Saturday 16 November 2013

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් 54 නියෝජිතයින් ඇමතූ ලාබාලතම කෙල්ල



රාජ්‍ය නායක නායිකාවනි, මාමේ නැන්දේ අද මේ තිබෙන පරිසර සම්පත් අපගේ ඉදිරි පරපුරට ත් පරිහරණය සදහා ඉතිරි කර දෙන මෙන් මා ඔබගෙන් ගෙරවයෙන් ඉල්ලා සිටිමු.
මෙම වැකියෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කමලේෂ් ෂර්මා  මහතා ඇතුඵ පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුඵවෙහි ජනතා සන්සදයට පැමිණි නායකයින් ගේ අත්පොලසන් නදින් ගාලු කොටු පවුරම දෙවනත් වන්නට ඇත.
එසේ පැවසු සුරතල් පුංචි දැරිය කවුද කියා සියඵ රටවල නියෝජිතයින්ට සිතෙන්ට ඇත. එතරම් මනරම්ව විනාඩි පහක පමණ කාලයක් රටවල් 54 ක නියෝජිතයින් ඉංග්‍රීසි භාෂාවෙන් ඇමතූ ඇය එම රාජ්‍ය නියෝජිතයින්ට කියා පෑවේ ආසියාවේ අශ්චර්ය කරා මේ පුංචි දිවයින යන ගමනේ දී අනාගතයේ රට භාර ගන්න අපවැනි දරුවන් දැන් සිටම සුදානම් බවකි.
කතාව සවන් දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජාතියේ ආඩම්බරකාර තාත්තා යැයි කියු වැකිය යලි යලිත් සිහියට නැගෙන්ට ඇත. සියඵ බාධක මැද මෙවැනි උළෙලක් කිරීමට රාජ්‍ය නායකයා ලෙස හැකි වීම පිළිබදව සතුටු වන්නට ඇත.
මේ පුංචි දියණිය ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවේ එනුරි උදාරා මහලියනගේ දැරිවියයි. තවමත් 5 වසරේ ඉගෙනුම ලබන ඇය ගිය වර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 163 රැගෙන පාසල් මෑණියන්ට ගෙෘරවයක් ගෙන එන ලදී.
නිවාස සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු ප්‍රියන්ත ගාමිණී මහලියන මහතාගේ සහ බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ ආචාරිනී හසන්ති උෘරලගමගේ මහත්මියගේ දෙවන දියණිය වන එනුරි පසුගිය දා පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුඵවේ ගාල්ලේ පැවති උත්සවය තම කතිකත්වයෙන් වර්වත් කරන ලදී.
රටවල් 54 නියෝජිතයින් ඇමතූ ඇය ඒ පිළිබදව මෙසේ පවසයි,
මට මේ උත්සවය පිළිබදව කිව්වේ අපේ පාසලේ විදුහල්පතිනියයි. පොදුරාජ්‍ය මණ්ඩලයීය නායක සමුඵව කියන්නේ රටකට ලැබෙන මහගු අවස්ථක්, ඒ මහගු අවස්ථාව දැන් අපේ රටට ලැබී තිබෙන බව ඊට කලින් මට තාත්තා කිව්වා. මටත් ආස හිතුනා බලන්න යන්න. ඒත් මෙහෙම දෙයක් ලැබෙයි කියලා හිතුවේ නෑ. මම කොහොමත් ආසාවෙන් හිටියා ජනාධිපති මාමා ගාවට යන්න. මේ උත්වසය නිසා මට ඒකට හැකියාව ලැබුනා. මට මුලින් ටිකක් බය හිතුනා විදුහල්පතිතුමිය ලග ඉදගෙන බය නැතිව කතාව කරන්න කිව්වා. ජනාධිපති මාමා ඉන්න නිසා කොහොමත් කතාව කරගෙන යනකොට බයක් දැනුනේ නෑ. හැමෝම අත්පුඩි ගහනකොට සතුටු හිතුනා.
ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ විදුහල්පති බ්‍ර.වේ.කර්නල් ශාන්ති සෙනවිරත්න මහත්මිය,
මම මෙම පාසලට ආපු පලමු දවසේ මේ දරුවා දෙක වසරේ ඇය මෙවැනි ම කතාවක් එදා කරා. මම දහතුන වසර වෙනකම් මේ පාසලේ ඉන්න කියලා. ඒ කතාවට මගේ ඇහැට කදුලුත් ආවා. මම හිතන්නේ එදා හිටපු නායකයින්ටත් ඇය ඒ කරපු කතාවට කදුඵ එන්න ඇති. අපේ ජනාධිපති තුමාට නම් අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඇති මොකද එතුමා ඉතාමත්ම සංවේදී නායකයෙක් නිසා.
@ ලංකින්ද නානායක්කාර



1 comment:

  1. නියමයි ලන්කින්ද මේ ලිපිය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...