නිසි පියවර ගත යුතු බවයි.
@ලංකින්ද  නානායක්කාර

1 comment:

  1. මානසික රෝගී ගුරුවරුන්ට ස්ථානමාරැ දෙනඑකනෙමේ කරන්න ඕනා සේවය නවත්තලා ප්‍රතිකාර ලබාදීමයි කරන්න ඕනා. ස්ථාන මාරැ කිරීමෙන් වෙන්නේ යන තැනත් ගිහින් පිස්සු කෙලින එක.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...