Sunday 10 November 2013

ඩෙංගු මර්ධනය කරන්න තරා තිරම කුමක් වුවත් නීතිය ක්‍රියාත්මක කරන්න අම්පාර දිසාපති කියයි



 ඩෙංගු මර්ධනය කරන්න තරා තිරම කුමක් වුවත් නීතිය ක්‍රියාත්මක කරන්න

 අම්පාර දිසාපති කියයි



මෙම වසර තුල අම්පාර දිස්ත්‍රික්කයේ ඩෙංගු උවදුරින් පිඩාවට පත් වු සංඛ්‍යව 112 බව අම්පර මැලේරියා ප්‍රාදේශිය කාර්යාලයේ වෛද්‍ය රසික හසන්ත පෙනවාදෙයි.මසක පමන කාලයක සිට අම්පාර දිස්ත්‍රික්කට විටෙන් විට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අවට පරිසරය තුල ජලය රැදෙන ස්ථාන බහුල විය හැකි බැවින් ඩෙංගු මදුරුවන් බොවන ස්ථාන වැඩිවිය හැකි බැවින් අවදානය යොමු කරණ ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටි .
අම්පාර නගරයේ රාජ්‍ය ආයතන විස්සක පමණ ඩෙංගු මදුරුවන් බොවන ස්ථාන හදුනා ගෙන තිබෙන බවද එම ස්ථින පිළිබදව එම ආයථන නිළධාරින් අවදානය යොමු නොකිරිම මෙයට හේතුව බව වෛද්‍ය වරයා පෙනවා දෙයි.මේ පිළිබදව දැනුවත් කිරිම සදහා අම්පාර දිසාපති නිල්ද අල්විස් මහතාගේ මුලිකත්වයෙන් රාජ්‍ය අංශයේ ආයතන දැනුවත් කිරිමේ වැඩිටහනක් පවත් වන ලදි .


මෙම අවස්ථාවට අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශය ලේකම් වරුන් මහජන සෞඛ්‍ය පරික්කෂක වරුන් සිවිල් ආරක්ෂක කමිටු නියොජනය කරන පොලිස් නිළධාරින් සහ අම්පාර කොට්ඨාශ පරිසර ඒකකයේ නිළධාරින් එක්ව සිටිහ.
යම් රාජ්‍ය ආයතනයක් එම ආයතන අවට පරිසරය අපිරිදු අකාරයකින් මදුරුවන් බොවන පරිදි පවත්වන්නේ නම් එම ආයතන සදහා නීතිමය පියවර ගන්නා ලෙස එහිදි අම්පාර දිසාපති නිල්ද අල්විස් මහතා පොලිසියට සහ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් හට උපදෙස් ලබාදෙන ලදි.
අම්පාර පොලිස් පරිසර  ඒකකයේ ස්ථානාධිපති එස්. එම් .පි.සතරසිංහ මහතා පවසා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශ 1682 පරික්ෂා කල බවත් ගෘහ ඒකක 15762 පරික්ෂා කිරිමෙන් කිටයන් බෝවන ස්ථාන 146 හදුනා ගෙන තිබෙන බවත් පුදගලයින් 123 දෙනෙකු හට නඩු පැවරු බවත්ය.
ඉදිරි දිනයන්හිදි  ඩෙංගු මදුරුවන් බොවන ස්ථාන පිළිබද විශේෂ අවදානය යොමු කර කඩිනම්න පියවර ගන්නා බවත් පසුගිය දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ සිදු කරනු ලැබු ඉදිකිරිම් වල ශේෂ කොටස් තවමත් තිබෙන බැවින් එම ස්ථානය වල ජලය ජලය රැදිම හේතුවෙන් ඩෙංගු උවදුර වැඩවිය හැකි බැවින් එම ස්ථානය පිළිබද විශේෂ අවදානයක් යොමු කිරිමට සිදුවන බව. එම අවස්ථාවෙදි වෛද්‍ය රසික හසන්ත මහතා පෙන්වාදෙන ලදි.


                                                                                                       දිගාමඩුල්ල සමුහ චන්දන ලියනආරච්ච්

1 comment:

  1. පහුගිය ටිකේ ඔහෙට වපු නිසා ආයෙම ඩෙංගු හිස ඔසවන්න පටන් ගනී, එක මහා නරකම ලෙඩක් ,, ඒ වගේම එකේ වේදනාව දැනෙන්නේ තමන්ගේ පුලේ කෙනෙක් මැරුණම තමයි ,,

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...